Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 8:2 - Sinhala New Revised Version

2 තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් ඔබ පිළිපදින්නහු ද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස, මේ හතළිස් අවුරුද්ද තුළ පාළුකරය ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා, සෝදිසි කරමින් උන් වහන්සේ ඔබ ගෙන ගිය දීර්ඝ ගමන සිහි කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපනත් ඔබ පිළිපදින්නහු ද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස, මේ හතළිස් අවුරුද්ද තුළ පාළුකරය ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා, සෝදිසි කරමින් උන් වහන්සේ ඔබ ගෙන ගිය දීර්ඝ ගමන සිහි කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ යටහත්කර, නුඹ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා නුඹ රක්ෂාකරනවාද නැද්දැයි නුඹේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 8:2
46 හුවමාරු යොමු  

විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පාන කල එය වාසනාවකැ යි සලකන්න.


එසේ පීඩා කරනු ලබන්නේ, ඔබේ ඇදහිල්ල සෝදිසි කිරීමට ය. ගින්නෙන් පරීක්ෂා කරනු ලබන, විනාශ වන රනටත් වඩා අනර්ඝ ඔබේ ඇදහිල්ල, එසේ සෝදිසි කිරීමෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ එළිදරව් වීමේ දී ප්‍රශංසාව ද, මහිමය ද, ගෞරවය ද ඔබට ලැබෙනු ඇත.


පාළුකරයේ දී ඔබේ පියවරුන් පවා නොදත්, ‘මන්නා’ නමැති ආහාරයකින් උන් වහන්සේ ඔබ පෝෂණය කළ සේක. උන් වහන්සේ එසේ කෙළේ ඔබ යටහත් බවට පමුණුවා, ඔබ සෝදිසි කොට, අන්තිමේ දී ඔබට සෙත සලසනු සඳහා ය.


එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මම නුඹලාට අහසින් ආහාර වස්වමි. දිනපතා මිනිසුන් නික්ම ගොස් එදිනට අවශ්‍ය කොටස එකතු කරගත යුතු ය. මෙසේ ඔව්හු මාගේ නීතිය පිළිපදින්නෝ ද නැද්ද කියා මට ඔවුන් පරීක්ෂා කළ හැක.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ කළ සියල්ලෙහි දී ඔබට ආශීර්වාද කළ සේක. මේ මහා පාළුකරය මැදින් ඔබ ගිය ගමන උන් වහන්සේ දන්නා සේක. මේ අවුරුදු හතළිහ ම උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටිය බැවින් ඔබට කිසි ම අග හිඟයක් නො වී ය.


එසේ වුවත්, දේශයෙහි සිද්ධ වූ ආශ්චර්යය ගැන විභාග කරන්න බබිලෝනියේ අධිපතීන් ඔහු ළඟට තානාපතීන් එවූ කල, ඔහුගේ සිතුම් පැතුම් සියල්ල දැන ගන්න පිණිස දෙවියන් වහන්සේ ඔහු සෝදිසි කිරීමට පමණක් ඔහු අත්හැරිය සේක.


මෝසෙස් සමිඳාණන් වහන්සේට අයැදුම් කළ විට, උන් වහන්සේ ඔහුට ගසක් පෙන්නූ සේක. ඔහු එය ජලයට දැම්මේ ය; ජලය මිහිරි විය. තවද, උන් වහන්සේ එහි දී ඔවුන්ට නියෝගයක් හා පණතක් දුන් සේක; එහි දී ඔවුන් පරීක්ෂා කළ සේක.


සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යටහත් පහත් වන්න. එවිට උන් වහන්සේ ඔබ උසස් කරන සේක.


මිනිස් සිතෙහි ඇති දෙය උන් වහන්සේ දැන සිටි බැවින්, මනුෂ්‍යයා ගැන කිසිවෙකුගේ සාක්ෂියක් උන් වහන්සේට අවශ්‍ය නො වී ය.


එහෙත් උන් වහන්සේගෙන් එන වරප්‍රසාදය එයටත් වඩා බලවත් ය. එබැවින්: “දෙවියන් වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධ වී, යටහත් පහත් අයට කරුණාව දෙන සේකැ”යි ශුද්ධ ලියවිල්ල පවසයි.


