‘මාගේ ඇඳෙහි මම සහනය ලබමි. මාගේ යහනෙහි සෝදුක නැති කරගනිමි’යි මම සිතන්නෙමි.
මාගේ ඇඳ මා සනසන්නේය කියාත් මාගේ යහන මාගේ ශෝකය සහනය කරන්නේය කියාත් මා කියන කල,
මාගේ සිතට ශාන්තියක්, සැනසිල්ලක් කොහෙත් ම නැත; මාගේ දුකට අවසානයක් ඇත්තේ ම නැත.”
එවිට, ඔබ ස්වප්නවලින් මා බිය ගන්වන සේක; දර්ශනවලින් මා තැති ගන්වන සේක.
මම සෝදුකින් වෑරී සිටිමි. හැම රැයක ම කඳුළු සැලීමෙන් යහන තෙත් වී ඇත; කඳුළු දහරින් කොට්ටය පෙඟී ඇත;
එතුමාණෝ මුළු රැය ම මා අවදිව තබන සේක. කතා කරන්නට බැරි තරමට මම කැළඹී සිටින්නෙමි.