හැම මිනිසා ම සෙවණැල්ලක් වැනි ය; ඔහු කොයි දේ කළත් එය නිෂ්ඵල ය. ඔහු වස්තු රැස් කරතත්, ඒවා කාට හිමි වේ දැ යි නොදනියි.
දානියෙල් 11:4 - Sinhala New Revised Version ඔහු බලයට පත් වූ වහා ම ඔහුගේ රාජ්‍යය බිඳී කොටස් සතරකට බෙදී යන්නේ ය. ඔහුගේ දරු පරම්පරාවට කිසි උරුමයක් නොවන්නේ ය. ඔහුගෙන් පසු එන්නන්ට ඔහුගේ රාජ්‍යය වැනි රාජ්‍යයක් ඇති නොවන්නේ ය. ඔහුගේ රාජ්‍යය උදුරා දමනු ලැබ ඔවුන්ට නොව, අන්‍යයන්ට දෙනු ලබන්නේ ය. Sinhala Revised Old Version ඔහු සිටගත්තායින් පසු ඔහුගේ රාජ්‍යය බිඳී, අහසේ සතර හුළඟට බෙදෙන්නේය; නුමුත් එසේ වෙන්නේ ඔහුගෙන් පැවත එන්නන්ටවත් ඔහු ආණ්ඩුකළ පරාක්‍රමයේ හැටියටවත් නොවේ; මක්නිසාද ඔහුගේ රාජ්‍යය උදුරාදමන්ට යෙදී, මොවුන්ට පමණක් නොව අන්‍යයන්ටත් ලැබෙන්නේය. |
හැම මිනිසා ම සෙවණැල්ලක් වැනි ය; ඔහු කොයි දේ කළත් එය නිෂ්ඵල ය. ඔහු වස්තු රැස් කරතත්, ඒවා කාට හිමි වේ දැ යි නොදනියි.
කාත් කවුරුත් නැති ව, හුදකලා ව වසන කෙනෙක් ඇත. ඔහුට පුත්‍රයෙක් වත්, සහෝදරයෙක් වත් නැත; එහෙත්, ඔහුගේ සියලු ම වැඩකටයුතුවල නිමාවක් නැත; ඔහු තමා උපයන වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. “මම මෙසේ පණ නොතකා, වෙහෙස වී, සැපක් නැති ව වැඩ කරන්නේ කා උදෙසා දැ”යි ඔහු නොඅසයි. මෙය ද නිසරු දෙයකි, කාලකණ්ණි ජීවිතයකි.
තවද, මා ඔවුන් බේරාගත් පසු, මම යළිත් ඔවුන්ට අනුකම්පා කොට, ඔවුන් එකිනෙකා තමතමාගේ උරුමයටත්, තමතමාගේ දේශයටත් පමුණුවන්නෙමි.
එහෙත්, යම් ජාතියක් කීකරු නොවන්නේ නම්, මම ඒ ජාතිය උදුරාදමා විනාශ කරදමමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
මළකඳන් හා අළු දමන මුළු මිටියාවත ද කිද්‍රොන් මිටියාවත දක්වා ද නැගෙනහිර තිබෙන අශ්ව දොරටුවේ කොන දක්වා ද සියලු පිට්ටනි ස්වාමීන් වන මට ශුද්ධ වන්නේ ය. නගරය කිසි කලෙක උදුරනු නොලබන්නේ ය. හෙළාදමනු නොලබන්නේ ය.”
සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට, “බාරුක්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “බලන්න, මම ගොඩනැඟුවා වූ දෙය කඩාදමමි. මම සිටෙවූ දෙය උදුරාදමමි. මුළු දේශයට ම මෙසේ වන්නේ ය.
මම ඒලාම්ට විරුද්ධ ව සතර කොනෙන් සුළං සතරක් හමන්න සලස්වා ඒ සුළඟින් එහි වැසියන් හැම අතට ම විසුරුවා දමන්නෙමි. ඒලාම් රටෙන් පන්නනු ලබන අය පලා නොයන රටක් නොවන්නේ ය.
එවිට උන් වහන්සේ මට කතා කොට, “නුඹ ජීවන හුස්මට දිවැස් වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින් ජීවන හුස්මට කතා කොට, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. එම්බා ජීවන හුස්ම! සතර දිග සුළඟින් අවුත් මියගිය මොවුන් ජීවත් වන පිණිස මොවුන් තුළට ජීවන හුස්ම හෙළන්න කියා කියන්නැ යි මට වදාළ සේක.”
ඉන්පසු තවත් මෘගයෙකු දිටිමි. ඌ දිවියෙකු වැනි ය. පක්ෂි පියාපත් සතරක් උගේ පිටේ තිබුණේ ය. ඌට හිස් සතරක් ද තිබුණේ ය. ඌට බලය දෙන ලද්දේ ය.
ඒ අං දෙස මා බලා සිටිය දී, ඒවා අතරේ තවත් කුඩා අඟක් හටගත්තේ ය. එයට ඉඩ දෙන පිණිස පළමු වන අං තුනක් උදුරාදමනු ලැබී ය. මේ අඟට මනුෂ්‍ය ඇස් වැනි ඇස් ද පුරසාරම් දොඩන කටක් ද තිබුණේ ය.
ඒ අඟ බිඳී ගිය විට ඒ වෙනුවට තවත් අං සතරක් හටගත්තාක් මෙන් ග්‍රීසිය බිඳී ගොස් රාජ්‍යයන් සතරක් හටගන්නේ ය. එහෙත්, මේ එකක් වත් පළමු රාජ්‍යය තරම් බලවත් නොවන්නේ ය.
එළුවා මහා ආඩම්බරයෙන් සිය දස්කම් පෑවේ ය. එහෙත්, ඌ බලයෙන් අගතැන් පත් ව සිටිය දී උගේ මහ අඟ බිඳී ගියේ ය. ඒ වෙනුවට මහ අං සතරක් අහසේ සතර දෙසට නෙරා හටගත්තේ ය.
“එන්න, එන්න, උතුරු දේශයේ සිට පලා එන්න. මම නුඹලා සතර දිග් භාගයෙහි සුළං මෙන් විසුරුවා හරිමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
දේව දූතයා මට පිළිතුරු දෙමින් මෙසේ කී ය: “මේ වනාහි මුළු පොළොවේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිට, පිටත් ව යන අහසේ සුළං සතර ය.
උන් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන ඔවුන්ට කතා කොට, මෙසේ වදාළ සේක: “යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යය වැනසී යයි; යම් නුවරක් හෝ යම් ගෙදරක් හෝ ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒවා නොපවතියි.
එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතා කොට, ‘අඥානය, අද රාත්‍රියේ දී ඔබගේ ප්‍රාණය ඔබෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස් කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේ දැ’යි වදාළ සේක.
ඉන්පසු දේව දූතයන් සතර දෙනෙකු පොළොවේ සතර කොණේ සිටිනු දිටිමි. ඔව්හු ගොඩට වත් මුහුදට වත් කිසි ම ගසකට වත් සුළං නොවදින පිණිස පොළොවේ සතර දිග සුළඟ අල්ලාගෙන සිටියහ.