යෙරෙමියා 22:28 - Sinhala New Revised Version28 ජෙරමියා මෙසේ කී ය: “ජෙකොනියා කමකට නැති, බිඳුණු බඳුනක් ද? ඔහු කිසිවෙකුට පලක් නැති බඳුනක් ද? ඔහු සහ ඔහුගේ වංශය ප්‍රතික්ෂේප කරනු ලැබ, ඔවුන් නොදන්න දේශයකට නෙරපා දමනු ලබන්නේ කුමක්නිසා ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 ජෙරමියා මෙසේ කී ය: “ජෙකොනියා කමකට නැති, බිඳුණු බඳුනක් ද? ඔහු කිසිවෙකුට පලක් නැති බඳුනක් ද? ඔහු සහ ඔහුගේ වංශය ප්‍රතික්ෂේප කරනු ලැබ, ඔවුන් නොදන්න දේශයකට නෙරපා දමනු ලබන්නේ කුමක්නිසා ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version28 මේ මිනිහා, කෝනියා, නීචවූ බිඳුණු බඳුනක්ද? ඔහු අප්‍රියවූ භාජනයක්ද? ඔහු සහ ඔහුගේ වංශය අහක්කරනු ලැබ, ඔවුන් නොදන්න දේශයකට හෙළාදමනු ලබන්නේ මක්නිසාද? පරිච්ඡේදය බලන්න |
දේව මාලිගාව ඉදිරිපිට තබා තිබෙන අත්තික්කා ගෙඩි පුරවන ලද කූඩ දෙකක් සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සේක. මේ දර්ශනය සමිඳාණන් වහන්සේ පෙන්වූයේ, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද ජුදාහි අධිපතීන් ද කම්හල්කරුවන් ද ලෝහකරුවන් ද ජෙරුසලමෙන් අල්ලාගෙන බබිලෝනියට ගෙනයනු ලැබුවාට පසුව ය.