ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 4:14 - Sinhala New Revised Version

“එම්බා ජෙරුසලම! නුඹ ගැළවෙන පිණිස නුඹේ සිත සෝදාගෙන එහි ඇති නපුරුකම් පහ කරන්න. නුඹේ නපුරු සිතිවිලි නුඹ තුළ කොපමණ කල් පවතිනු ඇද් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“එම්බා ජෙරුසලම! නුඹ ගැළවෙන පිණිස නුඹේ සිත සෝදාගෙන එහි ඇති නපුරුකම් පහ කරන්න. නුඹේ නපුරු සිතිවිලි නුඹ තුළ කොපමණ කල් පවතිනු ඇද් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එම්බා යෙරුසලම, නුඹ ගැළවෙන පිණිස නුඹේ සිත සෝදා එහි නපුරුකම පහකරන්න. නුඹේ නිෂ්ඵල යෝජනා කොපමණ කල් නුඹ තුළ පවතිනවා ඇද්ද?

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 4:14
22 හුවමාරු යොමු  

චපල සිත් ඇත්තවුන්ට ද්වේෂ කරමි; එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි.


මාගේ කෙලෙස් මලින් මා මුළුමනින් සෝදාලුව මැනව; මාගේ පාප මලින් මා පිවිතුරු කළ මැනව.


වරදට මා හද තුළ ආශාවක් තිබේ නම්, මා සමිඳාණෝ මට කවදාවත් සවන් නොදෙන සේක.


“අනුවණයෙනි, ඔබ කොතෙක් කල් අනුවණකමට ප්‍රිය වන්නහු ද? නින්දා කරන්නෙනි, ඔබ කොතෙක් කල් නින්දාවට ප්‍රසන්න වන්නහු ද? අඥානයෙනි, ඔබ කොතෙක් කල් දැනගැන්මට ගරහන්නහු ද?


දුෂ්ටයා සිය මාර්ගයෙන් හැරී, අදමිටු මිනිසා තම සිතුවිලි දුරලා, සමිඳුන් වෙත ඇදී ඒවා! එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත. දෙවිඳුන් වෙත ඔහු හැරී ඒවා; එතුමන් ඔහුට බොහෝ සේ කමා කරනු ඇත.


හෙල් පිටත්, එළිමහනේත් ඔබේ පරදාරකම් ද වෙළඹකගේ මෙන් හේෂාරවය කිරීම් ද ඔබේ දුරාචාර ද සල්ලාලකම් ද සමිඳාණන් දැක ඇති බැවින් ඉශ්රායෙල් ජනයෙනි, ඔබට වන විපතක මහත! කවදා ඔබ පිරිසිදු වන්නහු ද?”


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජුදා වැසියෙනි, නුඹලාගේ පාපය යකඩ පෑනකින් ලියා තිබේ. වජ්‍ර තුඩකින් එය නුඹලාගේ සිත නමැති පුවරුවේ ද පූජාසනයේ නෙරා ඇති අං වැනි කොන්වල ද කොටා තිබේ.


එබැවින් නුඹ ජුදා ජනයාටත්, ජෙරුසලම් වැසියන්ටත් කතා කොට, මා ඔවුන්ට විරුද්ධ ව යම් යම් යෝජනා කරන බවත්, ඔවුන්ට දඬුවම් කරන්නට යන බවත් කියන්න. ඔවුන්ගේ පාප මාර්ගයෙන් හැරී එන්න කියා ඔවුන්ට කියන්න. ඔවුන්ගේ හැසිරීම ද ක්‍රියා මාර්ගය ද ඔවුන්ට කියන්න.


නුඹ ලුණු මුසු දියෙන් නුඹ ම සෝදා ගත්තත්, බොහෝ සේ සබන් ගාගත්තත්, නුඹේ පාප මා ඉදිරියෙහි නොමැකී පෙනේ. මෙසේ පවසන්නේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ය.


එම්බා පොළොව! සවන් දෙන්න. මේ සෙනඟ මාගේ වචනවලට කීකරු නොවී, මාගේ ආඥා ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුන්ගේ උපායවලට නියම විපාකය වන විපත්තිය ඔවුන් පිට පමුණුවන්නෙමි.


නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් ඉවතදමා අලුත් සිතක් ද අලුත් මනසක් ද නුඹලාට ම සලසාගන්න. ඉශ්රායෙල්වරුනි, නුඹලා නසින්නේ කුමට ද?


එකිනෙකාට හිංසා කිරීමට කූට උපායයන් යොදා නොගන්න. දිවුරුමක් පිට බොරු සාක්ෂි නොකියන්න. මන්ද, මේ සියල්ල මම හෙළා දකිමි යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.”


“ගස හොඳ නම්, පල හොඳ ය; ගස නරක නම්, පල නරක ය. ගස හැඳින්වෙන්නේ එහි පලවලිනි.


සමිඳාණන් වහන්සේ ඔහුට මෙ‍සේ වදාළ සේක: “පරිසිවරුනි, ඔබ කෝප්පයේ ද පිඟානේ ද පිටපැත්ත සෝදා පිරිසුදු කරන්නාහු ය; එහෙත් ඔබගේ ඇතුළත තණ්හාවෙන් ද දුෂ්ට චේතනාවෙන් ද පිරී ඇත.


එවිට සීමොන් පේදුරු, “ස්වාමීනි, මාගේ පාද පමණක් නොව අත් ද හිස ද සේදුව මැනවැ”යි කී ය.


එහෙයින් ඔබේ සිතේ අදහස ගැන ඔබට කමා කරනු ලබන්නේ දැ යි බලනු පිණිස ඒ දුෂ්ටකම ගැන පසුතැවී සිත හරවා ගෙන, සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න.


දෙවියන් වහන්සේ ගැන දැන දැනත්, උන් වහන්සේට පිදිය යුතු ගෞරවය වත්, තුතිපැසසුම් වත් ඔව්හු උන් වහන්සේට නොපිදූ හ. මෙසේ ඔවුන්ගේ තර්ක විතර්ක නිස්සාර බවට පත් වී, ඔවුන්ගේ මුළා ව ගිය මනස අඳුරු විය.


තවද, “සමිඳාණන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ කල්පනා නිස්සාර බව දන්නා සේකැ”යි කියා ද ලියා ඇත.


දෙවියන් වහන්සේට ළං වන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ළං වන සේක. පව්කාරයෙනි, ඔබගේ අත් පවිත්‍ර කරගන්න; දෙසිත් ඇත්තෙනි, ඔබගේ සිත් පිරිසිදු කරගන්න.