Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 24:5 - Sinhala New Revised Version

5 ඔව්හු ජොර්දාන් ගඟෙන් එගොඩට ගොස් අරෝයෙර්හි ගාද් සිට ද මිටියාවත මැද තිබෙන නගරය සිට ද සෙනඟ ගණන් කරන්නට පටන්ගෙන, ජාසේර් දෙසට ද ගමන් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔව්හු ජොර්දාන් ගඟෙන් එගොඩට ගොස් අරෝයෙර්හි ගාද් සිට ද මිටියාවත මැද තිබෙන නගරය සිට ද සෙනඟ ගණන් කරන්නට පටන්ගෙන, ජාසේර් දෙසට ද ගමන් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ඔව්හු යොර්දානෙන් එගොඩට ගොස් අරෝයෙර්හි ගාද් මිටියාවත මැද තිබෙන නුවරට දකුණෙන් යාසේර් දෙසට කූඩාරම් පිහිටුවාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 24:5
12 හුවමාරු යොමු  

ඒ ප්‍රදේශය අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද දීබොන් දක්වා තිබෙන මෙදිබාහි මුළු සමභූමිය දක්වා පැතිර තිබිණි.


අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් පටන් ගිලියද් දක්වා ගඟ අද්දර වූ නගරය ඇතුළු සියලු ම නුවරවල් අල්ලාගැනීමට අපේ දෙවි සමිඳාණන් වහන්සේ සැලැසූ සේක. අපට අල්ලාගන්නට නොහැකි තරම් උස් වූ එක ම නගරයක් වත් නො වී ය.


ඔවුන්ගේ පළාත නම්, අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද මෙදිබා ළඟ තිබෙන මුළු තැනිතලා ද


අත්රොත්-ෂොපාන්, ජාසෙර් සහ ජොග්බෙහා,


“අටාරොත්, දීබොන්, ජාශර්, නිම්රා, හෙෂ්බොන්, එලෙයාලේ, සෙබාම්, නෙබො සහ බියොන් යන නගර පිහිටා ඇති,


රූබන්ගේ පෙළපතේ අයට සහ ගාද්ගේ පෙළපතේ අයට ගවයෝ ඉතා විශාල ගණනක් සිටියහ. ජාශර් දේශය සහ ගිලියද් දේශය ගවයන්ට කෙතරම් සුදුසු ද කියා දුටු විට


මෝසෙස් ජාශර් නුවරට ඔත්තු බැලීමට දූතයන් යවා, ඊට යාබද නගර අල්ලා ගෙන ඒවායේ විසූ අමෝරිවරුන් පන්නා දැමී ය.


සිරියාවේ නගර සදහට ම පාළු වන්නේ ය. ඒවා බැටළුවන්ට හා ගවයන්ට ලැගුම් බිම් වන්නේ ය. උන් එලවාදමන්න කිසිවෙක් එහි නොවන්නෝ ය.


අරෝයෙර්හි ද සිප්මෝත්හි ද එෂ්තෙමෝවාහි ද


ඔවුන්ගේ පළාත ජාශෙර් ද ගිලියද්හි සියලු නගර ද රබ්බා ඉදිරිපිට තිබෙන අරෝයෙර් දක්වා අම්මොන්වරුන්ගේ රටෙන් දෙකෙන් කොටස ද


එහෙත්, ජෝවාබ් හා සේනාපතීන් කී දේ රජතුමා නො‍සලකා සිය නියමය ස්ථිර කෙළේ ය. ජෝවාබ් ද සේනාපතීහු ද ඉශ්රායෙල් සෙනඟ ගණන් කරන පිණිස රජු ඉදිරියෙන් පිටත් ව ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්