යෝබ් 4:4 - Sinhala New Revised Version පැකිළෙන අය ඔවා බසින් තිර කොට වැනෙන, සැලෙන දෙදණ සවි කළ හැටි සිතා බලන්න. Sinhala New Revised Version 2018 පැකිළෙන අය ඔවා බසින් තිර කොට වැනෙන, සැලෙන දෙදණ සවි කළ හැටි සිතා බලන්න. Sinhala Revised Old Version සෙලවෙන තැනැත්තා නුඹේ වචනවලින් නුඹ ස්ථිරකෙළෙහිය, නැමෙන දණහිස් සවිකෙළෙහිය. |
මම රැස්වීමේ මූලාසනය ගෙන ඔවුන් ගත යුතු පියවර සකස් කෙළෙමි. සිවුරඟ සෙනඟ පිරිවරා කඳවුරු බැඳගත් රජෙකු මෙන් මම වැජඹෙමින් අසරණයන් සැනසුවෙමි.”
එහෙත්, දැන් ඔබ විපතට පත් වී ඇත; ඔබට ඉවසිල්ලක් නැත. විපත ඔබ වෙත පැමිණ ඇත; ඔබ කැළඹී ඇත.
විඩාවට පත්වූවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිඳාණෝ හැම උදයක ම මා තුළ උනන්දුවක් ඇති කරවන සේක.
එකල රජුගේ මුහුණ මැලවී සිත කැළඹුණේ ය. ඔහුගේ දෙකකුල් වාරු නැති ව දණහිස් එකට එක වැදුණේ ය.
අනෙක් අතට ඒ තැනැත්තා ඔහුගේ අධිකතර ශෝකයෙහි ගිලී නොයන පිණිස ඔහුට කමා වීම හා ධෛර්ය දීම ඔබගේ නියම යුතුකම වේ.
සහෝදරවරුනි, අලසයන්ට අවවාද දෙන්න; බියසුල්ලන් දිරිගන්වන්න; දුබලයන්ට සහයවන්න. මේ සියල්ලන් ගැන ඉවසිලිවන්ත ව සිටින මෙන් අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු.