ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 9:7 - Sinhala New Revised Version

“පාළුකරයේ දී ඔබ දෙවි සමිඳාණන් වහන්සේ කුපිත කළ අන්දම අමතක නොකොට සිතේ තබාගන්න. මිසර දේශයෙන් පිටත් වූ දා සිට මෙතැනට එන තෙක් ම ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසුවහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“පාළුකරයේ දී ඔබ දෙවි සමිඳාණන් වහන්සේ කුපිත කළ අන්දම අමතක නොකොට සිතේ තබාගන්න. මිසර දේශයෙන් පිටත් වූ දා සිට මෙතැනට එන තෙක් ම ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසුවහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹ කාන්තාරයේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස් කළ හැටි සිහිකරන්න, මතක නැති නොකරන්න. නුඹ මිසර දේශයෙන් පිටත්වුණ දා පටන් මේ ස්ථානයට පැමිණෙන තෙක් නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 9:7
33 හුවමාරු යොමු  

පාරාවෝ ළං වූ විට ඉශ්රායෙල් ජනයා හිස් ඔසවා බලා තමන් පසුපස මිසර වාසීන් එනු දැක, මහත් සේ බිය වී සමිඳාණන් වහන්සේට මොරගැසූ හ.


ඔව්හු මෝසෙස්ට කතා කොට, “මේ පාළුකරයේ මැරෙන්නට අප ගෙනාවේ මිසරයේ මිනීවළවල් නැති නිසා ද? මිසරයෙන් අප පිටත ගෙනවුත් අපට මෙලෙස කරන්නේ මන් ද?


ඉශ්රායෙල් ජනයා මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව පාළුකරයේ දී මැසිවිලි කියන්නට වූ හ.


එවිට ඔව්හු මෝසෙස්ට අවලාද කියමින්, “අපට බොන්න වතුර දෙන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ මට අවලාද කියන්නේ ඇයි? ඔබ කුමක් නිසා සමිඳාණන් වහන්සේ පරීක්ෂා කරන්නහු දැ”යි ඇසී ය.


ඔහුට ගෞරව කරන්න, ඔහුගේ හඬට කීකරු වන්න. ඔහුට විරුද්ධ ව කැරලි නොගසන්න. මාගේ නාමයෙන් ඔහු ක්‍රියා කරන බැවින් ඔහු නුඹලාගේ වැරදි කමා නොකරන්නේ ය.


මේ ගැන කිසිවක් නුඹ ඇසුවේ වත්, ඒ ගැන දැනගත්තේ වත්, ඒ ගැන කිසිදු වචනයක් නුඹේ කනේ වැකුණේ වත් නැත්තේ, නුඹ විශ්වාස කළ නොහැකි බවත්, උපන් දා සිට නුඹ ද්‍රෝහියෙකු ව සිටි බවත් මා දැන සිටි නිසා ය.


මාගේ වචනවලට කීකරු නොවූ ඔවුන්ගේ පියවරුන්ගේ පාපවලට ඔව්හු ද වැටී සිටිති. ඔවුන් අන් දෙවිවරුන් අනුගමනය කර, ඔවුන්ට නමස්කාර කර ඇත. ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය මා ඔවුන්ගේ පියවරුන් හා සමඟ කළ ගිවිසුම කඩ කර ඇත.


ඉශ්රායෙල් සෙනඟ ද ජුදාවේ සෙනඟ ද ඔවුන්ගේ ඉතිහාසයේ පටන්ගැන්මේ සිට ම කෙළේ, මා ඇස් හමුයෙහි නපුරු දේ පමණකි. එසේ ය, ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් කෙළේ, මා ප්‍රකෝප කරවන දේ පමණක් ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


ජුදා දේශයෙහිත්, ජෙරුසලමේ වීදිවලත් කරන ලද නුඹලාගේ පියවරුන්ගේ දුෂ්ටකම් ද ජුදාහි රජවරුන්ගේ දුෂ්ටකම් ද ඔවුන්ගේ භාර්යාවන්ගේ දුෂ්ටකම් ද නුඹලාගේ ම දුෂ්ටකම් ද නුඹලාගේ භාර්යාවන්ගේ දුෂ්ටකම් ද නුඹලාට අමතක වී තිබේ ද?


එහෙත්, ඉශ්රායෙල් වංශය කාන්තාරයේ දී මට විරුද්ධ ව කැරලිගසා, මාගේ ආඥා අනුව නොහැසිර, මාගේ පණත් ප්‍රතික්ෂේප කළෝ ය. ඒවා ප්‍රතික්ෂේප නොකර, ඒවා පිළිපැදීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙනු ඇත. ඔව්හු මාගේ සබත් දවස් ද බොහෝ සෙයින් කෙලෙසුවෝ ය. එවිට ඔවුන් නැති කර දැමීමට කාන්තාරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවන්නට සිතුවෙමි.


