සැප විහරණයෙන් කල් යවන ස්ත්‍රියනි, මා කියන දේට සවන් දෙන්න, වගකීමක් නැති තරුණියනි, මා කියන දේ අසන්න.
යෙරෙමියා 9:19 - Sinhala New Revised Version මන්ද, “අපි විනාශ වුණෙමු; අප දේශය අත්හැර ගිය නිසා ද ඔවුන් අපේ වාසස්ථාන හෙළාදැමූ නිසා ද අපි නින්දාවට පත් ව සිටිමු” යන ළතෝනිය සියොන් කෙරෙන් ඇසුණේ ය. Sinhala New Revised Version 2018 මන්ද, “අපි විනාශ වුණෙමු; අප දේශය අත්හැර ගිය නිසා ද ඔවුන් අපේ වාසස්ථාන හෙළාදැමූ නිසා ද අපි නින්දාවට පත් ව සිටිමු” යන ළතෝනිය සියොන් කෙරෙන් ඇසුණේ ය. Sinhala Revised Old Version මක්නිසාද: අප නාස්තිවුණ හැටි! අප දේශය අත්හැරිය නිසාද ඔවුන් අපේ වාසස්ථාන හෙළාදැමූ නිසාද අපි ඉතා වියවුල්ව සිටිමුව යන ළතෝනි හඬක් සියොන් කෙරෙන් ඇසුණේය. |
සැප විහරණයෙන් කල් යවන ස්ත්‍රියනි, මා කියන දේට සවන් දෙන්න, වගකීමක් නැති තරුණියනි, මා කියන දේ අසන්න.
එකල සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මෝසෙස් හා සාමුවෙල් මා ඉදිරියෙහි සිට කන්නලව් කළත්, මේ සෙනඟට මම අනුකම්පා නොකරමි. මා ඉදිරියෙන් ඔවුන් පහ කරන්න; ඔවුන් පලවා හරින්න.
“ඉශ්රායෙල් දාසයෙක් ද? නොහොත් ගෙයි උපන් වහලෙක් ද? සිය සතුරන්ට ඉශ්රායෙල් ගොදුරු වී සිටින්නේ මන් ද?
“බලන්න, සතුරා වලාකුළු මෙන් ද ඔහුගේ රථ සුළි සුළඟක් මෙන් ද නැඟී එන්නේ ය. ඔහුගේ අශ්වයෝ රාජාලින්ට වඩා ශීඝ්‍ර ය. අහෝ, අපට වන විපතක මහත! අපි විනාශයි!
විපත පිට විපත පැමිණ ඇත; මුළු රට ම නාස්ති වී ඇත. හදිසියේ ම මාගේ කූඩාරම විනාශ විය; එහි තිර වැසුම් ඉරී ගියේ ය.
මා නුඹලාගේ සහෝදරයන් වන මුළු එප්‍රායිම් වංශය නෙරපාදැමූ පරිදි නුඹලාත් මා ඉදිරියෙන් මම නෙරපා දමන්නෙමි.”
එහෙත්, සැබෑවට ම ඔවුන් කෝප කරවන්නේ මා ද? නැත; ඔවුන් එසේ කරගන්නේ ඔවුන්ට ම ය. තමන් පිට ම ඔව්හු ලජ්ජාව පමුණුවාගන්නෝ ය.
“ජෙරුසලම් ජනයෙනි, නුඹලාගේ හිසකෙස් කපා ඉවත දමා, පාළු කඳු උඩ විලාපයක් නඟන්න. මන්ද, ස්වාමීන් වන මම, මාගේ කෝපයට ලක් වූ මේ පරම්පරාව ප්‍රතික්ෂේප කර අත්හළෙමි.
“ඉවත් වන්න, අපවිත්‍ර ය. ඉවත් වන්න, ඉවත් වන්න, අපට අත නො ගසන්නැ”යි ඔව්හු ඔවුන්ට මොරගසා කී හ. ඔවුන් පලා ගොස් ඔබමොබ ගිය විට, “ඔව්හු තවත් මෙහි නොසිටිති”යි විජාතීන් අතරේ කියන ලද්දේ ය.
ඔව්හු එසේ හැසිර දේශය කෙලෙසාගත්හ. එබැවින් මම ඔවුන්ගේ දුෂ්ටකමට දඬුවම් දෙමි. ඒ දේශය පවා තම වැසියන් නෙරපා දමන්නේ ය.
නුඹලාට කලින් ඔවුන් එසේ කර, දේශය එහි වැසියන් නෙරපාදැමී ය. එලෙස ම නුඹලාත් දේශය කෙලෙසුවොත්, දේශය නුඹලාත් නෙරපාදමනු ඇත. එබැවින් එලෙස නොකිරීමට වග බලාගත යුතු ය.
“එබැවින් නුඹලා මාගේ සියලු නීති සහ සියලු විනිශ්චයයන් පිළිපදිමින් ඒවා ඉටු කළ යුතු ය. එවිට මා නුඹලා පදිංචි කරවීමට යන දේශය නුඹලා නෙරපා නොදමනු ඇත.
නැඟිට යන්න. මෙය නුඹලාට විවේක ස්ථානයක් නොවේ. පාපය නිසා නුඹලා භයානක විපතකට පත් වන්නහු ය.
ඒ කාලයේ දී නුඹලා පිළිබඳ කථාන්තරය විනාශයේ උදාහරණයක් වශයෙන් ගෙන ළතෝනි ද ගයන්නෝ ය. ‘අපි නැත්තට ම නැති වී සිටිමු’යි කියමින් ඔව්හු මෙසේ ද කියති: ‘දේශය අප අතින් පැහැරගෙන තිබෙන හැටි! ඒ දේශය අප වහල්කමට ගත් අයට උන් වහන්සේ දී ඇත.’ “
අන්ධයා අඳුරේ අතපතගාමින් යන්නාක් මෙන් ඔබ ද ඉර මුදුන් වේලාවෙහි අතපතගාමින් යන්නහු ය. ඔබ ගන්න පියවර සාර්ථක නොවන්නේ ය. ඔබ නිතර ම පීඩාවටත්, කොල්ලයටත් පාත්‍ර වන නමුත්, කිසිවෙක් ඔබ ගළවානොගන්නේ ය.