මම දෙවිඳුන්ට මෙසේ කියමි: ‘මා වරදට පත් නොකළ මැනව; මට විරුද්ධ ව ඔබ කරන පැමිණිල්ලට හේතුව පැවසුව මැනව.
යෝබ් 40:2 - Sinhala New Revised Version “ජෝබ්, නුඹ සව් බලැති දෙවිඳුන්ට අභියෝග කෙළෙහි ය: දැන්වත් නුඹ එය අත්හරින්නෙහි ද? නැතහොත් එයට පිළිතුරු දෙන්නෙහි දැ”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 “ජෝබ්, නුඹ සව් බලැති දෙවිඳුන්ට අභියෝග කෙළෙහි ය: දැන්වත් නුඹ එය අත්හරින්නෙහි ද? නැතහොත් එයට පිළිතුරු දෙන්නෙහි දැ”යි වදාළ සේක. Sinhala Revised Old Version පොරට සිටින්නා සර්වපරාක්‍රමයාණන්වහන්සේ සමඟ විවාදකරන්නේද? දෙවියන්වහන්සේ සමඟ විවාද කරන්නා ඊට උත්තරදෙවයි කීසේක. |
මම දෙවිඳුන්ට මෙසේ කියමි: ‘මා වරදට පත් නොකළ මැනව; මට විරුද්ධ ව ඔබ කරන පැමිණිල්ලට හේතුව පැවසුව මැනව.
එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළින් කියා සිටිමි. කථිකයෙකු මෙන් හැම තර්කයක් ම ඉදිරිපත් කරමි.
“මා කෙරෙන් යුක්තිය වළක්වා, සෝදුකින් මා පිරෙවූ, සව් බලැති දෙවිඳුන් නමින් මම මෙය දිවුරා කියමි:
දෙවි තුමන් හැම අතින් ම හිර කර සිටින, තමා යා යුතු මඟ නොපෙනෙන මිනිසා උපත ලැබුවේ මන් ද?
අහෝ! මට සවන් දෙන කෙනෙක් නැද් ද? මා කියන හැම වචනයක් ම සත්‍ය බවට මෙන්න, මාගේ අත්සන තබමි. සව් බලැති දෙවිඳාණෝ මට උත්තර දෙන සේක් වා! මාගේ එදිරිකරු මට විරුද්ධ ව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!
පැමිණිලිකරු මෙන් මිනිසාට දෙවිඳුන් සමඟ වාද කළ හැකි ද? එතුමන් අසන ප්‍රශ්න දහසකින් එකකට වත් මිනිසාට පිළිතුරු දිය හැකි ද?
කොයි කවර දෙයක් වුව ද සිදු වන්නේ පූර්ව නියමයක් අනුව ය. තමාට වඩා බලවත් උතුමෙකු සමඟ විවාද කරන්න මනුෂ්‍යයෙකුට බැරි ය.
දැනගැන්මත්, අවබෝධයත් ලබාගැනුමටත්, යුතු අයුතු ක්‍රියා මාර්ගය වටහාගැනුමටත් එතුමාණන් සාකච්ඡා කරන්නේ කවරෙකු සමඟ ද?
මන්ද, දෙවිඳාණෝ මා ළඟ ය; එතුමාණෝ මා නිදොස් බව පෙන්වන සේක. මට විරුද්ධ ව චෝදනා කරන්නේ කවරෙක් ද? අපි දෙදෙනා ම විනිශ්චයයට යමු; ඔහු මට විරුද්ධ ව චෝදනාව ඉදිරිපත් කරා වා!
අහෝ බබිලෝනිය! මම නුඹට මලපතක් තැබීමි, නුඹ ද නොදැනුවත් ව ම එයට අසුවුණෙහි ය. නුඹ මට විරුද්ධ ව යුද්ධ කළ නිසා අසු වී අල්ලන ලද්දෙහි ය.
“ ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය; දරුවන්ගේ දත් හිරි වැටෙන්නේ ය’ යන ප්‍රස්තාව පිරුළ නුඹලා ඉශ්රායෙල් රටෙහි නැවත නැවත කියන්නේ මන් ද?
ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ ලියා ඇත: “සමිඳාණන් වහන්සේගේ සිත කවුරු දනිත් ද? උන් වහන්සේට උපදෙස් දිය හැක්කේ කවුරුන් විසින් ද?” එහෙත් ක්‍රිස්තුන් වහන්සේගේ සිත අපට තිබේ.