ද්විතීය නීතිය 6:18 - Sinhala New Revised Version ඔබට සෙත සැලසෙන ලෙස සමිඳාණන් වහන්සේ කියන පරිදි සාධාරණ වූ ද, යහපත් වූ ද දේ කරන්න. එවිට උන් වහන්සේ ඔබේ පියවරුන්ට පොරොන්දු වූ සරුසාර රටට ඔබ ඇතුල් වී එය අයිති කරගැනීමට ද, Sinhala New Revised Version 2018 ඔබට සෙත සැලසෙන ලෙස සමිඳාණන් වහන්සේ කියන පරිදි සාධාරණ වූ ද, යහපත් වූ ද දේ කරන්න. එවිට උන් වහන්සේ ඔබේ පියවරුන්ට පොරොන්දු වූ සරුසාර රටට ඔබ ඇතුල් වී එය අයිති කරගැනීමට ද, Sinhala Revised Old Version නුඹට ශුභ සිද්ධවන පිණිසද ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන්ට දෙන්ට දිවුළ යහපත් දේශයට ඇතුල්ව එය හිමිකරගන්නා පිණිසද ස්වාමීන්වහන්සේ කී ලෙස නුඹේ සියලු සතුරන් නුඹ ඉදිරියෙන් එළවා දමන පිණිසද, |
උන් වහන්සේ ඔවුන් අමතමින්, “නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී උන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි ව තිබෙන දේ කොට, උන් වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන් වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම්, මිසර වාසීන් පිට මා පැමිණවූ ලෙඩ රෝග එකක් වත් නුඹලා පිට නොපමුණුවමි. මන්ද, නුඹලාට සුවය දෙන සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.
“අහෝ සමිඳාණන් වහන්ස! මා විශ්වාසී ලෙසත්, අවංක සිතකිනුත් ඔබට සේවයකර, ඔබේ ඇස් හමුවෙහි හරි ව තිබෙන දේ කළ බව සිහිකළ මැනව” කියා තදින් හැඬුවේ ය.
“එහෙත්, පියාගේ අපරාධ නිසා පුත්‍රයා දඬුවම් නොලබන්නේ මන්දැ යි නුඹලා අසනු ඇත. පුත්‍රයා නීති ගරුක ව අවංක ව සිට මාගේ සියලු පණත් පිළිපැද, ඒවා ඉටු කර තිබේ නම්, ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය.
“එහෙත් දුෂ්ටයා තමා කළ සියලු පාපවලින් හැරී, මාගේ සියලු පණත් පවත්වමින් නීති ගරුක ව ද අවංක ව ද සිටියොත්, ඔහු සැබැවින් ම නොනැසී ජීවත් වන්නේ ය.
යළිත්, දුෂ්ටයා තමා කළ දුෂ්ටකමෙන් හැරී, නීති ගරුක ව ද අවංක ව ද සිටින කල ඔහු තමාගේ ජීවිතය රැකගන්නේ ය.
නුඹ නසිනු ඇතැ යි මා දුෂ්ටයාට කී නමුත්, ඔහු තමාගේ පාපයෙන් හැරී යුක්තිය ද දැහැමි ක්‍රියා ද කළොත්,
ඔහුගේ කිසි ම පාපයක් ඔහුට විරුද්ධ ව සිහිකරනු නොලබන්නේ ය. ඔහු යුක්ති සහගත හරි දේ කෙළේ ය; ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය.
මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති.
මා එවා වදාළ තැනැන් වහන්සේ මා සමඟ වැඩ වසන සේක. උන් වහන්සේ මා තනි වෙන්නට නොහැරිය සේක. මන්ද, මා නිරතුරු උන් වහන්සේට ප්‍රිය මනාප දේ කරන බැවිනි”යි වදාළ සේක.
ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී, සිත අලුත් කරගැනීමෙන් වෙනස් අය වන්න. එවිට, දෙවියන් වහන්සේගේ කැමැත්ත, එනම්, යහපත් වූ, පිළිගත යුතු වූ, සම්පූර්ණ වූ දේ කුමක් ද කියා ඔබට තේරුම්ගත හැකි ය.
ඔබ ලේ කෑමට නොගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යුතු දේ කරන බැවින් ඔබටත්, ඔබෙන් පසු ඔබේ දරු පරපුරටත් සෙත සැලසෙනු ඇත.
මා ඔබට අණ කරන මේ සියල්ලට සවන් දී ඒවා පිළිපදින්න. මෙලෙස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ දැහැමි දේ හා කළ යුතු දේ කරන බැවින් ඔබටත්, ඔබෙන් පසු ඔබේ දරු පරපුරටත් සඳහට ම සෙත සැලසෙනු ඇත.”
එසේ කරන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට සවන් දී, මා ඔබට අද නියම කරන උන් වහන්සේගේ ආඥා සියල්ල ආරක්ෂා කොට, උන් වහන්සේ අබිමුව දැහැමි දේ කළහොත් පමණක් ය.”
ඔබට ද ඔබෙන් පසු ඔබේ පෙළපතට ද ශුභසිද්ධිය සැලසෙනු පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හට සදහට ම දානය කරන දේශයෙහි ඔබ දිගායු වළඳන පිණිසත් මා ඔබට අද දින අණ කරන උන් වහන්සේගේ නීති සහ නියෝග ඔබ පිළිපැදිය යුතු ය.”
මට ගරුබිය දැක්වීමටත්, ඔවුන්ටත්, ඔවුන්ගේ පෙළපත්වලටත් සදහට ම ශුභසිද්ධිය සලසන පිණිස මාගේ අණපණත් නිරතුරුව පිළිපැදීමටත් තුඩු දෙන සිතක් ඔවුන් තුළ මෙලෙස ඇත්නම් කෙතරම් වාසනාවක් ද!
ඔබට දිවි ඇති තාක් ශුභසිද්ධිය වන පිණිසත්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි චිරාත් කාලයක් ජීවත් වන පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කරන සියල්ලට කීකරු ව ජීවත් විය යුතු ය.”
“දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට දෙන්නට දිවුරා පොරොන්දු වූ දේශයට ඔබ ගෙනා පසු උන් වහන්සේ ඔබ ඉදි නොකළ, විශාල දියුණු නගර ඔබට දානය කරන සේක.
“මම අද දින ඔබට අණ කරන ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් ද නීති හා නියෝග ද නොපිළිපැදීමෙන් උන් වහන්සේ අමතක නොකරන ලෙස වගබලාගන්න.