යෙරෙමියා 22:27 - Sinhala New Revised Version නුඹලා ආපසු එන්නට ආශා කරන දේශයට නුඹලා පෙරළා නොඑන්නහු ය.” Sinhala New Revised Version 2018 නුඹලා ආපසු එන්නට ආශා කරන දේශයට නුඹලා පෙරළා නොඑන්නහු ය.” Sinhala Revised Old Version ඔවුන් හැරීඑන්ට ආශාවෙන දේශයට නම් ඔව්හු හැරී නොඑන්නෝය. |
එම්බා ජුදා ජනයෙනි, මියගිය ජොෂියා රජු ගැන ශෝක නොවන්න; ඔහුගේ මරණය ගැන නොවැලපෙන්න. එහෙත්, ඔහුගේ පුත් ජෝවාහාස් ගැන කෑගසා අඬන්න. මන්ද, ඔවුන් ඔහු ගෙන යන බැවිනි. ඔහු හැරී එන්නේ නැත. තමන් උපන් දේශය ඔහු තවත් නොදකින්නේ ය.
ජොෂියා රජුගේ ඇවෑමෙන් ජුදාහි රජකමට පත් වූ එතැනින් පලා ගිය ඔහුගේ පුත් ජෝවාහාස් ගැන සමිඳාණන් වහන්සේ කතා කොට,
“ඔහු වහල්කමට ගෙනයනු ලැබූ තැන ම නසින්නේ ය. ඔහුගේ මේ දේශය කවදාවත් ඔහු නැවත නොදකින්නේ යැ”යි වදාළ සේක.
නුඹත්, නුඹ වැදූ නුඹේ මවුත් නුඹලා නූපන් අන් දේශයකට හෙළාදමන්නෙමි. එහි දී නුඹලා මැරෙනු ඇත.
ජෙරමියා මෙසේ කී ය: “ජෙකොනියා කමකට නැති, බිඳුණු බඳුනක් ද? ඔහු කිසිවෙකුට පලක් නැති බඳුනක් ද? ඔහු සහ ඔහුගේ වංශය ප්‍රතික්ෂේප කරනු ලැබ, ඔවුන් නොදන්න දේශයකට නෙරපා දමනු ලබන්නේ කුමක්නිසා ද?
ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද බබිලෝනියට ගෙනයනු ලැබූ සියලු ම ජුදෙව්වරුන් ද මම නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි. බබිලෝනියේ රජුගේ බලය මම සිඳදමන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
“ ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මාගේ උදහසත්, කෝපයත් ජෙරුසලමේ වැසියන් පිට වැගුරුණු ලෙස, නුඹලා මිසරයට පැමිණි විට නුඹලා පිට ද මාගේ කෝපය වැගිරෙනු ඇත. අනුන්ගේ පිළිකුලට හා සමච්චලයට ද භීතියට හා සාපයට ද භාජන වන්නහු ය. කිසි කලක මේ ස්ථානය නුඹලා නොදකින්නහු ය.’ ”
මිසර දේශයෙහි පදිංචි වන පිණිස පැමිණි ජුදාහි ඉතිරි වූ සෙනඟගෙන් කිසිවෙක් ගැළවෙන්නේ වත්, ඉතිරිවන්නේ වත් නැත. කෙතරම් ආශා වෙතත්, කිසිවෙකුට ආපසු ජුදා දේශයට පැමිණෙන්නට හැකි වන්නේ නැත. පලා යන සමහරුන් හැර අන් කිසිවෙක් හැරී නොඑන්නෝ ය.”