යෝබ් 26:11 - Sinhala New Revised Version එතුමන්ගේ තර්ජන අසා, අහස උසුලා සිටින කණු බියෙන් වෙවුළා තැති ගනියි. Sinhala New Revised Version 2018 එතුමන්ගේ තර්ජන අසා, අහස උසුලා සිටින කණු බියෙන් වෙවුළා තැති ගනියි. Sinhala Revised Old Version උන්වහන්සේගේ තරවටුවට අහසේ කණු වෙවුලා ත්‍රස්තවෙති. |
දෙවිඳාණෝ සැදැහැවතුන් වුව ද විශ්වාස නොකරන සේක; සගලොව වුව ද එතුමන් ඉදිරියෙහි පිරිසිදු නැත.
එවිට මිහිකත සෙලවී කම්පා වූවා ය; කඳුවල පදනම් දෙදරා සෙලවුණේ ය; මන්ද, එතුමාණෝ උදහස් වූ සේක.
උන් වහන්සේ ඉදිරියෙහි කඳු දෙදරා යයි; හෙල් දිය වී යයි; උන් වහන්සේ ඉදිරියෙහි පොළොව ද ලොව ද එහි වැසි සියල්ලෝ ද වෙවුලති.
උන් වහන්සේගේ කෝපයට මුහුණ පෑ හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ ඇවිලෙන උදහසේ දී නොනැසී සිටිය හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ කෝපාග්නිය දැල්වෙන විට පර්වත පවා ධූලි මෙන් උන් වහන්සේ ඉදිරියෙහි ඇද හැළෙන්නේ ය.
එහෙත් සමිඳාණන් වහන්සේගේ දවස සොරෙකු මෙන් හදිසියෙන් පැමිණෙයි. ඒ දවසේ දී අහස ගිගුරුම් හඬ දෙමින් පහ වී යන්නේ ය; මහා භූතයෝ ද ගිනිගෙන උණු වී යන්නෝ ය; පොළොව ද එහි ඇති සියල්ල ද දැවී විනාශ වී යන්නේ ය.
තවද, විශාල ධවල සිංහාසනයක් ද, එහි වැඩහුන් තැනැන් වහන්සේ ද දිටිමි. උන් වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලා ගියේ ය. ඒවායේ ලකුණක් වත් ඉතිරි නො වී ය.
අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමාසන උරුම කර දෙන පිණිසත්, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක. පොළොවේ පදනම් සමිඳාණන්ගේ ය; එතුමාණෝ ඒවා පිට ලොව පිහිටෙවු සේක.