Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 51:41 - Sinhala New Revised Version 2018

41 සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “බබිලෝනිය අල්ලාගනු ලැබූ හැටි! මුළු පොළොවේ කීර්තිය දැරූ නගරය අසු වූ හැටි! බබිලෝනිය ජාතීන් අතරේ ත්‍රාසයක් වූ හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “බබිලෝනිය අල්ලාගනු ලැබූ හැටි! මුළු පොළොවේ කීර්තිය දැරූ නගරය අසු වූ හැටි! බබිලෝනිය ජාතීන් අතරේ ත්‍රාසයක් වූ හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

41 ෂේෂක් අසුවූ හැටි! මුළු පොළොවේ කීර්තිය ඇත්තී අල්ලනු ලැබූ හැටි! බබිලෝනිය ජාතීන් අතරේ පාළුවක්වූ හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 51:41
15 හුවමාරු යොමු  

එකිනෙකාට සමීප ව සිටින්නන් සහ දුර ව සිටින්නන් වන උතුරු දිශාවේ සියලු රජුන්ටත්, පොළොව මතුපිට තිබෙන ලෝකයේ සියලු රාජ්‍යවලටත්, මේ කුසලානෙන් පෙව්වෙමි; මොවුන්ට පසු ව බබිලෝනියේ රජු එයින් පානය කරනු ඇත.


මෙසේ සියලු රාජ්‍යවලට වඩා අලංකාර, ජනයාගේ ආඩම්බරයට තුඩු දෙන බබිලෝනිය මම සොදොම් හා ගොමොරා විනාශ කළාක් මෙන් විනාශ කරන්නෙමි.


කීර්තිමත්, ප්‍රීතිමත් නුවර දැන් පාළුවට ගොස් තිබෙන හැටි!


ද්වීපවල සියලු ම වැසියෝ නුඹේ ඉරණම ගැන විස්ම පත් වෙති; ඔවුන්ගේ රජවරු ද අතිශයින් බිය ව කැළඹුණ මුහුණු ඇති ව සිටිති.


එවිට බබිලෝනිය කිසි වැසියෙකු නැති, ජරාවාසයක් වන්නී ය; සිවලුන් වසන ගුහාවලට හැරෙන්නී ය; භීතියට හා සරදමට කරුණක් වන්නී ය.


බබිලෝනියේ වැටීමේ ශබ්දයට පොළොව කම්පා වනු ඇත. ඔවුන්ගේ කෑගැසීමේ හඬ අවට ජාතීන් අතරේ ඇසෙන්නේ ය.”


බබිලෝනිය කුළුගෙඩියක් මෙන් මුළු ලොවට පහර දුන්නේ ය. දැන් ඒ කුළුගෙඩිය කැඩී බිඳී ගොස් තිබෙන හැටි! ජාතීන් අතර බබිලෝනිය භයානක දර්ශනයක් වී තිබෙන හැටි!


උන් වහන්සේ එසේ කළ විට ඉශ්රායෙල් සෙනඟ බබිලෝනියේ රජුට මෙසේ සරදම් කරනු ඇත: “කුරිරු නිරිඳු වැටී ඇත; අනුන්ට පීඩා කිරීමේ ශක්තිය ඔහුට තවත් නැත.


“මේ මාලිගාව ළඟින් යන සියල්ලෝ විස්මයට පත් ව, ‘සමිඳාණන් වහන්සේ මේ දේශයටත්, මේ මාලිගාවටත් කුමක් නිසා මෙසේ කළ සේක් දැ’යි අසන්නෝ ය.


උන් වහන්සේ ඔබ පමුණුවන සියලු ජාතීන් අතර ඔබ ඔවුන්ගේ මවිතයට හේතු වනු ඇත. ඔව්හු ඔබ සමච්චලයට ද උපහාසයට ද ලක් කරන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්