Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 4:15 - Sinhala New Revised Version

15 “දාන් සිට ද එප්‍රායිම් කන්ද කෙරෙන් ද නුඹට වන විපත ගැන කතාව පැතිරී යන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 “දාන් සිට ද එප්‍රායිම් කන්ද කෙරෙන් ද නුඹට වන විපත ගැන කතාව පැතිරී යන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 මක්නිසාද හඬක් දාන් සිට ප්‍රකාශකරමින්, එප්‍රායිම් කඳුරටේ සිට විපත ප්‍රසිද්ධකරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 4:15
8 හුවමාරු යොමු  

දාන්හි සිට අප සතුරන්ගේ අශ්වයන්ගේ හූංකාරය අපට ඇසුණේ ය; උන්ගේ හේෂාරවයට මුළු දේශය වෙවුළයි. ඔවුන් ඇවිත් සිටින්නේ දේශය සහ එහි තිබෙන සියල්ල ද නගර සහ එහි වසන වැසියන් ද විනාශ කරන පිණිස ය.”


“බෙන්ජමින් වංශයේ ජනයෙනි, ආරක්ෂාව පිණිස ජෙරුසලමෙන් පලා යන්න. තෙකෝවාහි හොරණෑ පිඹින්න; බෙත්හක්කෙරෙම් මත සලකුණක් නඟන්න. මන්ද, විපත්තියක් ද මහා විනාශයක් ද උතුරෙන් ළඟා වන ලකුණු ඇත.


එවිට දාන් සිට බෙයර්-ෂෙබා දක්වා ද ගිලියද් දේශයේ ද සිටි සියලු ඉශ්රායෙල් සෙනඟ පිටත් ව අවුත් එක් කෙනෙකු මෙන් සමිඳාණන් වහන්සේ වෙත මිශ්පාහි රැස් වුණාහ.


ඉශ්රායෙල්ට දාව උපන් තමන්ගේ පියා වූ දාන්ගේ නාමය අනුව ඔව්හු ඒ නගරයට දාන් යන නාමය තැබුවෝ ය. කලින් ඒ නගරයේ නම ලායිෂ් ය.


මෙසේ ඔව්හු නප්තලී කඳු රටේ තිබෙන ගලීලයෙහි කෙදෙෂ් ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම් ද ජුදා කඳු රටේ හෙබ්‍රොන් වන කිරියත්-අර්බා ද වෙන් කොට තැබුවෝ ය.


ජෝෂුවා පිළිතුරු දෙමින්, “ඔබ හැම මහා සෙනඟක් නම්, එප්‍රායිම් කඳු රට ඔබට මදි බැවින් වනාන්තරයට ගොස් එහි පෙරිස්සිවරුන්ගේ ද රෙපායිම්වරුන්ගේ ද රටෙන් කොටසක් එළි කරගන්නැ”යි ඔවුන්ට කීවේ ය.


සුබ ආරංචි ගෙන එන, සාමය ප්‍රකාශ කරන, යහපත ගැන සුබසුන් පළ කරන ගැළවීම ගැන ලොවට දන්වන, “නුඹේ දෙවි තුමාණෝ රජකම් කරන සේකැ”යි සියොනට කියන, කඳු මුඳුන්හි පෙනෙන දූතයාගේ පාද කොපමණ අලංකාර වන්නේ ද?


සවන් දෙන්න, අන්න, ජුදා නගර පාළුවක් ද සිවලුන්ගේ වාසයක් ද කිරීමට යන බවට දූසමාන කතාවක හඬක් ද මහා ඝෝෂාවක් ද උතුරු දේශයෙන් ඇසෙන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්