යෝබ් 25:5 - Sinhala New Revised Version එතුමන් අබිමුව සඳ මඬලෙහි දීප්තියක් නැත; තරු පෙළ මැද කාන්තිය නැත; Sinhala New Revised Version 2018 එතුමන් අබිමුව සඳ මඬලෙහි දීප්තියක් නැත; තරු පෙළ මැද කාන්තිය නැත; Sinhala Revised Old Version බලව, චන්ද්‍රයා පවා දීප්තිමත් නොවේ; තාරකාද උන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නොවෙති. |
දෙවිඳාණෝ සැදැහැවතුන් වුව ද විශ්වාස නොකරන සේක; සගලොව වුව ද එතුමන් ඉදිරියෙහි පිරිසිදු නැත.
එතුමාණෝ සිය මෙහෙකරුවන් කෙරේ වත් විශ්වාසය නොතබන සේක; දේව දූතයන් හට වුව ද දොස් නඟන සේක.
“ඔය සියල්ල ඇත්ත ම බව මම හොඳින් දනිමි. එතුමන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර මිනිසෙකුට ජයගත හැකි ද?
එවිට, හඳ අඳුරු වන්නේ ය; ඉර නොබැබළෙන්නේ ය. මන්ද, සව් බලැති සමිඳුන් රජ වන බැවිනි. එතුමාණෝ ජෙරුසලමේ සියොන් කන්ද මුදුනේ, රජකම් කරන සේක. එතුමන්ගේ තේජාලංකාරය ප්‍රජා මූලිකයන් අබිමුව ප්‍රකාශ වන්නේ ය.
කලින් තේජසින් පැමිණි දේ දැන් පහ ව ගොස් ඇත. ඒ තේජස පරදවන ඊට වඩා මහා තේජසක් දැන් පැමිණ තිබේ.