මෙසේ ජෝවාෂ් රජ ශෙකරියාගේ පිය වූ ජෙහෝයාදා තමාට පෙන් වූ කරුණාව සිහි නොකොට ඔහුගේ පුත්‍රයා මැරී ය. ඔහු මැරෙද්දී කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙය බලා ප්‍රතිවිපාක දෙන සේක්වා”යි කීවේ ය.
යෙරෙමියා 20:12 - Sinhala New Revised Version සව් බලැති සමිඳුනි, සැදැහැවතුන් පිරික්සන, මාගේ සතුරන්ගේ සිත හද විනිවිද දකින ඔබ තුමාණන් මාගේ සතුරන්ගෙන් පළිගනු දැකීමට මට වර දුන මැනව. මම මාගේ විනිශ්චය ඔබ අතට පවරන්නෙමි. Sinhala New Revised Version 2018 සව් බලැති සමිඳුනි, සැදැහැවතුන් පිරික්සන, මාගේ සතුරන්ගේ සිත හද විනිවිද දකින ඔබ තුමාණන් මාගේ සතුරන්ගෙන් පළිගනු දැකීමට මට වර දුන මැනව. මම මාගේ විනිශ්චය ඔබ අතට පවරන්නෙමි. Sinhala Revised Old Version ධර්මිෂ්ඨයා සෝදිසිකරන්නාවූ, අදහස්ද සිතද දකින්නාවූ සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ ඔවුන්ගෙන් පළිගන්නවා දකින්ට මට ලැබේවා; මක්නිසාද මාගේ කාරණය ඔබට ප්‍රකාශකෙළෙමි. |
මෙසේ ජෝවාෂ් රජ ශෙකරියාගේ පිය වූ ජෙහෝයාදා තමාට පෙන් වූ කරුණාව සිහි නොකොට ඔහුගේ පුත්‍රයා මැරී ය. ඔහු මැරෙද්දී කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙය බලා ප්‍රතිවිපාක දෙන සේක්වා”යි කීවේ ය.
දෙවිඳුනි, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකර, මාගේ සිතිවිලි දැනගත මැනව.
ඔබ මසිත උරගා බැලූ සේක; රාත්‍රියේ මා පරීක්ෂා කළ සේක; ඔබ මා විමසා බැලූ සේක; එහෙත්, කිසි නපුරක් නැති බව දුටු සේක.
එතුමාණෝ සැම විපතින් මා මුදා ලූ සේක. මා දෙනෙතින් මා සතුරන්ගේ විපත දැක මම සතොස් වන්නෙමි.
පවිටුන්ට දඬුවම් ලැබෙන විට දැහැමියා ප්‍රීති ප්‍රමෝද වන්නේ ය. දුදන ලෙයින් ඔහු තම පා සෝදා ගන්නේ ය.
ජනයෙනි, දෙවිඳාණන් තුළ සැමදා විශ්වාසය තබන්න; එතුමාණෝ අප සරණය වන සේක. එතුමාණන් අබිමුව ඔබේ දුක්ගැනවිලි පවසන්න.
මිනිස් සිතෙහි සිතුම්පැතුම් විමසාලන, දැහැමිකමින් අගතැන් පත් දෙවි උතුමාණෙනි, අදමිටුකම් බිඳ දමන්න; දහම් රජය පිහිටුවන්න.
හෙසකියා පණිවුඩකාරයන්ගේ අතින් ලියුම ගෙන එය කියවා දේව මාලිගාවට ගොස් සමිඳාණන් වහන්සේ ඉදිරියේ ලියුම තබමින්,
මාගේ කට හඬ සිහින් ය, දුර්වල ය; වැහි ලිහිණියෙකු මෙන් මම කෙඳිරිගෑමි; පරවියෙකු මෙන් වැලපුණෙමි. උඩ බැලීමෙන් මාගේ ඇස් දුර්වල විය. අහෝ, සමිඳුනි! මේ සියලු දුකින් මා මිදුව මැනව.
ජෙරමියා යාච්ඤා කරමින්, “යුක්ති සහගත ලෙස විනිශ්චය කරන, හෘදයත්, සිතත් විමසන සියලු බලැති සමිඳුනි, මාගේ නඩුව මා ඔබ ඉදිරියේ තබා ඇති බැවින් ඔවුන්ගෙන් ඔබ පළි ගනු දැකීමට මට ඉඩ ලැබේ වා!”යි කී ය.
මා තෝරාගත් සෙනඟ වනගත සිංහයෙකු මෙන් මට විරුද්ධ ව හැරී ඇත; කුරිරු ලෙස මට ගොරවා ඇත. එබැවින් මම ඔවුන්ට ද්වේෂ කෙළෙමි.
සමිඳුන් වන මම, මිනිසාගේ සිත සෝදිසි කර බලමි; මිනිසාගේ හදවත පරීක්ෂා කර බලමි. එසේ කරන්නේ, මිනිසාගේ හැසිරීම අනුව ඔහු ජීවත් වන පිළිවෙළ ලෙස ඔහුට විපාක දෙන පිණිස ය.”
මට පීඩා කරන්නෝ ලජ්ජාවට පැමිණෙත් වා! මම ලජ්ජාවට නොපැමිණෙම් වා! ඔව්හු භීතියට පැමිණෙත් වා! මම භීතියට නොපැමිණෙම් වා! විපත් දවස ඔවුන් පිට පමුණුවා ඔවුන් සහමුලින් ම වනසාලුව මැනව.
උන් වහන්සේට නින්දා කරනු ලැබූ කල, නින්දා නොකළ සේක. වද වින්ද කල තර්ජනය නොකර, දැහැමි ලෙස විනිශ්චය කරන තැනැන් වහන්සේට තමන් ම භාර දුන් සේක.
එහෙයින් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව දුක් විඳින්නෝ යහපත කරමින්, විශ්වාස කටයුතු මැවුම්කාරයාණන්ට තමන් ම භාර වෙත්වා!
ස්වර්ගයෙනි, සැදැහැවතුනි, ප්‍රේරිතවරුනි, දිවැසිවරුනි, ඒ ගැන ප්‍රීති වන්න! මන්ද, ඈ ඔබට කළ වරද ගැන දෙවියන් වහන්සේ ඈ විනිශ්චය කළ සේක.
තවද මම ඇගේ දරුවන් වනසාලන්නෙමි. එවිට, මිනිසුන්ගේ සිතුම්පැතුම් විමසන තැනැන් වහන්සේ මා බව, සියලු සභාවෝ දැන ගන්නහු ය. තවද, මම ඔබට එකිනෙකාගේ ක්‍රියා අනුව විපාක දෙන්නෙමි.
ඔව්හු කතා කරමින්, “ස්වාමීනි, ශුද්ධ වූ සත්‍ය වූ තැනැන් වහන්ස, ඔබ පොළොවෙහි වාසය කරන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ගෙන් පළි නොගෙන කොපමණ කල් ප්‍රමාද වන සේක් දැ”යි මහ හඬින් මොරගසා කී හ.
හන්නා උත්තර දෙමින්, “මාගේ ස්වාමීනි, එසේ නොවේ; මුද්‍රික පානය වත් සැර බීමක් වත් මම නොබීවෙමි. මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්මි. සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් මාගේ දුක් ගැනවිලි උන් වහන්සේ ඉදිරියෙහි වැගිර වූයෙමි.