සමිඳාණන් වහන්සේ ද ඔහුට කතා කොට, “මෙය සැබැවින් ම දැනගන්න; නුඹෙන් පැවතෙන පෙළපත විදේශීය රටක විදේශික ව සිටිනු ඇත. එහි දී ඔව්හු වහල් සේවය කරමින් අවුරුදු හාරසියයක් තිස්සේ තාඩන පීඩන විඳින්නාහ.
ද්විතීය නීතිය 5:15 - Sinhala New Revised Version නුඹ මිසර දේශයේ දී වහලෙකු මෙන් සිටි බවත්, දෙවි සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් හා දිගු කළ හස්තයෙන් නුඹ පිටතට ගෙනා බවත් සිහි කළ යුතු ය. සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට දෙවි සමිඳාණන් වහන්සේ අණ කෙළේ එබැවින් ය. Sinhala New Revised Version 2018 නුඹ මිසර දේශයේ දී වහලෙකු මෙන් සිටි බවත්, දෙවි සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් හා දිගු කළ හස්තයෙන් නුඹ පිටතට ගෙනා බවත් සිහි කළ යුතු ය. සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට දෙවි සමිඳාණන් වහන්සේ අණ කෙළේ එබැවින් ය. Sinhala Revised Old Version නුඹත් මිසර දේශයෙහි වැඩකාරයෙක්ව සිටි බවත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද නුඹ එතැනින් පිටතට ගෙනා බවත් සිහිකරන්න. එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සබත් දවස පවත්වන්ට නුඹට අණකළසේක. |
සමිඳාණන් වහන්සේ ද ඔහුට කතා කොට, “මෙය සැබැවින් ම දැනගන්න; නුඹෙන් පැවතෙන පෙළපත විදේශීය රටක විදේශික ව සිටිනු ඇත. එහි දී ඔව්හු වහල් සේවය කරමින් අවුරුදු හාරසියයක් තිස්සේ තාඩන පීඩන විඳින්නාහ.
එවිට ලොත් අදිමදි කෙළේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔහුට අනුකම්පාව දැක්වූ සේක. අමුත්තෝ, ඔහු ද, ඔහුගේ බිරිඳ ද, දූවරුන් ද අතින් අල්ලාගෙන නිවසින් පිටතට ගෙන ගොස් නුවරින් පිටත නතර කළහ.
සමිඳුනි, මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; සැබැවින් ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; ඔබේ දාසිගේ පුත්‍රයා වෙමි. ඔබ මාගේ බැඳුම් මිදූ සේක.
ප්‍රබල බාහුවෙන් ද දිගු කළ හස්තයෙන් ද එසේ කළ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට ම පවත්නේ ය.
‘මේ කුමක් ද’ කියා මතු දවස ඔබේ පුත්‍රයා ඔබෙන් අසන විට ඔබ ද ඔහුට කතා කොට, ‘සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් වහල්කමේ නිවාසය වන මිසරයෙන් අප පිටතට ගෙනා සේක.
මේ පිළිවෙත ඔබේ අතෙහි ලකුණක් මෙන් ද ලලාටයෙහි පටියක් මෙන් ද විය යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් මිසරයෙන් අප පිටතට ගෙනා හෙයිනැ’යි කිව යුතු ය.”
මෝසෙස් සෙනඟට කතා කොට මෙසේ කී ය: “ඔබ, වහල්කමේ නිවාසය වූ මිසරයෙන් පිටතට පැමිණි මේ දවස සිහි කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් ඔබ එතැනින් පිටතට ගෙනා හෙයිනි. එබැවින් ඔබ මුහුන් රොටි නො කෑ යුතු ය.
තවද, සමිඳාණන් වහන්සේගේ මේ නීතිය ගැන නිතර ම කතා කරන පිණිස, මේ පිළිවෙත ඔබට, ඔබ අත ලකුණක් මෙන් ද, නළල මත සිහි වීමේ ලකුණක් මෙන් ද විය යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් ඔබ මිසරයෙන් පිටත ගෙනා සේක.
මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක.
එබැවින් නුඹ ඉශ්රායෙල් ජනතාවට කතා කොට, ‘මම වනාහි සමිඳාණන් වහන්සේ ය. මිසර වාසීන් නුඹලා පිට පටවා ඇති බරපතල වැඩවලින් නුඹලා මුදා, ඔවුන්ගේ වහල් සේවයෙන් නිදහස් කොට, මාගේ හස්තය දිගු කොට දරුණු ලෙස ඔවුන්ට දඬුවම් දෙමින් මම නුඹලා ගළවාගන්නෙමි.
ඔවුන්ගේ සියලු දුක් කරදරවල දී දුක් වූ සේක. ඔවුන් ගැළෙව්වේ දේව දූතයෙකු නොව සමිඳාණෝ ම ය. එතුමාණෝ ස්වකීය ප්‍රේමයෙන් හා දයාවෙන් ඔවුන් මුදාගත් සේක. පසුගිය කාලයේ දී නොකඩවා ඔවුන් නැඟිටුවා, එතුමාණෝ ආරක්ෂා කළ සේක.
“දැන් ඉතින් අපේ දෙවි ස්වාමීන් වහන්ස, ඔබේ බලය පා මිසරයෙන් ඔබේ සෙනඟ පිටතට ගෙනවුත්, අද කීර්තිමත් නාමයක් දරන අපේ දෙවි ස්වාමීන් වහන්ස, අපි පව් කෙළෙමු, දුෂ්ටකම් කෙළෙමු.
මිසර දේශයේ ඔබ වහලුන් ව සිටි බව ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ගැළෙවු බව ද සිහි කළ යුතු ය. මෙවැන්නක් අද දින මා ඔබට අණ කරනුයේ එබැවින් ය.
සමිඳාණන් වහන්සේ සිය හස්තය දිගු කොට, බාහු බලය පා, බියජනක අරුමපුදුම දේවලින් සහ හාස්කම්වලින් මිසර දේශයෙන් අප පිටතට ගෙනා සේක.
“එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘නැඟිට, ඉක්මනට කන්දෙන් බැස යන්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන් ම දූෂ්‍ය කරගෙන ඇත. මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් ඔවුන් විගස අන් අතකට හැරී ගොස්, තමන්ට ම වාත්තු කළ පිළිමයක් සාදාගෙන ඇතැ’යි වදාළ සේක.
සියලු අධර්මිෂ්ඨකම්වලින් අප පවිත්‍ර කරන පිණිසත්, අප උන් වහන්සේගේ තෝරාගත් සෙනඟක් කරන පිණිසත් යහපත කිරීමට අප උද්‍යෝගිමත් කරවන පිණිසත්, අප නිදහස් කරන පිණිසත්, උන් වහන්සේ අප උදෙසා දිවි පිදූ සේක.