ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 2:22 - Sinhala New Revised Version

සමිඳාණන් වහන්සේ හෝරිවරුන් වනසා, සේයිර්හි පදිංචි වූ ඒසව්ගේ පෙළපතට කළ පරිදි, මොවුන්ටත් කළ සේක. ඔවුන් රට අල්ලාගත් බැවින් අද දක්වා එහි පදිංචි වී ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සමිඳාණන් වහන්සේ හෝරිවරුන් වනසා, සේයිර්හි පදිංචි වූ ඒසව්ගේ පෙළපතට කළ පරිදි, මොවුන්ටත් කළ සේක. ඔවුන් රට අල්ලාගත් බැවින් අද දක්වා එහි පදිංචි වී ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේ සේයිර්හි වාසයකළ ඒසව් පුත්‍රයන් ඉදිරියෙන් හෝරිවරුන් විනාශ කිරීමෙන් ඔවුන් උදෙසා කළාක් මෙන්ම මොවුන්ටත් කළසේක; ඔව්හු ඔවුන් පන්නාදමා ඔවුන්ගේ ස්ථානයෙහි අද දක්වා වාසයකරති.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 2:22
7 හුවමාරු යොමු  

කාන්තාර මායිමේ ඒල්-පාරාන් දක්වා සේයිර් කඳුකරයේ සිටි හෝරිවරුන් ද පරාජය කළේ ය.


මෙලෙස ඒසව් හෙවත් ඒදොම් සේයිර් කන්දෙහි පදිංචි විය.


සේයිර්හි පෙර කල හෝරිවරු පදිංචි වූ හ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට අයිති කොට දුන් දේශයට, ඉශ්රායෙල්වරුන් කළ පරිදි, ඒසව්ගේ පෙළපත ද හෝරිවරුන් පන්නා දමා, ඔවුන් වනසා, එහි පදිංචි වූ හ.


අනාක්වරුන් මෙන් ඔව්හු ද බලසම්පන්න, ගණනින් බොහෝ වූ, උස මහත සෙනඟක් වූ හ. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔවුන් වනසා ලූ නිසා, අම්මොන්වරු එම රට අල්ලාගෙන එහි පදිංචි වූ හ.


ඔවුන් කුපිත නොකරන්න. ඔවුන්ගේ දේශයෙන් අඟලක්වත් මම ඔබට නොදෙන්නෙමි. මන්ද, සේයිර් කඳුකරය මා ඒසව් සන්තක කොට දුන් බැවිනි.