Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 12:5 - Sinhala New Revised Version

5 සමිඳාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “නුඹ පයින් යන මිනිසුන් සමඟ තරඟයට දුවන කල, ඔව්හු නුඹ වෙහෙසට පත් කළෝ නම්, නුඹ අශ්වයන් සමඟ දුවන්නේ කෙසේ ද? අකුල් නැති දේශයක නුඹ වැටෙන්නෙහි නම්, ජොර්දාන් වන ලැහැබෙහි නුඹට කුමක් සිදු වේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 සමිඳාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “නුඹ පයින් යන මිනිසුන් සමඟ තරඟයට දුවන කල, ඔව්හු නුඹ වෙහෙසට පත් කළෝ නම්, නුඹ අශ්වයන් සමඟ දුවන්නේ කෙසේ ද? අකුල් නැති දේශයක නුඹ වැටෙන්නෙහි නම්, ජොර්දාන් වන ලැහැබෙහි නුඹට කුමක් සිදු වේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 පයින් යන්නන් සමඟ නුඹ දුවන විට ඔව්හු නුඹ වෙහෙසුවෝ නම්, නුඹ අශ්වයන් සමඟ දුවන්නේ කොහොමද? සමාදාන දේශයකදී නුඹ සැඟවෙන්නෙහි නම්, යොර්දාන් වනයේදී නුඹ කුමක් කරන්නෙහිද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 12:5
14 හුවමාරු යොමු  

ප්‍රේමවන්තයෙනි, ඔබ පරීක්ෂා කර බලන පිණිස පැමිණෙන, ඔබ අතර ඇති පීඩා නමැති ගින්න ගැන, නොසිතූ දෙයක් ඔබට සිදු වන්නාක් මෙන් පුදුම නොවන්න.


අර්බුදයක් ඉදිරියෙහි දුබල වන මිනිසා, සැබැවින් ම දුබල මිනිසෙකි.


“බලන්න, ජොර්දාන් වනයේ සිට ගොදුරු බිම් කරා නික්ම එන සිංහයෙකු මෙන් ස්වාමීන් වන මම ඔවුන්ට විරුද්ධ ව නැඟී එන්නෙමි. බබිලෝනිවරුන්ට ඔවුන්ගේ නගරයෙන් හදිසියේ ම පලා යන්නට සලස්වන්නෙමි. එවිට මා විසින් තෝරාගනු ලබන කෙනෙකු රට පාලනය කරන්නට පත් කරන්නෙමි. මන්ද, මට සමාන වන්නේ කවරෙක් ද? මට අභියෝග කරන්නේ කවරෙක් ද? මට විරුද්ධ ව නැඟී සිටින්නට පුළුවන් නායකයා කවරෙක් ද?


ජොර්දානයේ වන ලැහැබින් නික්ම සරු ගොදුරු බිම් කරා පැමිණෙන සිංහයෙකු මෙන් මම අවුත් ඒදොම් වැසියන්ට සිය දේශයෙන් පලා යන්නට සලස්වන්නෙමි. එවිට මා සතුටු කෙනෙකු තෝරාගෙන රට පාලනය කිරීමට පත් කරනු ඇත. මට සමාන වන්නේ කවරෙක් ද? මට අභියෝග කරන්නේ කවරෙක් ද? කවර නම් නායකයෙක් මට එදිරි වන්නේ ද?


ඔබේ දිය ඇලිවල ඝෝෂාවෙන් කැළඹී, මම ගැඹුරෙන් ගැඹුරට කිඳා බසිමි. ඔබේ රළ පතර මා වසාගෙන ඇත.


මාගේ පුත්‍රය, සමිඳුන් දෙන විනය සුළු කොට නොසිතන්න. එතුමන්ගේ තරවටු ගැන නොකලකිරෙන්න.


ගිවිසුම් කරඬුව උසුලාගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟට පැමිණ දියෙහි පා තැබූ හ. අස්වැන්න නෙළන මුළු කාලය තුළ දී ජොර්දාන් ගඟේ දිය ඉවුරු තළා උතුරා යයි.


රජ වනාහි ලේකම් තැන වන බාරුක් සහ දිවැසිවරයා වන ජෙරමියා අල්ලාගෙන එන ලෙස රාජ පුත් ජෙරාමෙයෙල්ටත්, අශ්‍රීයෙල්ගේ පුත් සෙරායාටත්, අබ්දෙයෙල්ගේ පුත් ෂෙලෙමියාටත් අණ කෙළේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔවුන් සඟවා ලූ සේක.


මුළු සෙනඟට කියන්නට සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල ජෙරමියා කියා නිම කළ විට, පූජකයෝ ද දිවැසිවරු ද මුළු සෙනඟ ද ඔහු අල්ලාගෙන, “ඔබ මරණයට පත් කළ යුතු ය.


මොවුහු පළමු වන මාසයේ, ජොර්දාන් ගඟේ වතුර එහි සියලු ඉවුරු තළා ගලා තිබිය දී, එගොඩ වී නැගෙනහිරෙත් බස්නාහිරෙත් මිටියාවත්වල වාසය කළ සියල්ලන් එළවා දැමූහ.


“ඔබ අප අතින් මරුමුවට පත් නොවන පිණිස නම්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අපට දිවැස් වැකි නොකියන්නැ”යි කියමින් ජෙරමියාගේ ප්‍රාණය හානිකරන්නට සොයන අනාතොත්හි මිනිසුන් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්