ජුදා සිහ පොව්වෙකි, මපුත, ඔහු ගොදුරු කා යළි ගුහාව බලා එයි. ඔහු සිහ රදෙකු මෙන් ද සිහ දෙනක මෙන් ද වක ගැසී වැතිර සිටියි. ඔහු නැඟිටුවන්නේ කවරෙක් ද?
යෝබ් 41:10 - Sinhala New Revised Version ඌ ඇවිස්සීමට තරම් දිරිය ඇති කෙනෙක් නැත. ඌ සමඟ සටන් කරන්නට සමත් කවරෙක් ද? Sinhala New Revised Version 2018 ඌ ඇවිස්සීමට තරම් දිරිය ඇති කෙනෙක් නැත. ඌ සමඟ සටන් කරන්නට සමත් කවරෙක් ද? Sinhala Revised Old Version ඌ අවුස්සන තරමට ධෛර්ය ඇති කෙනෙක් නැත. එසේ වීනම් මා ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටද? |
ජුදා සිහ පොව්වෙකි, මපුත, ඔහු ගොදුරු කා යළි ගුහාව බලා එයි. ඔහු සිහ රදෙකු මෙන් ද සිහ දෙනක මෙන් ද වක ගැසී වැතිර සිටියි. ඔහු නැඟිටුවන්නේ කවරෙක් ද?
ඒ දවස හිරු බැස යන කල අහසෙහි තරු නොදිළේ වා! එළිය ලැබෙන පැතුම සුන් වේ වා! අරුණලු උදා නො වේ වා!
අනේ! ලෙවියාතන් නම් තල්මහ දෙස බැලීමෙන් වැඩක් නැත. ඌ දුටු පමණින් මිනිසා ඇද වැටෙනු නියත ය.
සමිඳාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “නුඹ පයින් යන මිනිසුන් සමඟ තරඟයට දුවන කල, ඔව්හු නුඹ වෙහෙසට පත් කළෝ නම්, නුඹ අශ්වයන් සමඟ දුවන්නේ කෙසේ ද? අකුල් නැති දේශයක නුඹ වැටෙන්නෙහි නම්, ජොර්දාන් වන ලැහැබෙහි නුඹට කුමක් සිදු වේ ද?
ජොර්දානයේ වන ලැහැබින් නික්ම සරු ගොදුරු බිම් කරා පැමිණෙන සිංහයෙකු මෙන් මම අවුත් ඒදොම් වැසියන්ට සිය දේශයෙන් පලා යන්නට සලස්වන්නෙමි. එවිට මා සතුටු කෙනෙකු තෝරාගෙන රට පාලනය කිරීමට පත් කරනු ඇත. මට සමාන වන්නේ කවරෙක් ද? මට අභියෝග කරන්නේ කවරෙක් ද? කවර නම් නායකයෙක් මට එදිරි වන්නේ ද?
“බලන්න, ජොර්දාන් වනයේ සිට ගොදුරු බිම් කරා නික්ම එන සිංහයෙකු මෙන් ස්වාමීන් වන මම ඔවුන්ට විරුද්ධ ව නැඟී එන්නෙමි. බබිලෝනිවරුන්ට ඔවුන්ගේ නගරයෙන් හදිසියේ ම පලා යන්නට සලස්වන්නෙමි. එවිට මා විසින් තෝරාගනු ලබන කෙනෙකු රට පාලනය කරන්නට පත් කරන්නෙමි. මන්ද, මට සමාන වන්නේ කවරෙක් ද? මට අභියෝග කරන්නේ කවරෙක් ද? මට විරුද්ධ ව නැඟී සිටින්නට පුළුවන් නායකයා කවරෙක් ද?
සිහ රදෙකු මෙන්, සිහ දෙනක මෙන්, ඉශ්රායෙල් ජනයා, හිස ඔසවා බිම වැතිරෙති. උන් අවදි කරන්නට සමතා කවරෙක් ද? ඔබට ආසිරි දෙන්නා ආසිරි ලද්දෙකි; ඔබට සාප දෙන්නා සාප ලද්දෙකි.”