“නුඹලා විදේශිකයෙකුට අයුත්තක් වත් හිරිහැරයක් වත් නොකළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙහි විදේශිකයන් ව සිටි හෙයිනි.
ද්විතීය නීතිය 23:16 - Sinhala New Revised Version නගරය තුළ ඔහු කැමැති පරිදි, තෝරාගන්න ස්ථානයක ඔබ සමඟ වාසය කරනු ඇත. ඔබ ඔහුට පීඩා නොකළ යුතු ය. Sinhala New Revised Version 2018 නගරය තුළ ඔහු කැමැති පරිදි, තෝරාගන්න ස්ථානයක ඔබ සමඟ වාසය කරනු ඇත. ඔබ ඔහුට පීඩා නොකළ යුතු ය. Sinhala Revised Old Version ඔහු තමාට හොඳව පෙනෙනලෙස නුඹේ නුවරවලින් එකක් තුළ තමා තෝරාගන්න ස්ථානයෙහි නුඹලා අතරෙහි වාසයකරාවා. ඔහුට පීඩා නොකරන්න. |
“නුඹලා විදේශිකයෙකුට අයුත්තක් වත් හිරිහැරයක් වත් නොකළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙහි විදේශිකයන් ව සිටි හෙයිනි.
“විදේශිකයෙකුට පීඩා නොකරන්න. මන්ද, නුඹලා මිසර දේශයෙහි විදේශී ව සිටි හෙයින් විදේශිකයන් විඳින දේ දන්නහු ය.”
දිළිඳා දිළිඳු නිසා ඔහුගෙන් අයුතු වාසියක් නොගන්න; අසරණයා අසරණ නිසා උසාවියේ දී ඔහුට පීඩා නොකරන්න.
විදේශිකයාට ද අනාථයාට ද වැන්දඹුවට ද පීඩා නොකරන්න. මේ ශුද්ධස්ථානයේ නිදොස් ලේ නොවගුරන්න. අන් දෙවිවරුන්ට නමස්කාර කිරීම නුඹලාට අන්තරායදායක බැවින් එසේ නොකරන්න.
වැන්දඹුවන්ට හා අනාථයන්ටත් විදේශීන්ටත් පීඩා නොකරන්න. නුඹලා එකිනෙකාට හිංසා කිරීමට කූට උපායයන් යොදා නොගන්න.”
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම විනිශ්චය පිණිස නුඹලා ළඟට අවුත්, මන්ත්‍රකාරයන්ට ද කාමමිථ්‍යාචාරිකයන්ට ද බොරු සාක්ෂි දෙන්නන්ට ද කුලීකරුවන්ට පීඩා කරන්නන්ට ද වැන්දඹුවන්ට, අනාථයන්ට හා විදේශිකයන්ට අයුතු දේ කරන්නන්ට ද මට ගරුබිය නොදක්වන්නන්ට ද විරුද්ධ ව විගසින් සාක්ෂි දෙන්නෙමි.”
එහෙත් ඔබ දිළිඳුන්ට අවමන් කළහු ය. ඔබට පීඩා කරන්නෝ ධනවත්තු නොවෙත් ද? නඩු ශාලාවලට ඔබ ඇදගෙන යන්නෝත්,