සමිඳාණන් වහන්සේ ඔබට පාළුකරයේ දී හතළිස් අවුරුද්දක් මඟ පෙන්වූ සේක. ඔබ ඇඟ ලා ගත් ඇඳුම් පරණ නො වී ය. පය ලා ගත් වහන් පරණ නො වී ය.


මෙ‍ය මම ඔබට කියමි; දමිටු යයි ගණන් ගනු ලැබ ගෙදර ගියේ පරිසිවරයා නොව, මේ අයකැමියා ය. තමා ම උසස් කරගන්නා හැම දෙන ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේ ය.”


“තවද, අමෝරිවරුන්ගේ දේශය නුඹ ම හිමි කරගන්න පිණිස මිසර දේශයෙන් මුදා ගෙනවුත් සතළිස් වසක් තිස්සේ පාළුකරය මැදින් නුඹ ගෙන ගියේ මම ය.


ඒ දවස පැමිණි විට මිනිසාගේ අහංකාරය බිඳී යන්නේ ය; අභිමානය සිඳී යන්නේ ය; සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක.


රිදී සෝදිසි කර බැලීමට කෝවය ද රන් සෝදිසි කර බැලීමට උදුන ද ඇත; මිනිස් සිත සෝදිසි කර බැලීම සමිඳුන් අතේ ය.


සිය සෙනඟ පාළුකරය මැදින් ගෙන ගිය තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.


අපේ පියවරු මිසරයේ දී ඔබේ පුදුම ක්‍රියා තේරුම් නොගත්තෝ ය. ඔබේ අසීමිත ප්‍රේමය සිහි නොකළෝ ය. රතු මුහුද ළඟ දී මහෝත්තමයාණන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය.


විපතේ දී ඔබ අඬගැසුවහු ය; මම ඔබ නිදහස් කෙළෙමි. මම අහස් ගිගුරුමේ සිට ඔබට පිළිතුරු දුන්නෙමි. මෙරිබා දිය උල්පත ළඟ දී මම ඔබ සෝදිසි කෙළෙමි.


සමිඳුනි, ඔබේ තේජාන්විත ක්‍රියා මම සිහි කරන්නෙමි. ඔබ පෙර කළ අරුමපුදුම දේ මම කියා පාන්නෙමි.


එකල මිනිසා ඔහුගේ පාපයෙන් වළක්වන පිණිස, ඔහුගේ උඩඟුකම පහකරන පිණිස,


ඔහු තමාගේ විපතේ දී තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කොට, තම පියවරුන්ගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඉතා යටහත් වී,


එවැනි දිවැසිවරයෙකුගේ හෝ ස්වප්න තෝරන්නෙකුගේ හෝ කීම්වලට ඔබ සවන් නොදිය යුතු ය. මෙවැනි දේවලින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන් සහ ඔබේ මුළු සිතින් ප්‍රේම කරන්නහු දැ යි උන් වහන්සේ ඔබ පරීක්ෂා කරන සේක.


ඔවුන්ට බිය නොවන්න. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පාරාවෝ රජුට හා මුළු මිසරයට කළ දේවල් ද,


කඳවුරු බැඳීම සඳහා ස්ථානයක් ඔබට සොයනු පිණිස ඔබ ගිය මඟ උන් වහන්සේ ඔබට පෙරටුවෙන් ගමන් කළ සේක. මෙලෙස උන් වහන්සේ ඔබ යා යුතු මඟපෙන්වීම සඳහා රාත්‍රි කාලයේ දී ගින්නක් මෙන් ද, දිවා කාලයේ දී වලාකුළක් මෙන් ද ගමන් කළ සේක.”


සෙනඟට දැන්වීමට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල, ඔහු හතළිස් වන අවුරුද්දේ එකොළොස් වන මාසයේ පළමු වන දින ඉශ්රායෙල් ජනයාට කීවේ ය.


ඉනික්බිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින්, “ආබ්‍රහම්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “ස්වාමීනි මම මෙහි ය” කියා උත්තර දුනි.


