Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 19:10 - Sinhala New Revised Version

10 එලෙස ම මිදි වත්තෙන් ඉතිරි වූ මිදි පල සියල්ල ම නෙළා නොගන්න. තවද, මිදි වත්තේ වැටී තිබෙන මිදි පල ද එකතු කර නොගත යුතු ය. ඒවා දුප්පතුන් සඳහා ද විදේශිකයන් සඳහා ද ඉතුරු කළ යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එලෙස ම මිදි වත්තෙන් ඉතිරි වූ මිදි පල සියල්ල ම නෙළා නොගන්න. තවද, මිදි වත්තේ වැටී තිබෙන මිදි පල ද එකතු කර නොගත යුතු ය. ඒවා දුප්පතුන් සඳහා ද විදේශිකයන් සඳහා ද ඉතුරු කළ යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 නුඹේ මිදිවත්තේ දෙවරක් වලු කපානොගන්න, නුඹේ මිදිවත්තේ වැටී තිබෙන ඵල එකතු නොකරන්න. දිළින්දාට විදේශියාටද ඒවා අත්හරින්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 19:10
16 හුවමාරු යොමු  

මුළු ලොවේ සෑම ජාතීන් අතර මෙසේ සිදු වන්නේ ය. එය හරියට ඔලීව ගස්වල ද මිදි වැල්වල ද පල කඩා නිමකළ පසු අවසාන වූ කාලය වැනි ය.


ඔලීව ගසක් සෙලවූ කල මුදුන් අත්තේ ගෙඩි දෙක තුනක් ද අන් අතුවල ගෙඩි හතරක් පහක් ද ඉතිරි වන්නාක් මෙන් ඉශ්රායෙල්හි සෙනඟ ස්වල්ප දෙනෙක් පමණක් ඉතිරි වන්නෝ ය. මෙසේ පවසන්නේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන් වන මම ය.”


වගා නොකළ කෙත් වතුවලින් නුඹලාට ද නුඹලාගේ දැසිදසුන්ට ද කුලීකරුවාට ද නුඹලා සමඟ සිටින විදේශිකයාට ද


අනේ මා වැනි කාලකණ්ණියෙක්. ගිම්හානයේ පල රැස් කරන්නා ද මිදි පල නෙළන්නා ද වැනි ය. මන්ද, කන්න එක ම මිදි පොකුරක් වත් මා ආසා කරන අත්තික්කාවල නාඹුල් පල වත් නැත.


“රාත්‍රියේ සොරු වත්, කොල්ලකාරයෝ වත් නුඹ වෙත පැමිණියෝ නම්, ඔවුන්ගේ සිතේ හැටියට සොරා නොගනිත් ද? මිදි පල නෙළන්නෝ නුඹ වෙත පැමිණියෝ නම්, මිදි පල සමහරක් වත් ඉතිරි නොකරත් ද? එහෙත්, අහෝ! ඔවුන් නුඹ විනාශ කර දමා තිබෙන හැටි!


මිදි පල නෙළන්නන් මිදි පල නෙළන්නට ආ විට ඔවුන්ගෙන් හැළෙන ඉතිරි මිදි පල ඇහිඳගන්නට ඉඩ හැරියේ නැද් ද? රාත්‍රියේ සොරුන් ආවොත් ඔව්හු ඇති පමණට වඩා සොරකම් කරන්නෝ ද?


ඔහු පිළිතුරු දෙමින්, “ඔබ හැම කළ දේට සමාන කළ විට මා කළ දේ කුමක් ද? එප්‍රායිම් ගෝත්‍රයට අයත් ඔබ කළ සුළු දේ අබියෙශෙර් නම් මාගේ ගෝත්‍රය කළ සියල්ලට වඩා වටිනවා නොවේ ද?


“නුඹලාගේ කෙත්වලින් අස්වැන්න නෙළන විට, කෙත්වල මායිමේ තිබෙන අස්වැන්න සම්පූර්ණයෙන් ම කපා නොගත යුතු ය. අස්වැන්න වරක් නෙළාගත් පසු ඉතිරි වූ කරල් එකතු කර නොගන්න.


“නුඹලා සොරකම් නොකළ යුතු ය. වංචා නොකළ යුතු ය. කෙනෙකු අනෙකකුට බොරු නොකිව යුතු ය.


“නුඹලාගේ කෙත්වල අස්වැන්න නෙළන විට, කෙතේ මායිම්වල තිබෙන ගොයම් සියල්ල ම නොකැපිය යුතු ය. ඉතිරි වූ කරල් ඇහිලීමට කෙතට ආපසු නොයා යුතු ය. ඒවා දුප්පතුන් හා විදේශිකයන් සඳහා නුඹලා ඉතිරි කළ යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”


“ඔබ කෙතේ අස්වැන්න නෙළාගත් පසු, ගොයම් මිටියක් අමතක වුණොත් එය ගැනීමට ආපසු නොයන්න. එය විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය. ඔබ මෙසේ කළොත්, ඔබේ සියලු වැඩපලවල දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.


ඔලීව ගස්වලින් පල නෙළන විට ද ඉතුරු වන ගෙඩි සොයාගෙන ආපසු නොයන්න. එය විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය.


මෝවබ් ජාතික රූත් නයෝමිට කතා කොට, “අස්වැන්න එකතු කරන අයගෙන් මඟ හැරෙන කරල් එකතු කරගැනීමට ඉඩ දෙන මිනිසෙකු පසුපස යන්නට මට අවසර දෙන්නැ”යි කීවා ය. නයෝමි උත්තර දෙමින්, “හොඳයි, යන්න දුව” කියා ඇයට අවසර දුන්නා ය.


මන්ද, මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි. මා ශුද්ධ බැවින්, නුඹලා ද කැප වී ශුද්ධ විය යුතු ය. එබැවින් නුඹලා බිම බඩගා යන කොයි යම් සතෙකු වත් කෑමෙන් දූෂණය නොවිය යුතු ය.


එහෙත්, පස් වන අවුරුද්දේ එහි පලදාව නුඹලාට කන්නට පුළුවන. මෙසේ කළොත්, එහි පලදාව ද වර්ධනය වනු ඇත. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.


මිදි වත්තේ මිදි එකතු කරගන්න විට ද ඉතිරි වන ඒවා නැවත කපා නොගන්න. ඒවා විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්