Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 11:9 - Sinhala Revised Old Version

9 ඔහු වනාහි දකුණු දිශාවේ රජුගේ රාජ්‍යයට විරුද්ධව පැමිණ, පසුව තමාගේ රටට හැරී යන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඒ අතර, සිරියාවේ රජු ටික කලකට මිසරය ආක්‍රමණය කර ආපසු සිය රටට පසු බසින්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 11:9
6 හුවමාරු යොමු  

දකුණු දිශාවේ රජ නම් බලවත්වන්නේය; ඔහුගේ අධිපතීන්ගෙන් එක්කෙනෙක් ඔහුට වඩා බලවත්වී, ආණ්ඩු කරන්නේය; ඔහුගේ ආණ්ඩුව මහත් ආණ්ඩුවක් වන්නේය.


හෙතෙම ඔවුන්ගේ දෙවිවරුන්ද ඔවුන්ගේ වාත්තු පිළිමද ඔවුන්ගේ අනර්ඝ රිදී රත්රන් බඩුද අල්ලා මිසරයට ගෙනයන්නේය. තවද ඔහු උතුරු දිශාවේ රජුගෙන් අවුරුදු ගණනක් වැලෙකනවා ඇත.


නුමුත් ඔහුගේ පුත්‍රයන් යුද්ධකරනවා ඇත, ඔවුන් මහත් සේනාවල් රාශියක් රැස්කරනවා ඇත. ඔහු ඉදිරියටම ඇවිත්, ජලය මෙන් ගලා යටකරගන්ටද හැරී ඇවිත්, ඒ අයගේ බලකොටුව දක්වාත් යුද්ධකරනවා ඇත.


දකුණු දිශාවේ රජද කෝපයෙන් උමතුව පිටත්ව ඇවිත් ඔහු සමඟ, එනම් උතුරු දිශාවේ රජු සමඟ, යුද්ධකරන්නේය. ඔහු මහත් සමූහයක් සූදානම්කරගන්න නුමුත්, ඒ සමූහයා ඒ අය අතට පාවාදෙනු ලබන්නේය.


එහි කළු අශ්වයන් බැඳ සිටින රථය උතුරු දේශයට පිටත්ව යයි; සුදු අශ්වයෝ එවුන් පස්සේ ගියෝය; ලප ඇති එවුවෝ දකුණු දේශයට ගියෝය.


මොව්හු බැටළුපැටවාණන්ට විරුද්ධව යුද්ධකරන්නෝය, බැටළුපැටවාණෝ ඔවුන් පරාජයකරනසේක, මක්නිසාද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රජවරුන්ගේ රජ්ජුරුවෝය; උන්වහන්සේ සමඟ සිටින්නෝද කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්