ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 38:11 - Sinhala New Revised Version

එබෙද්-මෙලෙක් ද ඒ මිනිසුන් තමා සමඟ කැඳවාගෙන රජ ගෙදර ගබඩාවට වැද, අල්මාරියකින් පරණ රෙදි කෑලි ද පරණ වැරහැලි ද ගෙන, ඒවා ළිඳ ඇතුළට ජෙරමියා ළඟට ලණුවලින් බෑවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එබෙද්-මෙලෙක් ද ඒ මිනිසුන් තමා සමඟ කැඳවාගෙන රජ ගෙදර ගබඩාවට වැද, අල්මාරියකින් පරණ රෙදි කෑලි ද පරණ වැරහැලි ද ගෙන, ඒවා ළිඳ ඇතුළට ජෙරමියා ළඟට ලණුවලින් බෑවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එබෙද්-මෙලෙක්ද ඒ මනුෂ්‍යයන් තමා සමඟ කැඳවාගෙන රජගෙදර ගබඩාව යටට වැද, එතනින් පරණ රෙදි කෑලිද පරණ වැරහැලිදගෙන, ඒවා වළ ඇතුළට යෙරෙමියා ළඟට ලනුවලින් බෑවේය.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 38:11
5 හුවමාරු යොමු  

එවිට රජ කුෂිය ජාතික එබෙද්-මෙලෙක්ට අණ කරමින්, “ඔබ, සමඟ මෙතැනින් මනුෂ්‍යයන් තුන්දෙනෙකු කැඳවාගෙන ගොස්, දිවැසිවර ජෙරමියා මැරෙන්නට පෙර ඔහු ළිඳෙන් ගොඩට ගන්නැ”යි කීවේ ය.


කුෂිය ජාතික එබෙද්-මෙලෙක්, “මේ පරණ රෙදි කෑලි සහ වැරහැලි ඔබේ කිහිලිවල ලණු යට තබාගන්නැ”යි ජෙරමියාට කීවේ ය. ජෙරමියා එසේ කෙළේ ය.


එකල ඔව්හු ජෙරමියා ගෙන හිරගෙයි මළුවෙහි තිබුණු මල්කියා රජ කුමරුගේ ළිඳට ඔහු ලණුවලින් බැස්සෙවුවෝ ය. ඒ ළිඳේ වතුර නොව මඩ තිබිණි. ජෙරමියා එහි මඩේ එරුණේ ය.


ජෙරමියා ළිඳේ දැමූ බව ඇසූ රජ ගෙදර සිටි නපුංසකයෙකු වූ කුෂිය ජාතික එබෙද්-මෙලෙක් රජ ගෙදරින් නික්ම, බෙන්ජමින් දොරටුවේ ඉඳගෙන හුන් රජු වෙත ගොස්,


රන් රිදී සියල්ල ද ලෝකඩ සහ යකඩ බඩු ද සමිඳාණන් වහන්සේට කැප ය. ඒවා සමිඳාණන් වහන්සේගේ ගබඩාවෙහි තැබිය යුතු ය”යි කීවේ ය.