Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 6:19 - Sinhala New Revised Version

19 රන් රිදී සියල්ල ද ලෝකඩ සහ යකඩ බඩු ද සමිඳාණන් වහන්සේට කැප ය. ඒවා සමිඳාණන් වහන්සේගේ ගබඩාවෙහි තැබිය යුතු ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 රන් රිදී සියල්ල ද ලෝකඩ සහ යකඩ බඩු ද සමිඳාණන් වහන්සේට කැප ය. ඒවා සමිඳාණන් වහන්සේගේ ගබඩාවෙහි තැබිය යුතු ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 රන් රිදී සියල්ලද පිත්තල සහ යකඩ බඩුද ස්වාමීන්වහන්සේට කැපය. ඒවා ස්වාමීන්වහන්සේගේ ගබඩාවෙහි තැබිය යුතුයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 6:19
25 හුවමාරු යොමු  

නායක පූජකවරු ඒ රිදී මිල ගෙන, “මේවා ලේ-මිල බැවින් දේව මාලිගාවේ මුදල් ගබඩාවට දැමීම යුතු නැතැ”යි කී හ.


අනික් ලෙවීවරුන්ගෙන් අහියා දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩා සහ කැප කළ දේවල ගබඩා කෙරෙහි පත් ව සිටියේ ය.


උන් වහන්සේ දේව මාලිගාවේ මුදල් ගබඩාව ඉදිරියේ වැඩ හිඳ සෙනඟ එයට මුදල් දමනු බලා හුන් සේක. ධනපතීහු බොහෝ දෙනෙක් බොහෝ මුදල් දැමූ හ.


ලෙවීවරුන් ඒ කොටස්වලින් දසයෙන් කොටසක් අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවේ ඇතුළු ගෙවලට ගෙනෙන පිණිස දසයෙන් කොටසක් දෙන විට, ආරොන්ගේ පුත්‍රයෙකු වන පූජකයෙකු ඔවුන් සමඟ සිටින හැටියටත් නියම කරගතිමු.


ඒ බඩුත් දාවිත් රජු සියලු ජාතීන්ගෙන් එනම්, ඒදොම්වරුන්ගෙන් ද මෝවබ්වරුන්ගෙන් ද අම්මොන්වරුන්ගෙන් ද පිලිස්තිවරුන්ගෙන් ද අමලෙක්වරුන්ගෙන් ද ගත් රන් රිදී සමඟ සමිඳාණන් වහන්සේට කැප කෙළේ ය.


ඔහු සමිඳාණන් වහන්සේ වදාළ ලෙස සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු සියල්ල ද රජ ගෙයි වස්තු ද එතැනින් පිටතට ගෙන යනුයේ, ඉශ්රායෙල් රජ වූ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලි කොට කැපී ය.


මෙලෙස සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා කරවන ලද වැඩ සියල්ල නිම විය. මොහු තමාගේ පිය වූ දාවිත් විසින් කැප කරන ලද දේ වන රිදී හා රන් ද භාණ්ඩ ද ඇතුළට ගෙනවුත් සමිඳාණන්ගේ මාලිගාවේ ගබඩාවල තැබුවේ ය.


මේවා ද දාවිත් රජු යටත් කරගත් සියලු ජාතීන්ගෙන් ගත් රන් රිදී ද ඔහු සමිඳාණන් වහන්සේට කැප කෙළේ ය.


“සියොන් පුරඟන, නැඟිට ගොයම් පාගන්න. බොහෝ ජාතීන් පොඩි කරන පිණිස ඔබට මම යකඩ අං හා ලෝකඩ කුර දෙන්නෙමි. ඔවුන්ගේ ධනය සමිඳාණන් වහන්සේට කැප වන්නේ ය. එය මුළු ලෝකයේ සමිඳාණන් වහන්සේට කැප වන්නේ ය.”


