ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 11:9 - Sinhala New Revised Version

ඒ අතර, සිරියාවේ රජු ටික කලකට මිසරය ආක්‍රමණය කර ආපසු සිය රටට පසු බසින්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු වනාහි දකුණු දිශාවේ රජුගේ රාජ්‍යයට විරුද්ධව පැමිණ, පසුව තමාගේ රටට හැරී යන්නේය.

පරිච්ඡේදය බලන්න



දානියෙල් 11:9
6 හුවමාරු යොමු  

කෙසේ වෙතත් සිරියා රජුගේ පුත්‍රයන් සටන් කොට, සේනාවන් මහ රාශියක් රැස්කර, ගලා යන ගංවතුර සේ කඩා බිඳ ඉදිරියට ගොස් සතුරු රජුගේ බලකොටුව දක්වා ආක්‍රමණය කරනු ඇත.


එවිට රජු ඉමහත් කෝපයෙන් ඉදිරියට අවුත් සිරියාවේ රජුට පහර දෙන්නේ ය. සිරියාවේ රජු මහා සේනාවක් සූදානම් කරගෙන ප්‍රතිප්‍රහාර දෙන නමුත්, ඒ සේනාව පරාජයට පත්වන්නේ ය.


“එකල මිසරයේ රජ බලවත් වන්නේ ය. ඔහුගේ අධිපතීන්ගෙන් එක් කෙනෙක් ඔහුට වඩා බලවත් වී ආණ්ඩු කරන්නේ ය. ඔහුගේ රාජ්‍යය බලසම්පන්න රාජ්‍යයක් වන්නේ ය.


ඔහු සිරියන්වරුන්ගේ දෙවිවරුන් ද වාත්තු රූප ද ඒ දෙවිවරුන්ට කැප කරන ලද අනර්ඝ රිදී රත්රන් බඩු ද පැහැරගෙන මිසරයට යන්නේ ය. ඉන්පසු ඔහු අවුරුදු ගණනකට සිරියාවේ රජුට පහර දීමෙන් වැළකී සිටින්නේ ය.


“කළු අශ්වයන් බැඳ සිටි රථය උතුරු දේශයටත්, සුදු අශ්වයන් බැඳ සිටි රථය බටහිරටත්, පුල්ලි ඇති අශ්වයන් බැඳ සිටි රථය දකුණු දේශයටත් දුඹුරු අශ්වයන් බැඳ සිටි රථය නැගෙනහිරටත් යන්නේ ය.”


මොවුහු බැටළු පෝතකයාණන්ට විරුද්ධ ව යුද්ධ කරන්නාහ. එහෙත් බැටළු පෝතකයාණෝ ඔවුන් පරාජය කරන සේක. මන්ද, උන් වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන් වහන්සේ ය; රජවරුන්ගේ රජාණෝ ය. උන් වහන්සේ සමඟ සිටින, කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝ ද, ඒ ජයග්‍රහණයට පංගුකාරයෝ වන්නාහ.”