යෙරෙමියා 9:1 - Sinhala New Revised Version අහෝ! මැරුම් කෑ මාගේ සෙනඟ ගැන දිවා රෑ දෙක්හි හැඬීමට මාගේ හිස පොකුණක් ද මාගේ ඇස් කඳුළු උල්පතක් ද වූවොත් මම කැමැති ය. Sinhala New Revised Version 2018 අහෝ! මැරුම් කෑ මාගේ සෙනඟ ගැන දිවා රෑ දෙක්හි හැඬීමට මාගේ හිස පොකුණක් ද මාගේ ඇස් කඳුළු උල්පතක් ද වූවොත් මම කැමැති ය. Sinhala Revised Old Version අහෝ මාගේ දියණිය වන සෙනඟගේ මැරුම්කෑවුන් ගැන රෑ දාවල් අඬන පිණිස මාගේ හිස වතුරද මාගේ ඇස් කඳුළු උල්පතක්ද වුණොත් යෙහෙකි! |
‘ඔබේ දෙවියෝ කොහේ ද’ කියා දවස පුරා මිනිසුන් මට කියන කල මම දිවා රෑ දෙක්හි කඳුළු වගුරුවමි.
දැන් මම ජාශර්හි වූ මිදි වැල් ගැන වැලපෙන්නාක් මෙන්, සිබ්මාහි මිදි වැල් ගැන ද වැලපෙන්නෙමි. හෙෂ්බොන් හා එලෙයාලේ ගැන මම කඳුළු වගුරුවන්නෙමි. යුද හඬ නුඹේ කෙත් වතු පවා විනාශ කිරීමට එන්නේ ය.
මාගේ සෙනඟ මෙපමණ ගණනක් විනාශ වී ඇති බැවින් දැන් මට තනි ව ම හඬා වැලපෙන්න ඉඩ හරින්න. මා සනසන්න උත්සාහ නොකරන්න.
ඔබ සවන් නොදෙන්නහු නම්, ඔබේ අහංකාරය නිසා මම රහසිගත ව හඬමි. සමිඳුන්ගේ සෙනඟ වහල්කමට ගෙනයනු ලැබූ නිසා මම හඬා වැලපෙමි. බොහෝ සෙයින් කඳුළු වගුරන්නෙමි.
“ජෙරමියා, ඔබ සෙනඟට මෙසේ කියන්න: ‘රෑ දාවල් දෙක්හි මාගේ ඇස්වලින් කඳුළු නොනැවතී ගලායන්නේ ය. මන්ද, මාගේ සෙනඟ බරපතල තුවාළයකින් ද ඉතා දරුණු පහරකින් ද පීඩිත ව සිටිති.
මේ සියල්ල කළ පසු ඉශ්රායෙල්ගේ ද්‍රෝහිකාර සොහොයුරිය වන ජුදා සැබෑ සිතින් නොව ව්‍යාජ සිතින් මා වෙත හැරී ආවා ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”
අනේ! මාගේ දරුණු වේදනාව, මාගේ දරුණු වේදනාව. ඒ වේදනාවෙන් මම ඇඹරෙන්නෙමි. අහෝ මාගේ පපුව! මාගේ පපුව තදින් ගැහෙයි. මට නිශ්ශබ්ද ව සිටින්නට බැරි ය. මන්ද, හොරණෑ හඬත්, රණ හඬත් මට ඇසුණේ ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මා නුඹට කමා වන්නේ කෙසේ ද? නුඹේ දරුවෝ මා අත්හැර, බොරු දෙවිවරුන්ගේ නමින් දිවුළෝ ය. මා ඔවුන්ට කන්නට දී තෘප්තියට පැමිණෙවූ පසුත් ඔව්හු කාමමිථ්‍යාචාරය කළෝ ය. ඔව්හු රංචු ගැසී වේශ්‍යාවන්ගේ ගෙවලට ඇතුළු වුණෝ ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි හැඳගෙන, අළුවල පෙරළි පෙරළී, මියගිය එක ම පුතෙකු උදෙසා මෙන් ඉතා දුක් බර ව වැලපෙන්න. මන්ද, විනාශ කරන්නා හදිසියෙන් නුඹට පහර දෙන්නේ ය.
සෙනඟ පිළිතුරු දෙමින්, “අපේ ඇස්වලින් කඳුළු වැගිරෙන පිණිසත්, ඇසිපියවලින් වතුර ගලන පිණිසත් අප ගැන ළතෝනියක් පවත්වන ලෙස ඔවුන්ට කියන්නැ”යි කියති.
මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්, කඳුළු වැගිරීමෙන් වෙහෙසට ද, ළමයින් ද කිරි දරුවන් ද නුවර වීදිවල ක්ලාන්ත වන බැවින් මාගේ සිත ශෝකයෙන් ඇලළී ගොස් ඇත.
සමහරු ලේ වගුරු වන පිණිස අල්ලස් ගත්හ. නුඹ පොලී සහ ලාභ ගෙන, නුඹේ අසල්වැසියාගෙන් අයුක්තියෙන් ලාභ උපදවාගෙන මා අමතක කෙළෙහි ය. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.
ඔව්හු සියල්ලෝ ම කාමමිථ්‍යාචාරය කරන්නෝ ය. ඔව්හු වනාහි පාන් පුළුස්සන්නා රත් කළ, ඇනූ පිටි පිපෙන තුරු ගිනියම් වෙමින් පවතින ගිනි උදුනට සමාන ය.