පඬුරු ද දසයෙන් කොටස් ද කැප කළ දේවල් ද සුරැකි ව තැබීමට ඒවා ඇතුළට ගෙනාහ. ලෙවීයයෙකු වූ කොනනියා ඒවා බලාගැනීමට පත් ව සිටියේ ය. ඔහුගේ සහෝදර ෂිමෙයි ඔහුට දෙවැනියා ව සිටියේ ය.


ඔහු තමාගේ පියා ද තමා ද කැප කළ රන් රිදී සහ බඩු භාණ්ඩ දෙවියන් වහන්සේගේ මාලිගාව ඇතුළට ගෙනාවේ ය.


තමාගේ හිතේ තිබුණු සියල්ල වන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මණ්ඩපවලත්, වට කාමරවලත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවලත්, කැප කරන ලද දේ තිබූ ගබඩාවලත්,


දිවැසිවරයා වූ සාමුවෙල් ද කිෂ්ගේ පුත් සාවුල් ද නේර්ගේ පුත් අබ්නේර් ද ශෙරුයාගේ පුත් ජෝවාබ් ද විසින් කැප කරන ලද සියල්ලත්, කවුරුන් විසින් නමුත් කැප කරන ලද දේත් ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයන් යටතේ තිබුණේ ය.


මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ, දාවිත් රජු විසින් ද සහශ්‍රාධිපතීන් ව ශතාධිපතීන් ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින් ද සේනාවේ අධිපතීන් විසින් ද කැප කරන ලද්දා වූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත් ව සිටියෝ ය.


සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වස්තු ද රජ මාලිගාවෙහි වස්තු ද රැගෙන ගියේ ය. සලමොන් විසින් සාදවනු ලැබ තිබුණු සියලු රන් පලිස් ඇතුළු සියල්ල ම රැගෙන ඔහු යන්න ගියේ ය.


එබෙද්-මෙලෙක් ද ඒ මිනිසුන් තමා සමඟ කැඳවාගෙන රජ ගෙදර ගබඩාවට වැද, අල්මාරියකින් පරණ රෙදි කෑලි ද පරණ වැරහැලි ද ගෙන, ඒවා ළිඳ ඇතුළට ජෙරමියා ළඟට ලණුවලින් බෑවේ ය.


‘ගින්නෙන් පිළිස්සී නොයන රන්, රිදී, ලෝකඩ, යකඩ සහ ඊයම් වැනි දේවල් ගින්නේ දවාගත් විට ඒවා පවිත්‍ර යයි සැලකෙනු ඇත. එහෙත්, අපවිත්‍රකම පහකරන ජලයෙනුත් ඒවා, පවිත්‍ර කළ යුතු ය. ගින්නෙන් පිළිස්සී යන අනිකුත් ඒවා ජලයේ දමා ගත යුතු ය.


සතර වන අවුරුද්දේ දී ද ප්‍රශංසාවක් පිණිස මුළු පලදාව සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය.


එහෙත්, කොල්ලකාගත් සියල්ල ද සිරබාරයට ගත් මිනිසුන් සහ පැහැරගත් සතුන් ද තබාගත්හ.


ඉන්පසු ඔව්හු ජොර්දාන් ගං තෙර ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතේ කඳවුරේ සිටි මෝසෙස් ද පූජක එලෙයාසර් සහ මුළු ඉශ්රායෙල් ජනතාව ද වෙත සිරකරුවන් හා පැහැරගත් කොල්ලය ද ගෙනාහ.


ඉශ්රායෙල්වරුන් පව් කර ඇත; එසේ ය, මා ඔවුන්ට අණ කළ මාගේ ගිවිසුම ඔවුන් කඩ කර තිබේ. ඔවුන් මට කැප කරන ලද දෙයින් රැගෙන සොරකම් කර, ඒවා සඟවා, ඒවා තමන්ගේ ම බඩු අතරේ තබා තිබේ.


ඔව්හු යුද්ධවල දී ලබාගත් කොල්ලයෙන් කොටසක් සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කිරීම පිණිස කැප කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්