ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 51:41 - Sinhala New Revised Version

සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “බබිලෝනිය අල්ලාගනු ලැබූ හැටි! මුළු පොළොවේ කීර්තිය දැරූ නගරය අසු වූ හැටි! බබිලෝනිය ජාතීන් අතරේ ත්‍රාසයක් වූ හැටි!

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “බබිලෝනිය අල්ලාගනු ලැබූ හැටි! මුළු පොළොවේ කීර්තිය දැරූ නගරය අසු වූ හැටි! බබිලෝනිය ජාතීන් අතරේ ත්‍රාසයක් වූ හැටි!

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ෂේෂක් අසුවූ හැටි! මුළු පොළොවේ කීර්තිය ඇත්තී අල්ලනු ලැබූ හැටි! බබිලෝනිය ජාතීන් අතරේ පාළුවක්වූ හැටි!

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 51:41
15 හුවමාරු යොමු  

“මේ මාලිගාව ළඟින් යන සියල්ලෝ විස්මයට පත් ව, ‘සමිඳාණන් වහන්සේ මේ දේශයටත්, මේ මාලිගාවටත් කුමක් නිසා මෙසේ කළ සේක් දැ’යි අසන්නෝ ය.


මෙසේ සියලු රාජ්‍යවලට වඩා අලංකාර, ජනයාගේ ආඩම්බරයට තුඩු දෙන බබිලෝනිය මම සොදොම් හා ගොමොරා විනාශ කළාක් මෙන් විනාශ කරන්නෙමි.


උන් වහන්සේ එසේ කළ විට ඉශ්රායෙල් සෙනඟ බබිලෝනියේ රජුට මෙසේ සරදම් කරනු ඇත: “කුරිරු නිරිඳු වැටී ඇත; අනුන්ට පීඩා කිරීමේ ශක්තිය ඔහුට තවත් නැත.


එකිනෙකාට සමීප ව සිටින්නන් සහ දුර ව සිටින්නන් වන උතුරු දිශාවේ සියලු රජුන්ටත්, පොළොව මතුපිට තිබෙන ලෝකයේ සියලු රාජ්‍යවලටත්, මේ කුසලානෙන් පෙව්වෙමි; මොවුන්ට පසු ව බබිලෝනියේ රජු එයින් පානය කරනු ඇත.


කීර්තිමත්, ප්‍රීතිමත් නුවර දැන් පාළුවට ගොස් තිබෙන හැටි!


බබිලෝනිය කුළුගෙඩියක් මෙන් මුළු ලොවට පහර දුන්නේ ය. දැන් ඒ කුළුගෙඩිය කැඩී බිඳී ගොස් තිබෙන හැටි! ජාතීන් අතර බබිලෝනිය භයානක දර්ශනයක් වී තිබෙන හැටි!


බබිලෝනියේ වැටීමේ ශබ්දයට පොළොව කම්පා වනු ඇත. ඔවුන්ගේ කෑගැසීමේ හඬ අවට ජාතීන් අතරේ ඇසෙන්නේ ය.”


එවිට බබිලෝනිය කිසි වැසියෙකු නැති, ජරාවාසයක් වන්නී ය; සිවලුන් වසන ගුහාවලට හැරෙන්නී ය; භීතියට හා සරදමට කරුණක් වන්නී ය.


ද්වීපවල සියලු ම වැසියෝ නුඹේ ඉරණම ගැන විස්ම පත් වෙති; ඔවුන්ගේ රජවරු ද අතිශයින් බිය ව කැළඹුණ මුහුණු ඇති ව සිටිති.


සෑම තැන ම වසන මිනිසුන් ද මෘගයන් ද ආකාශ පක්ෂීන් ද ඔබ අතට භාර දී ඔව්හු සියල්ලෝ ඔබේ පාලනයට යටත් කරන ලද හ. රත්රන් හිස නම් ඔබ ය.


“ඔබ වර්ධනය වී බලවත් ව සිටින්නෙහි ය. ඔබේ උතුම්කම වැවී, අහස දක්වා නැඟී ඇත. ඔබේ පාලනය පොළොවේ සීමාන්තයන් දක්වා පැතිර ගොස් ඇත.


සක්මන් කරමින් සිටිය දී ඔහු මෙසේ කීවේ ය: “එම්බා ශ්‍රේෂ්ඨ බබිලෝනිය, මාගේ රජවාසල වශයෙන් ද මාගේ රාජශ්‍රීයේ ගෞරවය උදෙසා ද මාගේ බලපරාක්‍රමයෙන් මා විසින් ගොඩනඟන ලද නගරය තී නොවේ ද?”


උන් වහන්සේ ඔබ පමුණුවන සියලු ජාතීන් අතර ඔබ ඔවුන්ගේ මවිතයට හේතු වනු ඇත. ඔව්හු ඔබ සමච්චලයට ද උපහාසයට ද ලක් කරන්නෝ ය.