ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 2:36 - Sinhala New Revised Version

අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් පටන් ගිලියද් දක්වා ගඟ අද්දර වූ නගරය ඇතුළු සියලු ම නුවරවල් අල්ලාගැනීමට අපේ දෙවි සමිඳාණන් වහන්සේ සැලැසූ සේක. අපට අල්ලාගන්නට නොහැකි තරම් උස් වූ එක ම නගරයක් වත් නො වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් පටන් ගිලියද් දක්වා ගඟ අද්දර වූ නගරය ඇතුළු සියලු ම නුවරවල් අල්ලාගැනීමට අපේ දෙවි සමිඳාණන් වහන්සේ සැලැසූ සේක. අපට අල්ලාගන්නට නොහැකි තරම් උස් වූ එක ම නගරයක් වත් නො වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අර්ණොන් ඔය අසබඩ තිබෙන අරොයෙර් පටන්ද මිටියාවතේ තිබෙන නුවර පටන්ද ගිලියද් දක්වා අපට අල්වාගන්ට බැරිතරම් උස්වූ නුවරක් නොතිබුණේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සියල්ලම අපට දුන් සේක.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 2:36
18 හුවමාරු යොමු  

ඔව්හු ජොර්දාන් ගඟෙන් එගොඩට ගොස් අරෝයෙර්හි ගාද් සිට ද මිටියාවත මැද තිබෙන නගරය සිට ද සෙනඟ ගණන් කරන්නට පටන්ගෙන, ජාසේර් දෙසට ද ගමන් කළහ.


හසායෙල් ජොර්දාන්ට නැගෙනහිරින් තිබෙන ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත් වූ අර්ණොන් මිටියාවත ළඟ වූ අරෝයෙර් පටන් තිබෙන මුළු ගිලියද් දේශයෙහිත් බාෂාන්හිත් විසූ ගාද්වරුන්ටත්, රූබන්වරුන්ටත්, මනස්සේවරුන්ටත් පහර දුන්නේ ය.


ඔබේ සෙනඟ සතුරන් පරදා ජය කෙහෙලි නැංවූයේ, තමන්ගේ ම කඩු පහරින් හෝ බාහු බලයෙන් හෝ නොවේ; එසේ වූයේ, ඔබ ඔවුන්ට ප්‍රේම කළ නිසා ඔබේ ම සුරතිනි, බාහු බලයෙනි; ඔබ සහතික ලෙස ඔවුන් සමඟ වැඩ සිටි බැවිනි.


නුඹලාගේ දේශ සීමාවන් රතු මුහුදේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද පාළුකරයේ සිට යුප්‍රටීස් ගඟ දක්වා ද විශාල කරන්නෙමි. එම දේශයේ වැසියන් නුඹලා අතට පාවා දෙන්නෙමි. නුඹලා ද නුඹලා වෙතින් ඔවුන් පන්නා දමන්නහු ය.


සිරියාවේ නගර සදහට ම පාළු වන්නේ ය. ඒවා බැටළුවන්ට හා ගවයන්ට ලැගුම් බිම් වන්නේ ය. උන් එලවාදමන්න කිසිවෙක් එහි නොවන්නෝ ය.


“අහෝ, අරෝයෙරේහි වැසියෙනි! මඟ රැක බලා සිට, කුමක් සිදු වුණා දැ යි ගැළවී පලා යන ස්ත්‍රී පුරුෂයන්ගෙන් අසන්න.


ගාද්ගේ පරපුරේ අය දීබොන්, අටාරොත් සහ අරෝයෙර්,


කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?


“අපි දේශය අයිති කරගත් විට, අර්ණොන් නදී ගං තෙර වූ අරෝයෙර් සිට විහිදී ගිය කොටස ද ගිලියද් කඳුකරයේ බාගයක් ද එහි නගර ද රූබන්ගේ සහ ගාද්ගේ පෙළපත්වල අයට දුනිමු.


ඔවුන් අයිති කරගත් දේශය අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් සිට හෙර්මොන් හෙවත් සිරියොන් කන්ද දක්වා විහිදිණි.


දිවි ඇති තාක් නුඹලාට විරුද්ධ ව කිසිවෙකුට නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින්නෙමි. මම නුඹ කෙරෙන් අහක් ව යන්නේ වත්, නුඹ අත්හරින්නේ වත් නැත.


හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද අම්මොන් වැසියන්ගේ සීමාව වන ජබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහි ද


ඔවුන්ගේ පළාත නම්, අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද මෙදිබා ළඟ තිබෙන මුළු තැනිතලා ද


ඒ ප්‍රදේශය අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද දීබොන් දක්වා තිබෙන මෙදිබාහි මුළු සමභූමිය දක්වා පැතිර තිබිණි.


සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ සියල්ල ලෙස හාත්පසින් උන් වහන්සේ ඔවුන්ට රට පුරා සාමය දුන් සේක. ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් කිසිවෙකුට ඔවුන්ට විරුද්ධ ව සිටින්නට නොහැකි විය. සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ සියලු සතුරන් ඔවුන් අතට පාවා දුන් සේක.


“ඔව්හු අර්ණොන් පටන් ජබ්බොක් දක්වා ද පාළුකරයේ පටන් ජොර්දාන් දක්වා ද අමෝරිවරුන්ගේ මුළු දේශය හිමි කරගත්තෝ ය.


ඉශ්රායෙල්වරුන් වනාහි හෙෂ්බොන් හා ඊට අයිති නගරවල ද අරෝයෙර් හා ඊට අයිති නගරවල ද අර්ණොන් අසබඩ තිබෙන සියලු නගරවල ද අවුරුදු තුන්සියයක් වාසය කරද්දී ඔබ ඒ කාලය අතරතුරේ දී ඒවා ගළවා නොගත්තේ මන් ද?