එලෙස ම මිදි වත්තෙන් ඉතිරි වූ මිදි පල සියල්ල ම නෙළා නොගන්න. තවද, මිදි වත්තේ වැටී තිබෙන මිදි පල ද එකතු කර නොගත යුතු ය. ඒවා දුප්පතුන් සඳහා ද විදේශිකයන් සඳහා ද ඉතුරු කළ යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.
ද්විතීය නීතිය 24:20 - Sinhala New Revised Version ඔලීව ගස්වලින් පල නෙළන විට ද ඉතුරු වන ගෙඩි සොයාගෙන ආපසු නොයන්න. එය විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය. Sinhala New Revised Version 2018 ඔලීව ගස්වලින් පල නෙළන විට ද ඉතුරු වන ගෙඩි සොයාගෙන ආපසු නොයන්න. එය විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය. Sinhala Revised Old Version නුඹේ ඔලීව ගහට ගසා ඵල නෙළා ගැනීමේදී අතුවල ඉතුරු වෙන ගෙඩි නැවත සොයා නොයන්න. ඒවා විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය. |
එලෙස ම මිදි වත්තෙන් ඉතිරි වූ මිදි පල සියල්ල ම නෙළා නොගන්න. තවද, මිදි වත්තේ වැටී තිබෙන මිදි පල ද එකතු කර නොගත යුතු ය. ඒවා දුප්පතුන් සඳහා ද විදේශිකයන් සඳහා ද ඉතුරු කළ යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.
“නුඹලාගේ කෙත්වලින් අස්වැන්න නෙළන විට, කෙත්වල මායිමේ තිබෙන අස්වැන්න සම්පූර්ණයෙන් ම කපා නොගත යුතු ය. අස්වැන්න වරක් නෙළාගත් පසු ඉතිරි වූ කරල් එකතු කර නොගන්න.
“ඔබ කෙතේ අස්වැන්න නෙළාගත් පසු, ගොයම් මිටියක් අමතක වුණොත් එය ගැනීමට ආපසු නොයන්න. එය විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය. ඔබ මෙසේ කළොත්, ඔබේ සියලු වැඩපලවල දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.
මිදි වත්තේ මිදි එකතු කරගන්න විට ද ඉතිරි වන ඒවා නැවත කපා නොගන්න. ඒවා විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය.