Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 38:11 - Sinhala Revised Old Version

11 එබෙද්-මෙලෙක්ද ඒ මනුෂ්‍යයන් තමා සමඟ කැඳවාගෙන රජගෙදර ගබඩාව යටට වැද, එතනින් පරණ රෙදි කෑලිද පරණ වැරහැලිදගෙන, ඒවා වළ ඇතුළට යෙරෙමියා ළඟට ලනුවලින් බෑවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එබෙද්-මෙලෙක් ද ඒ මිනිසුන් තමා සමඟ කැඳවාගෙන රජ ගෙදර ගබඩාවට වැද, අල්මාරියකින් පරණ රෙදි කෑලි ද පරණ වැරහැලි ද ගෙන, ඒවා ළිඳ ඇතුළට ජෙරමියා ළඟට ලණුවලින් බෑවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එබෙද්-මෙලෙක් ද ඒ මිනිසුන් තමා සමඟ කැඳවාගෙන රජ ගෙදර ගබඩාවට වැද, අල්මාරියකින් පරණ රෙදි කෑලි ද පරණ වැරහැලි ද ගෙන, ඒවා ළිඳ ඇතුළට ජෙරමියා ළඟට ලණුවලින් බෑවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 38:11
5 හුවමාරු යොමු  

යෙරෙමියා වළේ දැමූ බව රජගෙදර සිටි නපුංසකයෙක්වූ කූෂීය එබෙද්මෙලෙක් අසා, බෙන්යමින් දොරටුවේ ඉඳගෙන හුන් රජු වෙතට,


එවිට රජ කූෂීය එබෙද්-මෙලෙක්ට අණකර: නුඹ සමඟ මෙතැනින් මනුෂ්‍යයන් තිස්දෙනෙක් කැඳවාගෙන ගොස්, අනාගතවක්තෘවූ යෙරෙමියා මැරෙන්ට පළමුවෙන් ඔහු වළෙන් ගොඩට ගන්නැයි කීවේය.


කූෂීය එබෙද්මෙලෙක්: මේ පරණ රෙදි කෑලි සහ වැරහැලි නුඹේ කිහිලිවල ලනු යට තබාගන්නැයි යෙරෙමියාට කීවේය. යෙරෙමියා එසේ කෙළේය.


රන් රිදී සියල්ලද පිත්තල සහ යකඩ බඩුද ස්වාමීන්වහන්සේට කැපය. ඒවා ස්වාමීන්වහන්සේගේ ගබඩාවෙහි තැබිය යුතුයයි කීවේය.


එකල ඔව්හු යෙරෙමියා ගෙන හිරගෙයි මළුවෙහි තිබුණු රාජ පුත්‍රවූ මල්කියාගේ වළට ඔහු ලනුවලින් බැස්සෙවුවෝය. වළේ වතුර නොව මඩ තිබුණේය. යෙරෙමියා මඩේ එරුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්