Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 9:19 - Sinhala Revised Old Version

19 මක්නිසාද: අප නාස්තිවුණ හැටි! අප දේශය අත්හැරිය නිසාද ඔවුන් අපේ වාසස්ථාන හෙළාදැමූ නිසාද අපි ඉතා වියවුල්ව සිටිමුව යන ළතෝනි හඬක් සියොන් කෙරෙන් ඇසුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 මන්ද, “අපි විනාශ වුණෙමු; අප දේශය අත්හැර ගිය නිසා ද ඔවුන් අපේ වාසස්ථාන හෙළාදැමූ නිසා ද අපි නින්දාවට පත් ව සිටිමු” යන ළතෝනිය සියොන් කෙරෙන් ඇසුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 මන්ද, “අපි විනාශ වුණෙමු; අප දේශය අත්හැර ගිය නිසා ද ඔවුන් අපේ වාසස්ථාන හෙළාදැමූ නිසා ද අපි නින්දාවට පත් ව සිටිමු” යන ළතෝනිය සියොන් කෙරෙන් ඇසුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 9:19
20 හුවමාරු යොමු  

බලව, ඔහු වලාකුල් මෙන්ද ඔහුගේ රථ සුළි හුළඟක් මෙන්ද නැගී එන්නේය. ඔහුගේ අශ්වයෝ රාජාලීන්ට වඩා ශීඝ්‍රය. අහෝ අපට දුක්වේ! මක්නිසාද අපි නාස්තිවීමුව.


අන්ධයා අඳුරෙහි අතගගා යන්නාක් මෙන් නුඹ ඉර මුදුන් වේලාවෙහි අතගගා යන්නෙහිය, නුඹේ මාර්ගවලදී නුඹ සඵලනොවන්නෙහිය. නුඹ ගළවන්ට කිසිවෙකු නැතුව නුඹ නිරන්තරයෙන් පීඩාවට හා කොල්ලයටම ගොදුරු වන්නෙහිය.


මේක නුඹලාගේ නිවාසය නොවන නිසා නැගිට යන්න. අපවිත්‍රකම නිසා බලවත් විනාශයකින් ඒක නුඹලාව විනාශකරනවා ඇත.


ඒ කාලයේදී ඔවුන් නුඹලා ගැන උපමාවක් කියමින්ද දුක්මුසුවූ ළතෝනියකින් ළතෝනි කියමින්ද: අපි සහමුලින්ම නාස්තිවුණෙමුව. උන්වහන්සේ මාගේ සෙනඟගේ කොටස මාරුකරනසේක. ඒක මාගෙන් පහකරන හැටි! කැරළිකාරයන්ට උන්වහන්සේ අපේ කෙත් බෙදාදෙනසේකැයි කියනවා ඇත.


අපේ උරුමය අන්‍යයන්ටත් අපේ ගෙවල් විදේශීන්ටත් අයිතිවී තිබේ.


අහක්වෙන්න, අපවිත්‍රය! අහක් වෙන්න, අහක්වෙන්න, තැවරෙන්ට එපායයි ඔව්හු ඔවුන්ට මොරගැසුවෝය. ඔවුන් පලාගොස් ඔබමොබ ගිය විට: ඔව්හු තවත් මෙහි නොසිටින්නෝ යයි ජාතීන් අතරේ කියනලද්දේය.


නාස්තියක් පිට නාස්තියක් ප්‍රකාශකරනු ලබන්නේය; මක්නිසාද මුළු දේශයම නාස්තිවී තිබේ. හදිසියෙන් මාගේ කූඩාරම්ද මොහොතකින් මාගේ තිරද නාස්තිවුණේය.


ඉශ්‍රායෙල් දාසයෙක්ද? නොහොත් ඔහු ගෙයි උපන් වහලෙක්ද? ඔහු කොල්ලයක් වී සිටින්නේ මන්ද?


එබැවින් නුඹලා වාසය කරන පිණිස මා විසින් නුඹලා පමුණුවන දේශය නුඹලා වමාරානොදමන පිණිස මාගේ සියලු පනත්ද මාගේ සියලු විනිශ්චයයන්ද රක්ෂාකරමින් පවත්වන්න.


එසේ නුඹලාත් දේශය අපවිත්‍රකළොත් දේශය නුඹලාට පළමුවෙන් සිටිය ජාතීන් වමාරාදැමුවාක්මෙන් නුඹලාත් වමාරා දමනවා ඇත.


දේශයද කිලුටුවී තිබේ. ඒ නිසා එහි අයුතුකම ඒ පිටට පමුණුවන්නෙමි, දේශයද එහි වැසියන් වමාරා දමන්නීය.


මම නුඹලාගේ සියලු සහෝදරයන් වන මුළු එප්‍රායිම් වංශය අහක දැමුවාක්මෙන් නුඹලාත් මා ඉදිරියෙන් අහක දමන්නෙමි.


ඔවුන් කෝපය උපදවන්නේ මටද? තමුන්ගේ මුහුණු ලජ්ජාවට පත්වන හැටියට තමුන්ටම නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


යෙරුසලම, නුඹේ හිසකේ කපා අහක දමා, මුඩු කඳු උඩ විලාපයක් පවත්වන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ව උදහස් කළ පරම්පරාව එපාකර අත්හැරියසේක.


එකල ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: මෝසෙස් සහ සාමුවෙල් මා ඉදිරියෙහි සිටියත් මාගේ සිත මේ සෙනඟ දෙසට හැරෙන්නේ නැත. ඔවුන් පිටතට යන පිණිස මා ඉදිරියෙන් හරින්න.


එම්බා නොසැලකිලි ස්ත්‍රීවරුනි, නැගිටින්න, මාගේ හඬ අසන්න; අප්‍රවේසම් දූවරුනි, මාගේ බසට ඇහුම්කන්දෙන්න.


මනුෂ්‍ය පුත්‍රය, නුඹ තීර් ගැන විලාපයක් පවත්වමින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්