මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.
ද්විතීය නීතිය 6:3 - Sinhala New Revised Version එබැවින් ඉශ්රායෙල්වරුනි, සවන් දී ඒවා පිළිපදින්න. එසේ කළොත්, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයෙහි ඔබට ශුභසිද්ධිය සැලසෙනු ඇත; ගණනින් ඔබ බහුල ව වර්ධනය වනු ඇත. Sinhala New Revised Version 2018 එබැවින් ඉශ්රායෙල්වරුනි, සවන් දී ඒවා පිළිපදින්න. එසේ කළොත්, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයෙහි ඔබට ශුභසිද්ධිය සැලසෙනු ඇත; ගණනින් ඔබ බහුල ව වර්ධනය වනු ඇත. Sinhala Revised Old Version එබැවින් ඉශ්‍රායෙල්, නුඹට ශුභ සිද්ධවන පිණිසත් නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවුණු ලෙස කිරි හා මීපැණි ගලායන දේශයකදී නුඹලා අතිශයින් වැඩිවෙන පිණිසත් එය අසා ඉෂ්ටකරන්ට බලාගන්න. |
මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.
ගණනින් පොළොවේ දූවිලි හා සමාන වන ලෙස නුඹේ පරපුර වැඩි වර්ධනය කරන්නෙමි. යමෙකුට පොළොවේ දූවිලි ගණන් කළ හැකි නම්, නුඹේ පෙළපත ද ගණන් කළ හැකි වේ.
සමිඳාණන් වහන්සේ ද ඔහු පිටතට රැගෙන ගොස්, “අහස දෙස බලා, හැකි නම්, ඔය තාරකා ගණන් කරන්න; නුඹේ දරු පරපුර එසේ ම වන්නේ ය”යි වදාළ සේක.
මම බොහෝ සෙයින් ඔබට ආශීර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකා මෙන් ද වෙරළේ වැලි මෙන් ද බහුල වන සේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝ ය.
අහසේ තරු මෙන්, ඔබ පෙළපත මම වැඩි කරමි. මේ මුළු රට ඔබේ පෙළපතට මම දෙමි. මිහි පිට සියලු ජාතීහු, ඔබ මඟින්, තමන්ට ආශීර්වාද කරගන්නාහ.
තවද, නුඹේ පෙළපත පොළොවේ දූවිලි මෙන් වැඩි වී, උතුරු, දකුණු, බටහිර, නැගෙනහිර දිශාවල පැතිර යන්නේ ය. මිහි පිට සියලු ජාතීහු නුඹ හා නුඹේ පෙළපත මඟින් තමන් ආශීර්වාද කරගන්නෝ ය.
එහෙත් ඉශ්රායෙල් ජනයා සමෘද්ධ වී, බොහෝ සේ වර්ධනය වී, ගණනින් ද වැඩි වී, අතිශයින් බලවත් වූයෙන්, ඔවුන්ගෙන් රට පිරී ගියේ ය.
එබැවින් ඔබ පීඩා විඳින මිසර දේශයෙන් මා ඔබ පිටත්කොට කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශය වන, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට ඔබ ගෙන එන්ට මම ඉටාගෙන සිටිමි’යි කියන්න.
තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද මම ය”යි වදාළ සේක. මෝසෙස් ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසාගත්තේ ය.
මිසර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා, ඒ රටින් ඔවුන් පිට කරවා, සාරවත් විශාල දේශයකට, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි.
පව්කාරයෙකු සිය වරක් නපුර කර බොහෝ කල් ජීවත් වුවත්, දෙවියන් වහන්සේට ගරුබිය පාන අයට එනම්, උන් වහන්සේ ඉදිරියෙහි ගරුබිය පාන අයට යහපත සිදුවන බව මම සැබැවින් ම දනිමි.
අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු වීමෙන් අපට යහපත සිද්ධ වන පිණිස උන් වහන්සේ වෙත අපි ඔබ යවම්හ. හොඳක් වුවත්, නොහොඳක් වුවත් අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට අපි කීකරු වන්නෙමු”යි ජෙරමියාට කී හ.
එහෙත්, මා ඔවුන්ට අණ කෙළේ, ‘මාගේ හඬට කීකරු වන්න, එවිට මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා ද මාගේ සෙනඟ වන්නහු ය; නුඹලාට ශුභසිද්ධ වන පිණිස මා නුඹලාට අණ කරන මාර්ගය අනුව හැසිරෙන්න, කියා ය.
“දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ළංවෙත් ම, අපේ ජනයා මිසරයෙහි වැඩී වර්ධනය වූ හ.
සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ටත්, ඔවුන්ගේ පෙළපතටත් දෙන්නට පොරොන්දු වූ කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන ඒ දේශයෙහි ඔබට චිරාත් කාලයක් ජීවත් වීමට හැකි වනු ඇත.
ඔබේ ශුද්ධස්ථානය වන ස්වර්ගයේ සිට බලා, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජනතාවට ද ඔබ අපේ පියවරුන්ට දිවුළ ප්‍රකාර, අපට දුන්, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන මේ දේශයට ද ආශීර්වාද කරනු මැනව.’ “
මෙසේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට පොරොන්දු වූ ප්‍රකාර, උන් වහන්සේ ඔබට දෙන්න යන, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන දේශයට එතෙර වී, ඇතුළු වූ පසු මේ ආඥාව මුළුමනින් ම ඒ ගල්වල කෙටිය යුතු ය.
මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයට ඔවුන් ගෙනා පසු, ඔවුන් කා බී, තෘප්තිමත් වී, තර වූ පසු, ඔව්හු අන් දෙවිදේවතාවන් වෙත හැරී ගොස්, ඔවුන්ට වැඳ පුදා, මා කුපිත කොට මාගේ ගිවිසුම් කඩ කරන්නෝ ය.
ඔබට ද ඔබෙන් පසු ඔබේ පෙළපතට ද ශුභසිද්ධිය සැලසෙනු පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හට සදහට ම දානය කරන දේශයෙහි ඔබ දිගායු වළඳන පිණිසත් මා ඔබට අද දින අණ කරන උන් වහන්සේගේ නීති සහ නියෝග ඔබ පිළිපැදිය යුතු ය.”
ඒවා ආරක්ෂා කරමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතීන් ඉදිරියෙහි ඔබේ පැණවත්කමත්, නැණවත්කමත් කැපී පෙනෙනු ඇත. මේ නීති සියල්ල ගැන ඔවුන්ට සැළ වන විට, ‘මේ ශ්‍රේෂ්ඨ ජාතියට අයිති සෙනඟ කෙතරම් පැණවත් ද නැණවත් ද’ කියා ඔවුන් විස්මපත් වනු ඇත.
එය තිරිඟු සහ යව ද, මිදි ද අත්තික්කා හා දෙළුම් ද, ඔලීව ද, තෙල් හා මී පැණි ද ඇති රටකි.