ඔබ පවසන දෙය ඇත්ත යයි ඔබ සිතන්නෙහි ය. ‘දෙවිඳුනි, ඔබ අබිමුව මම නිදොස් යැ’යි ඔබ කියන්නෙහි ය.
යෝබ් 34:5 - Sinhala New Revised Version ජෝබ් කතා කොට මෙසේ කී ය: ‘මා තුළ වරදක් නැත; එහෙත්, දෙවිඳාණෝ මාගේ අයිතිය පහකළ සේක; Sinhala New Revised Version 2018 ජෝබ් කතා කොට මෙසේ කී ය: ‘මා තුළ වරදක් නැත; එහෙත්, දෙවිඳාණෝ මාගේ අයිතිය පහකළ සේක; Sinhala Revised Old Version මක්නිසාද යෝබ් කථාකොට: මම ධර්මිෂ්ඨයෙමි, දෙවියන්වහන්සේ මාගේ යුක්තිය පහකළසේක. |
ඔබ පවසන දෙය ඇත්ත යයි ඔබ සිතන්නෙහි ය. ‘දෙවිඳුනි, ඔබ අබිමුව මම නිදොස් යැ’යි ඔබ කියන්නෙහි ය.
මෙන්න, මට දෙන දැඩි පහර ගැන මා මොරගසන නමුත්, උත්තර දෙන කෙනෙක් නැත. පිහිට ඉල්ලා කෑ ගසන නමුත්, යුක්තිය ඉටු කරන කෙනෙක් නැත.
“මා කෙරෙන් යුක්තිය වළක්වා, සෝදුකින් මා පිරෙවූ, සව් බලැති දෙවිඳුන් නමින් මම මෙය දිවුරා කියමි:
මම දැහැමිකම නමැති වස්ත්‍රයෙන් සැරසී, රන් සළුවක් ද මකුටයක් ද මෙන් යුක්තිය පැළඳගත්තෙමි.
ඔය කිව්වා හොඳට ම ඇති! මා ගැන අයුතු කතා නවත්වන්න; මාගේ පැමිණිල්ල යුක්ති සහගත ය; මට වරද නොතබන්න.
දෙවි තුමාණෝ යුක්තිය අයුක්තියට පෙරළන සේක් ද? සව් බලැති දෙවිඳුන් නඩුව අවනඩුව කරනු ඇද් ද?
අහෝ, ඉශ්රායෙල් සෙනඟෙනි! අහෝ, ජාකොබ්ගේ සෙනඟෙනි! සමිඳාණෝ ඔබේ දුක් නොදන්න සේක කියාත්, ඔබේ අයිතිවාසිකම් නොසලකන සේක කියාත් ඔබ මැසිවිලි කියන්නේ මන් ද?