Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 2:38 - Sinhala New Revised Version

38 සෑම තැන ම වසන මිනිසුන් ද මෘගයන් ද ආකාශ පක්ෂීන් ද ඔබ අතට භාර දී ඔව්හු සියල්ලෝ ඔබේ පාලනයට යටත් කරන ලද හ. රත්රන් හිස නම් ඔබ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

38 මනුෂ්‍ය පුත්‍රයන් වසන සෑම තැන්වලම සිටින වන මෘගයන්ද ආකාශ පක්ෂීන්ද ඔබ අතට දී, ඔවුන් සියල්ලන් කෙරෙහි ඔබ ආණ්ඩුකාරයා කළ සේක. රත්රන් හිස නම් ඔබය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 2:38
10 හුවමාරු යොමු  

බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ද ඔහුගේ මුළු සේනාව ද ඔහුගේ පාලනය යටතේ තිබුණු සියලු රට රාජ්‍යයන් ද සියලු ජනයන් ද ජෙරුසලමටත්, ඊට අයිති සියලු නගරවලටත් විරුද්ධ ව යුද්ධ කරද්දී සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.


සමිඳාණන් වහන්සේ ඔහුගේ අතට ජුදාවේ රජ වූ ජෙහෝයාකිම් පාවා දුන් සේක; ඔහු සමඟ දෙවියන් වහන්සේගේ මාලිගාවේ බඩු බාහිරාදිය සමහරක් ද පාවා දුන් සේක. නෙබුකද්නෙශර් ඒ බඩු බාහිරාදිය ශීනාර් දේශයේ තමාගේ ම දෙවියන්ගේ දේවාලයට ගෙන ගොස් දේවාල භාණ්ඩාගාරයේ ඒවා තැන්පත් කෙළේ ය.


ඒ රූපයේ හිස දඹ රනින් ද ළය සහ අත් රිදීයෙන් ද බඩ සහ කලවා ලෝකඩවලින් ද


ඔබට පසු ඔබේ රාජ්‍යයට වඩා පහත් රාජ්‍යයක් ද ඉන්පසු ලෝකඩවලින් අදහස් කෙරෙන, ලොවපුරා පාලනය පැතිර පවත්නා තුන් වන රාජ්‍යයක් ද නැඟී එන්නේ ය.


“රජතුමනි, මහෝත්තම දෙවියන් වහන්සේ රජකම ද මහන්තත්ත්වය ද ගෞරවය ද මහිමය ද ඔබේ පිය වූ නෙබුකද්නෙශර්ට දුන් සේක.


“මේ ස්වප්නය, නෙබුකද්නෙශර් රජු වන මම දිටිමි. එම්බා බෙල්ටෙෂෙසර්, එහි තේරුම මට දන්වන්න. මන්ද, මාගේ රාජ්‍යයේ සිටින සියලු ශාස්ත්‍රවන්තයන්ගෙන් එක් කෙනෙකුට වත් එය නොකළ හැකි විය. එහෙත්, දේවාත්මානුභාවය ඔබට ඇති බැවින් ඔබට නම් එය කළ හැකි ය.”


පළමු වන මෘගයා සිංහයෙකු වැනි ය; ඌට රාජාලි පියාපත් තිබුණේ ය. මා බලා සිටිය දී උගේ පියාපත් උදුරාදමා, පොළොවෙන් ඔසවා මනුෂ්‍යයෙකු මෙන් පාද දෙකකින් ඌ සිටවනු ලැබී ය; මනුෂ්‍ය සිතක් ද ඌට දෙන ලද්දේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්