ඇය දූෂ්‍ය වී සිටින හෙයින්, ඇය පිට කළ පළමු ස්වාමි පුරුෂයාට තම බිරිඳ කොට ඇය පාවාගත නොහැකි ය. මෙසේ කිරීම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිකුලකි. මෙසේ කර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශයෙහි ජනතාව පිට වරද නොපැවරිය යුතු ය.
ඈ එසේ කිලුටුවූ පසු ඈ අත්ඇරියාවූ ඇගේ ප්‍රථම පුරුෂයාට නැවත ඈ භාර්යාව කොට ගන්ට නුපුළුවන; මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය. නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස නුඹට දෙන දේශයට වරද නොපමුණුවන්න.
සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළසේක: “මිනිසෙකු සිය භාර්යාව දික්කසාද කළ පසු, ඈ ඔහුගෙන් වෙන් වී ගොස් වෙන මිනිසෙකුගේ භාර්යාව වූවොත්, පළමු පුරුෂයා නැවත ඈ වෙත හැරී යනු ඇද් ද? එසේ කිරීමෙන් සහමුලින් ම දේශය අපවිත්‍ර නොවන්නේ ද? එහෙත්, ඉශ්රායෙලය, නුඹ පෙම්වතුන් බොහෝ දෙනෙකු සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. එහෙයින් මා වෙත හැරී එන්නට නුඹට පුළුවන් ද? මෙසේ පවසන්නේ දෙවි සමිඳාණන් වහන්සේ ය.
“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන නගරවල සෙනඟගෙන් කිසිවෙකුට පණපිටින් සිටින්නට ඉඩ නොහැරිය යුතු ය.
මේ සැමියා ද ඇයට අකමැති වුවහොත් දික්කසාද පත්‍රයක් ලියා, ඇය අතට දී, සිය ගෙදරින් ඇය පිට කළ යුතු ය. ඇය සරණ පාවාගත් මේ සැමියා මියගියොත්,
“තවද, උන් වහන්සේ ඔබ නිසා මා සමඟ කිපී ජොර්දාන් ගඟෙන් මට එතෙර වීමටත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන්නට යන සරුසාර දේශයට මට ඇතුළු වීමටත් ඉඩ නොදෙන බවට දිවුළ සේක.