“පව් නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් ඔබට විරුද්ධ ව පව් කරන්නටත්, ඔබ ඔවුන් කෙරෙහි උදහස් වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දෙන්නටත්, ඔවුන් වහල්කමට ගන්න අය දුර හෝ ළඟ හෝ ඇති සතුරන්ගේ දේශයට ඔවුන් ගෙනයන්නටත් පුළුවන.
යෝබ් 9:2 - Sinhala New Revised Version “ඔය සියල්ල ඇත්ත ම බව මම හොඳින් දනිමි. එතුමන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර මිනිසෙකුට ජයගත හැකි ද? Sinhala New Revised Version 2018 “ඔය සියල්ල ඇත්ත ම බව මම හොඳින් දනිමි. එතුමන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර මිනිසෙකුට ජයගත හැකි ද? Sinhala Revised Old Version ඒ එසේමයයි මම සැබවින් දනිමි. නුමුත් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කෙසේද? |
“පව් නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් ඔබට විරුද්ධ ව පව් කරන්නටත්, ඔබ ඔවුන් කෙරෙහි උදහස් වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දෙන්නටත්, ඔවුන් වහල්කමට ගන්න අය දුර හෝ ළඟ හෝ ඇති සතුරන්ගේ දේශයට ඔවුන් ගෙනයන්නටත් පුළුවන.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබ ධර්මිෂ්ඨ ය. මන්ද, අද තිබෙන ලෙස අපි කුඩා පිරිසක් ඉතිරි ව සිටිමු. මෙන්න, අපි ඔබ ඉදිරියේ අපේ අපරාධවල ගැලී සිටිමු. මන්ද, මේ කාරණය නිසා ඔබට මූණ දී සිටින්නට අපට නොහැකි ය.’ “
එවන් දෙවිඳුන් අබිමුවෙහි දමිටු කෙනෙකු සිටිය හැකි ද? මෙලෝ උපන් දනන් අතර නිමල කෙනෙකු සිටිය හැකි ද?
එවිට රාම්ගේ පෙළපතේ බූසීය බාරකෙල්ගේ පුත් එලීහුගේ කෝපාග්නිය ඇවිළිණි. ජෝබ්ට විරුද්ධ ව ඔහුගේ කෝපාග්නිය ඇවිළී ගියේ, ජෝබ් තමා නිවැරදි බවත්, දෙවියන් වහන්සේ වැරදි බවත් කියා පෑ බැවිනි.
දෙවිඳුන් අබිමුව කිසිවෙකුට තමා නිදොස් යැයි සිතිය හැකි ද? සිය මැවුම්කරු අබිමුව පිවිතුරු කෙනෙක් සිටිත් ද?
සමිඳුනි, ඔබ අපේ අයුතුකම් සටහන් කර තබන සේක් නම්, විනිශ්චයයෙන් බේරෙන්නට පුළුවන් කවරෙකුට ද?
ඊට හේතුව මේ ය; ව්‍යවස්ථාව පිළිපැදීමෙන් කිසි ම මනුෂ්‍යයෙක් දමිටු බවට පත් කරනු නොලබයි. ව්‍යවස්ථාවෙන් සිදුවන්නේ පාපය පිළිබඳ හැඟීම ඇති කිරීම ය.