Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 20:16 - Sinhala New Revised Version

16 “දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන නගරවල සෙනඟගෙන් කිසිවෙකුට පණපිටින් සිටින්නට ඉඩ නොහැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 “දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන නගරවල සෙනඟගෙන් කිසිවෙකුට පණපිටින් සිටින්නට ඉඩ නොහැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 එහෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් කොට නුඹට දෙන්නාවූ මේ සෙනඟගේ නුවරවල හුස්ම ඇති කිසිවෙක්වත් ඉතුරු නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 20:16
25 හුවමාරු යොමු  

ඒ නගරවල වටිනා වස්තුව ද ගවයන් ද ඉශ්රායෙල් ජනයා කොල්ලකාගෙන තබාගත්තෝ ය. සියලු මිනිසුන් විනාශ වන තුරු ඔව්හු ඔවුන්ට කඩුවෙන් පහර දුන්නෝ ය; කිසිවෙකු පණපිටින් ඉතුරු නොකළෝ ය.


නුඹලාට ඉදිරියෙන් එහි සිටින දේශවාසී සියල්ලන් පලවා හැරිය යුතු ය. ඔවුන් ගලින් නෙළූ, ලෝහයෙන් වාත්තු කළ පිළිම නසා වනසා, ගිරිකුළු දේවාල නටබුන් කළ යුතු ය.


මෙසේ ජෝෂුවා මුළු දේශයට, එනම් කඳු රටට හා දකුණු දේශයට ද පහත රටට හා කඳු බෑවුම්වලට ද එහි සියලු රජුන්ට ද පහර දී, එක් කෙනෙකු වත් ඉතිරි නොකොට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස පණ ඇති සියල්ලන් ම මුළුමනින් ම සිඳදැමුවේ ය.


ඒ දවසේ ජෝෂුවා මක්කේදා නගරය අල්ලාගෙන, එයටත්, එහි රජුටත් කඩුවෙන් පහර දී, එක ද කෙනෙකු වත් ඉතිරි නොකර, එහි සිටි සියලු දෙනා ද මුළුමනින් ම විනාශ කරදමා, ජෙරිකෝවේ රජුට කළාක් මෙන් මක්කේදාහි රජුටත් කෙළේ ය.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පාවා දෙන සියලු සෙනඟ වනසා දැමිය යුතු ය. ඔබ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොදැක්විය යුතු ය. ඔවුන්ගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් නොකළ යුතු ය. එසේ කළොත්, එය ඔබට මලපතක් වනු ඇත.


එවිට ඉශ්රායෙල්වරු එම රජුටත්, ඔහුගේ දරුවන්ටත්, ඔහුගේ සෙනඟටත් පහර දී ඔවුන්ගෙන් කිසිවෙකු ඉතුරු නොකොට මරාදැමූ හ. ඉන්පසු ඔව්හු එම දේශය අත්පත් කරගත්හ.


ජෝෂුවා ඒ දවසේ, ඔවුන් තම සෙනඟටත්, සමිඳාණන් වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන් ද දිය අදින්නන් ද කෙළේ ය. සමිඳාණන් වහන්සේ සිය පූජාසනය සඳහා තෝරාගන්න ස්ථානයේ දී ඔව්හු අද දක්වා ම එසේ කරති.


ඔව්හු ජෝෂුවාට පිළිතුරු දෙමින්, “මුළු දේශය ඔබ හැමට දෙන්නටත්, ඔබ හැම ඉදිරියෙන් දේශයේ සියලු වැසියන් විනාශ කරදමන්නටත්, ඔබ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු මෝසෙස්ට අණ කළ බව අපට දැනගන්නට ලැබුණ බැවින්, ඔබ විසින් මරනු ලබනු ඇත යන බියෙන් අපි මෙසේ කෙළෙමු.


දැන් ඉතින් කුඩාවූවන් අතර සියලු පිරිමි දරුවන් ද මිනිසෙකු සමඟ සයනය කළ සෑම ස්ත්‍රියක ද මරන්න.


ඔබට යාබද ව වසන ජාතීන්ට අයිති නො වූ, ඔබෙන් බොහෝ දුරස්තර ව පිහිටි නගර සියල්ලට ම ඔබ මෙලෙස කළ යුතු ය.


දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ දුන් ප්‍රකාර හිත්තීවරුන් ද අමෝරිවරුන් ද කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද හිවීවරුන් ද ජෙබුසිවරුන් ද යන සියල්ලන් සහමුලින් ම වනසාලිය යුතු ය.


ඉන්පසු ඔව්හු නුවර හා එහි තිබුණ සියල්ල ගින්නෙන් පුළුස්සා දැමුවෝ ය. රන් රිදී ද ලෝකඩ හා යකඩ බඩු ද ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගෘහයෙහි ගබඩාවෙහි තැන්පත් කළෝ ය.


ඔබ හැම නගරය අල්ලාගත් විට එයට ගිනි තබන්න. සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ම කරන්න. මා ඔබ හැමට දෙන අණ මෙසේ වේ.”


ඒ දවසේ දී මරුමුවට පත් වූ ආයි නගර වැසි සියලු ස්ත්‍රී පුරුෂයන්ගේ ගණන දොළොස්දහසක් විය.


ජෝෂුවා සහ ඉශ්රායෙල් සෙනඟ ඔවුන් සමූලඝාතනය කර නිම කළෝ ය. ඔවුන්ගෙන් ඉතිරි අය පවුරු ඇති නගරවලට ඇතුළු වූ හ.


දැන් නුඹ අමලෙක්වරුන්ට පහර දී ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින් ම විනාශකර දමා, පුරුෂයන් හා ස්ත්‍රීන් ද බාලයන් හා කිරි දරුවන් ද ගවයන් හා බැටළුවන් ද ඔටුවන් හා කොටළුවන් ද මරා දමන්න.’ “


“තවද, උන් වහන්සේ ඔබ නිසා මා සමඟ කිපී ජොර්දාන් ගඟෙන් මට එතෙර වීමටත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන්නට යන සරුසාර දේශයට මට ඇතුළු වීමටත් ඉඩ නොදෙන බවට දිවුළ සේක.


ඇය දූෂ්‍ය වී සිටින හෙයින්, ඇය පිට කළ පළමු ස්වාමි පුරුෂයාට තම බිරිඳ කොට ඇය පාවාගත නොහැකි ය. මෙසේ කිරීම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිකුලකි. මෙසේ කර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශයෙහි ජනතාව පිට වරද නොපැවරිය යුතු ය.


සමිඳාණන් වහන්සේ මොවුන් ඔබට පාවා දුන් කල, මා නියම කළ සියලු අණපණත් අනුව ඔබ ඔවුන්ට කළ යුතු ය.


එහෙත්, ඉශ්රායෙල් සෙනඟ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ අප අසල වාසය කරනු වන්නට පුළුවන. එසේ නම් අප ඔබ සමඟ ගිවිසුමක් කරගන්නේ කෙසේ දැ”යි හිවීවරුන්ගෙන් ඇසූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්