දාවිත් අඬ අඬා, හිස වසාගෙන, පාවහන් නැති ව, ඔලීව කන්දට නඟින පාරේ ගියේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද තම තමන්ගේ හිස් වසාගෙන, අඬමින් නැඟී ගියහ.
යෝබ් 9:24 - Sinhala New Revised Version ලෝකය කුදිටු අය අතට බාර දී තිබේ; විනිසකරුවන්ගේ ඇස් අන්ධ කර ඇත. එසේ නොවේ නම්, මෙසේ වන්නේ කෙසේ ද? Sinhala New Revised Version 2018 ලෝකය කුදිටු අය අතට බාර දී තිබේ; විනිසකරුවන්ගේ ඇස් අන්ධ කර ඇත. එසේ නොවේ නම්, මෙසේ වන්නේ කෙසේ ද? Sinhala Revised Old Version පොළොව දුෂ්ටයාගේ අතට භාරදී තිබේ. එහි විනිශ්චයකාරයන්ගේ මුහුණු උන්වහන්සේ වසනසේක; ඒ උන්වහන්සේ නොවේනම් වෙන කවුද? |
දාවිත් අඬ අඬා, හිස වසාගෙන, පාවහන් නැති ව, ඔලීව කන්දට නඟින පාරේ ගියේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද තම තමන්ගේ හිස් වසාගෙන, අඬමින් නැඟී ගියහ.
රජ තමාගේ මුහුණ වසාගෙන, “අනේ! මාගේ පුත් අබ්සලොම්, අනේ! අබ්සලොම් මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය!” කියා මහා හඬින් හැඬී ය.
ඉන්පසු මොර්දෙකයි රජ වාසල් දොරටුව ළඟට හැරී ආවේ ය. එහෙත්, හාමාන් වැලපෙමින්, මුහුණ වසාගෙන තමාගේ ගෙදරට ඉක්මනින් ගොස්
රාජකීය උයනෙන් භෝජන ශාලාවට රජු හැරී ආ විට හාමාන් එස්තර් උන් යහන පිට වැටී උන්නේ ය. එවිට රජතුමා කතා කරමින්, “මාලිගාවේ මා ඉදිරිපිට දී මොහු රැජිනටත් බලහත්කාරකම් කරන්නට යන්නේ දැ”යි කීවේ ය. මේ වචනය රජුගේ මුඛයෙන් නික්මුණු හැටියේම නපුංසකයෝ හාමාන්ගේ මුහුණ වැසූ හ.
මෙසේ මා පෙළීමත්, ඔබේ ම මැවිල්ල වන මා හෙළා දැකීමත්, දුදනන්ගේ ක්‍රියා කලාපය ගැන සතුට පහළ කිරීමත් ඔබට සුදුසු යැයි වැටහේ ද?
මෙන්න, මට දෙන දැඩි පහර ගැන මා මොරගසන නමුත්, උත්තර දෙන කෙනෙක් නැත. පිහිට ඉල්ලා කෑ ගසන නමුත්, යුක්තිය ඉටු කරන කෙනෙක් නැත.
නගරයේ මරණාසන්න වූවෝ කෙඳිරි ගැසුවත්, තුවාළ වූවෝ උදව් ඉල්ලා මොරගසතත්, දෙවිඳුන් හට නො ඇසේ.
එවිට රාම්ගේ පෙළපතේ බූසීය බාරකෙල්ගේ පුත් එලීහුගේ කෝපාග්නිය ඇවිළිණි. ජෝබ්ට විරුද්ධ ව ඔහුගේ කෝපාග්නිය ඇවිළී ගියේ, ජෝබ් තමා නිවැරදි බවත්, දෙවියන් වහන්සේ වැරදි බවත් කියා පෑ බැවිනි.
ඔබේ බලය පා ඔවුන්ගෙන් මා ගැළෙවුව මැනව. දුදනන්ගේ පල විපාක මෙලොව දී ම ඔවුන්ට ලැබෙනු ඇත. ඔවුන්ට නියම කොට ඇති දුක් පීඩාවලින් ඔවුන්ට දඬුවම් කළ මැනව; ඒ දඬුවම ඔවුන්ගේ දරුවන්ට ද ඉතිරි කොටස දරුවන්ගේ දරුවන්ට ද දුන මැනව.
මේ මහ පොළොවෙහි කෙරෙන සියලු අයුක්තිය දෙස බැලූ විට පීඩා ලබන්නන්ගේ කඳුළු මම දිටිමි; ඔවුන්ට සනසන්නෙක් ද නො වී ය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේ ය. එහෙත්, සනසන්නෙක් නො වී ය.
දේශයට වැසි නොලැබුණ නිසා බිම වියළී තිබෙන බැවින් ගොවියෝ කැළඹී දුකින් තමන්ගේ මුහුණු සඟවාගනිති.
මේ තීරණය මුරකාරයන්ගේ නියමයක් වන්නකි; මේ තීන්දුව ශුද්ධ තැනැත්තන්ගෙන් වන ප්‍රකාශනයකි. මෙසේ වන්නේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත්, මිනිසුන්ගෙන් ඉතා පහත් කෙනෙකුට වුව ද එහි පාලනය භාර දෙන බවත් ජීවත් ව සිටින අය දැනගන්න පිණිස ය.
ඔබේ වචනවලින් ඔබ සමිඳාණන් වහන්සේ වෙහෙසන්නහු ය. එහෙත්, ‘අපි කෙසේ උන් වහන්සේ වෙහෙසන්නෙමු දැ’යි ඔබ අසන්නහු ය. ඔබ උන් වහන්සේ වෙහෙසන්නේ, ‘නපුර කරන සියල්ලෝ ම උන් වහන්සේ ඉදිරියේ යහපත් ය; උන් වහන්සේ ඔවුන් කෙරෙහි ප්‍රසන්න ය’යි කීමෙන්, හා ‘සර්ව සාධාරණ උන් වහන්සේ කොතැන දැ’යි ප්‍රශ්න කිරීමෙන් ය.