Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 34:5 - Sinhala New Revised Version 2018

5 ජෝබ් කතා කොට මෙසේ කී ය: ‘මා තුළ වරදක් නැත; එහෙත්, දෙවිඳාණෝ මාගේ අයිතිය පහකළ සේක;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ජෝබ් කතා කොට මෙසේ කී ය: ‘මා තුළ වරදක් නැත; එහෙත්, දෙවිඳාණෝ මාගේ අයිතිය පහකළ සේක;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 මක්නිසාද යෝබ් කථාකොට: මම ධර්මිෂ්ඨයෙමි, දෙවියන්වහන්සේ මාගේ යුක්තිය පහකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 34:5
14 හුවමාරු යොමු  

‘මම නිදොස් ය; අයුතුකමක් මා තුළ නැත. මම නිර්මල ය; මා තුළ පවක් නැත.


“මා කෙරෙන් යුක්තිය වළක්වා, සෝදුකින් මා පිරෙවූ, සව් බලැති දෙවිඳුන් නමින් මම මෙය දිවුරා කියමි:


තමා නිවැරදි යයි ජෝබ් සිතූ බැවින්, මේ මිනිස්සු තුන්දෙන ඔහුට පිළිතුරු දීම නැවැත්වූ හ.


මම දැහැමිකම නමැති වස්ත්‍රයෙන් සැරසී, රන් සළුවක් ද මකුටයක් ද මෙන් යුක්තිය පැළඳගත්තෙමි.


මා සැහැසිකමින් තොර ව සිටියදීත් මාගේ යාච්ඤා අවංක ව තිබියදීත් මේ දේ මට සිදු වී ඇත.


ඔබ පවසන දෙය ඇත්ත යයි ඔබ සිතන්නෙහි ය. ‘දෙවිඳුනි, ඔබ අබිමුව මම නිදොස් යැ’යි ඔබ කියන්නෙහි ය.


එතුමාණෝ සැඬ සුළඟින් මට පහර දී තව තවත් මට නිකරුණේ තුවාළ කරන සේක.


ඔය කිව්වා හොඳට ම ඇති! මා ගැන අයුතු කතා නවත්වන්න; මාගේ පැමිණිල්ල යුක්ති සහගත ය; මට වරද නොතබන්න.


මෙන්න, මාගේ විත්තිය පිළියෙළ කොට ඇත, මා නිදොස් වන බව සිකුරු ය.


යුක්තිය කොහේ දැ යි අපි සෝදිසි කර බලමු; යහපත කවරේ දැ යි අපි තීරණය කරමු.


අහෝ, ඉශ්රායෙල් සෙනඟෙනි! අහෝ, ජාකොබ්ගේ සෙනඟෙනි! සමිඳාණෝ ඔබේ දුක් නොදන්න සේක කියාත්, ඔබේ අයිතිවාසිකම් නොසලකන සේක කියාත් ඔබ මැසිවිලි කියන්නේ මන් ද?


දෙවි තුමාණෝ යුක්තිය අයුක්තියට පෙරළන සේක් ද? සව් බලැති දෙවිඳුන් නඩුව අවනඩුව කරනු ඇද් ද?


මෙන්න, මට දෙන දැඩි පහර ගැන මා මොරගසන නමුත්, උත්තර දෙන කෙනෙක් නැත. පිහිට ඉල්ලා කෑ ගසන නමුත්, යුක්තිය ඉටු කරන කෙනෙක් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්