එවිට අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා, “යසයි, ඔබ අපට කළ දේ! මා පිටත්, මාගේ රාජ්‍යය පිටත් මේ සා බරපතල පාපයක් පැවරීමට මා ඔබට කළ වැරැද්ද කුමක් ද? ඔබ මට කර ඇත්තේ කොතරම් නොකටයුතු දෙයක් ද?
යෝබ් 31:11 - Sinhala New Revised Version මන්ද, එය දූෂිත අපරාධයකි, නීතියෙන් දඬුවම් දිය යුතු දරුණු ක්‍රියාවකි. Sinhala New Revised Version 2018 මන්ද, එය දූෂිත අපරාධයකි, නීතියෙන් දඬුවම් දිය යුතු දරුණු ක්‍රියාවකි. Sinhala Revised Old Version මක්නිසාද එය දූෂ්‍ය අපරාධයක්ය; එසේය, එය විනිශ්චයකාරයන් විසින් දඬුවම්කළ යුතුවූ අයුතුකමක්ය. |
එවිට අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා, “යසයි, ඔබ අපට කළ දේ! මා පිටත්, මාගේ රාජ්‍යය පිටත් මේ සා බරපතල පාපයක් පැවරීමට මා ඔබට කළ වැරැද්ද කුමක් ද? ඔබ මට කර ඇත්තේ කොතරම් නොකටයුතු දෙයක් ද?
එවිට අබිමෙලෙක්, “ඔබ අපට කළ මේ දේ කුමක් ද? සෙනඟගෙන් කෙනෙක් ලෙහෙසියෙන් ම ඈ සමඟ සේවනයෙහි යෙදෙන්නට තිබිණි. එසේ වී නම්, ඔබ නිසා අප පිට වරද පැමිණෙන්නට තිබුණේ ය”යි කීවේ ය.
මාස තුනක් පමණ ගත වූ පසු, “ඔබේ ලේලිය වන තාමාර් වේශ්‍යාකම් කළා ය” කියා ද, “ඇරත් වේශ්‍යාකමින් ඈ පිළිසිඳගෙන සිටින්නී ය” කියා ද ජුදාට දන්වන ලදින්, ඔහු ද, “ඈ පිටත ගෙනවුත් පුළුස්සා දමන්නැ”යි කීවේ ය.
මේ නිවස කෙරෙහි ඔහුට මෙන් ම මට ද පාලන බලය ඇත. ඔබ ඔහුගේ භාර්යාව නිසා ඔබ හැරෙන්නට, අන් සියල්ල ම මට බාර දී ඇත. එසේ නම් මම මෙ වැනි මහා දුෂ්ට ක්‍රියාවක් කොට, දෙවියන් වහන්සේට විරුද්ධ ව කෙසේ පව් කරම් දැ”යි ඇසී ය.
පර පුරුෂ සේවනයෙහි යෙදෙන මිනීමරු කාන්තාවන්ට ම දිය යුතු නිසි විනිශ්චය දී, නුඹට දඬුවම් කොට නුඹ උදහසට හා කෝපයට ලක් කිරීමට මම සලසන්නෙමි.