එහි දී නුඹලාගේ සියලු කල්ක්‍රියාවන් ද නුඹලා ම අපවිත්‍ර කරගත් නුඹලාගේ සියලු ක්‍රියා ද නුඹලා සිහි කොට, නුඹලා කළ නුඹලාගේ සියලු ම නපුරු ක්‍රියා නිසා නුඹලාට ම නුඹලා පිළිකුලක් වනු ඇත.


එහෙත් ඔව්හු මට සවන් දෙන්න කැමැති නොවී මට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. ඔවුන් තම තමන්ගේ ඇස්වලට ප්‍රිය වූ අවකල්ක්‍රියා පහකරදැමුවේ වත්, මිසරයේ දේව රූප අත්හැරියේ වත් නැත. ඒ නිසා මම මිසර දේශයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි පමුණුවන්නට සිතුවෙමි.


නුඹලා ද නුඹලාගේ නපුරු මාර්ග සහ නුඹලාගේ අයහපත් ක්‍රියා සිහිකොට, නුඹලාගේ පව් ද නුඹලාගේ පිළිකුල් ක්‍රියා ද නිසා නුඹලා ම පිළිකුල් කරගන්නහු ය.


ඉශ්රායෙල් ජනයා අතර සිටි විදේශීහූ කෑම තණ්හාවට වසඟ වූ හ. ඉශ්රායෙල් ජනයා පවා හඬන්නට පටන්ගෙන, “අපට කෑමට මස් දෙන්නේ කවුරු ද?


‘ඒ මුළු සෙනඟ මාගේ මහිමාලංකාරය හා මිසරයේ සහ පාළුකරයේ මා කළ හාස්කම් දැක දැකත්, දස වාරයකට වඩා මා පරීක්ෂා කොට, මා හඬට සවන් නුදුන් බැවින්


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “කැරලිකාරයන් මට විරුද්ධ ව මැසිවිලි දෙඩීම නවත්වන්නේ නැත් නම්, ඔවුන් නසින බවට සලකුණක් වශයෙන් ආරොන්ගේ සැරයටිය සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියට යළි ගෙනෙන්නැ”යි වදාළ සේක.


සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින්, “මේ පාළුකරයේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අපට කන්නත් නැත, බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැ”යි පැවසූ හ.


මේ ස්ත්‍රීන් තමන්ගේ දෙවි දේවතාවන්ට පිදූ පුදපූජා සඳහා සෙනඟට ආරාධනය කළ විට, ඔව්හු ගොස් ඒ පිදේනි වළඳා, ඒ දෙවි දේවතාවන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය.


මන්ද, මම ප්‍රේරිතවරයන්ගෙන් ඉතා සුළු තැනැත්තා ය. දෙවියන් වහන්සේගේ සභාවට පීඩා කළ බැවින් ප්‍රේරිතයෙකැ යි කියනු ලබන්නට වත් මම නොවටිමි.


එබැවින් ඔබේ පෙර තත්ත්වය සිහි කරන්න. ඒ කාලයේ දී ඔබ ශාරීරික ලකුණක් නොලත් බැවින් විජාතිකයෝව සිටියහු ය. බාහිර පිළිවෙතක් නිසා තුමූ චර්මඡේදිතයෝ යයි කියාගත් අය විසින් ඔබ අචර්මඡේදිතයෝ යයි අවමන් කරනු ලැබුවහු ය.


මම ඔබේ කැරලිකාරකමත්, මුරණ්ඩුකමත් දනිමි. මා අද ජීවත් ව සිටිය දී ම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ කැරලිගසන්නහු නම්, මාගේ මරණයෙන් පසු කොපමණ වැඩියෙන් එසේ නොකරන්නහු ද?


තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් ඔබ පිළිපදින්නහු ද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස, මේ හතළිස් අවුරුද්ද තුළ පාළුකරය ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා, සෝදිසි කරමින් උන් වහන්සේ ඔබ ගෙන ගිය දීර්ඝ ගමන සිහි කරන්න.


මා ඔබ දැනගත් දා සිට ම ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසුවහු ය.


“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් නෙරපා දැමූ පසු, ‘සමිඳාණන් වහන්සේ මේ රට මට අයිති කර දීමට මා ගෙනාවේ මාගේ දැහැමිකම නිසා ය’යි නොසිතන්න. එසේ නොව ඔබ ඉදිරියට යන විට උන් වහන්සේ ඔවුන් පන්නා දැමුවේ මේ ජාතීන්ගේ දුෂ්ටකම නිසා ය.