Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 11:5 - Sinhala New Revised Version

5 “එකල මිසරයේ රජ බලවත් වන්නේ ය. ඔහුගේ අධිපතීන්ගෙන් එක් කෙනෙක් ඔහුට වඩා බලවත් වී ආණ්ඩු කරන්නේ ය. ඔහුගේ රාජ්‍යය බලසම්පන්න රාජ්‍යයක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 දකුණු දිශාවේ රජ නම් බලවත්වන්නේය; ඔහුගේ අධිපතීන්ගෙන් එක්කෙනෙක් ඔහුට වඩා බලවත්වී, ආණ්ඩු කරන්නේය; ඔහුගේ ආණ්ඩුව මහත් ආණ්ඩුවක් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 11:5
7 හුවමාරු යොමු  

“ඔහු ධෛර්යයත්, බලයත් උපදවාගෙන මිසරයේ රජුට විරුද්ධ ව මහා සේනාවක් ගෙන යන්නේ ය. මිසරයේ රජ ද අති විශාල බලසම්පන්න සේනාවක් සමඟ යුද්ධයට එළඹෙන්නේ ය. එහෙත්, ද්‍රෝ‍්හීන් විසින් ඔහුට විරුද්ධ ව යොදනු ලබන උපායයන් නිසා ඔහුගේ සටන සාර්ථක නොවන්නේ ය.


ඒ කාලවල දී බොහෝ දෙනෙක් මිසරයේ රජුට විරුද්ධ ව සටනට එළඹෙන්නෝ ය. දර්ශනයේ දැක්වෙන පරිදි නුඹේ සෙනඟ වන ජුදෙව්වරුන් අතරෙන් ත්‍රස්තවාදීහු ද ඉදිරිපත් වන්නෝ ය. එහෙත්, ඔවුන්ගේ අදහස ඉෂ්ට නොවන්නේ ය.


එවිට රජු ඉමහත් කෝපයෙන් ඉදිරියට අවුත් සිරියාවේ රජුට පහර දෙන්නේ ය. සිරියාවේ රජු මහා සේනාවක් සූදානම් කරගෙන ප්‍රතිප්‍රහාර දෙන නමුත්, ඒ සේනාව පරාජයට පත්වන්නේ ය.


“නියමිත අවසාන කාලයේ දී, මිසරයේ රජ ඔහුට විරුද්ධ ව පැමිණෙන්නේ ය. එහෙත්, සිරියාවේ රජු සුළි සුළඟක් සේ රථවාහන ද අසරුවන් ද බොහෝ නැව් ද සමඟ ඔහුට විරුද්ධ ව සටනට එළඹෙන්නේ ය. ඔහු ගලා යන ජලගැල්මක් සේ රටවල් උඩින් කඩා බිඳගෙන යන්නේ ය.


“කළු අශ්වයන් බැඳ සිටි රථය උතුරු දේශයටත්, සුදු අශ්වයන් බැඳ සිටි රථය බටහිරටත්, පුල්ලි ඇති අශ්වයන් බැඳ සිටි රථය දකුණු දේශයටත් දුඹුරු අශ්වයන් බැඳ සිටි රථය නැගෙනහිරටත් යන්නේ ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්