තවද මම ඇගේ දරුවන් වනසාලන්නෙමි. එවිට, මිනිසුන්ගේ සිතුම්පැතුම් විමසන තැනැන් වහන්සේ මා බව, සියලු සභාවෝ දැන ගන්නහු ය. තවද, මම ඔබට එකිනෙකාගේ ක්‍රියා අනුව විපාක දෙන්නෙමි.


ඔහුගේ යාච්ඤාව ද දෙවියන් වහන්සේ ඔහුට ඇහුම්කන් දුන් හැටි ද ඔහුගේ සියලු පාපයන් ද ඔහුගේ ද්‍රෝහිකම් ද ඔහු යටහත් වන්න පළමුවෙන් ඔහු ඉදි කළ කඳු මත පූජාස්ථාන ද අෂේරා කප් කණු සහ කැපූ රූප සිටෙවූ ස්ථාන ද දර්ශකයන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයෙහි ලියා තිබේ.


ඉශ්රායෙල් ජනයා මනුෂ්‍ය පථයකට පැමිණෙන තෙක් අවුරුදු හතළිහක් මන්නා කෑ හ; එනම්, කානාන් දේශයේ සීමාවලට පැමිණෙන තෙක් ම ඔව්හු මන්නා කෑ හ.


ඔහු සෙනඟට උත්තර දෙමින්, “බිය නොවන්න; දෙවියන් වහන්සේ ඔබ පරීක්ෂා කරන පිණිසත්, ඔබ පව් නොකරන ලෙස උන් වහන්සේ කෙරෙහි බිය උපදවන පිණිසත් පැමිණි සේකැ”යි කී ය.


නුඹලාගේ දරුපරපුර අවුරුදු හතළිහක් තුළ මේ පාළුකරයේ ඒ මේ අත යමින්, නුඹලාගේ මළකඳන් පසට හැරෙන තෙක්, නුඹලාගේ අවිශ්වාසවන්තකම නිසා දුක් විඳින්නහු ය.


මෙසේ කරන්නේ, ඔවුන්ගේ පියවරුන් මාගේ මාර්ගය රක්ෂා කළ පරිදි, ඔව්හු ද ඒ මාර්ගයේ හැසිරෙන ලෙස එය රක්ෂා කරත් ද නැද්ද යනු ඒ ජාතීන් කරණකොටගෙන ඉශ්රායෙල් ජනයා සෝදිසිකර බලන පිණිස ය.”


ඔවුන් ඉතිරි කෙළේ, සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට අණ කර වදාළ උන් වහන්සේගේ ආඥාවලට ඔව්හු කීකරු වෙත් දැ යි ඒ ජාතීන් කරණකොටගෙන ඉශ්රායෙල්වරුන් සෝදිසි කරන පිණිස ය.


ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් පාළුකරයෙහි අත් නොහැරිය සේක. මාර්ගයේ ඔවුන් ගෙන ගිය වලා ටැඹ දවාලේ වත්, ඔවුන් යා යුතු මාර්ගයේ දී ඔවුන්ට එළිය දුන් ගිනි ටැඹ රාත්‍රියේ වත් ඔවුන් කෙරෙන් පහ නො වී ය.


මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ ය; මාගේ ආඥා ප්‍රකාර හැසිර, මාගේ පණත් අනුගමනය කර ඒවා පිළිපදින්න;


පැරණි යුග සිහි කරන්න. පෙර පරපුර සලකා බලන්න. පියාගෙන් අසන්න; ඔහු නුඹලාට කියා දෙනු ඇත. ප්‍රජා මූලිකයන්ගෙන් විමසන්න; ඔවුන් නුඹලාට දන්වනු ඇත.


මාගේ සිත, සමිඳුන් පසසන්න; එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.


‘මිසරයේ වහල්කමින් අප මුදා, වළවල් ගහණ වූ, නියඟ හා ගන’ඳුර ඇති, කිසිවෙකු ගමන්බිමන් නොයන, මිනිසුන් නොගැවසෙන දේශයක් වන, පාළුකරය මැදින් ගෙන ගිය සමිඳාණන් වහන්සේ කොහි දැ’යි ඔව්හු නොඇසූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්