එම්බා ඉශ්රායෙලය! නුඹේ දෙවි ස්වාමීන් වන මා නුඹ මාර්ගයෙහි ගෙන යන විට පවා නුඹ මා අත්හළ නිසා මේ දේ නුඹ පිට, නුඹ පිට ම, පමුණුවාගත්තා නොවේ ද?
මේ දේ නුඹට පමුණුවා ගත්තේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ මාර්ගයෙහි ගෙනෙන කල නුඹ විසින් උන්වහන්සේ අත්හැරිය නිසා නොවේද?
“සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත.
ඔහු ආසාගේ පෙරමඟට ගොස් මෙසේ කී ය: “ආසා සහ සියලු ජුදාවරුනි, බෙන්ජමින්වරුනි, මට සවන් දෙන්න. ඔබ සමිඳාණන් වහන්සේ සමඟ සිටින තුරු උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ උන් වහන්සේ සොයන්නහු නම්, උන් වහන්සේ ඔබ සියල්ලන්ට සම්බ වනු ඇත. ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ද ඔබ අත්හරිනු ඇත.
එසේ වූයේ: ඔවුන් එතුමාණන්ට කීකරු වීම අත්හැරදැමූ නිසා ය; එතුමාණන්ගේ සියලු මාර්ග නොසලකා හැරිය නිසා ය.
මා දැක ඇති ලෙස නම්, අදමිටුකම සී සාමින් අයුක්තිය වපුරන අය, ඒවා ම නෙළා ගනිති.
වාසය කිරීමට සුදුසු නුවරකට පැමිණෙන තුරු එතුමාණෝ හරි මඟකින් ඔවුන් ගෙන ගිය සේක.
සිය සෙනඟ පාළුකරය මැදින් ගෙන ගිය තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
මෝසෙස්ගේ සහ ආරොන්ගේ මඟපෙන්වීම ඇති ව, ඔබ ඔබේ ජනතාව බැටළුවන් මෙන් ගෙන ගිය සේක.
යහ මඟ හැර යන අයට තද දඬුවම් ඇත; අවවාදය නුරුස්සන අය නසිනු ඇත.
අනේ! පාපිෂ්ඨ ජාතියක් ද අපරාධයෙන් බර සෙනඟක් ද නපුර කරන වංශයක් ද දුෂ්ට ලෙස ක්‍රියාකරන දරුවන් ද වන ඔවුන් සමිඳුන් අත්හැර, ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ හෙළා දැක, එතුමන්ට පිටුපා ඇත.
අපි ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබ ප්‍රතික්ෂේප කර අපේ දෙවිඳුන්ගේ මාර්ගයෙන් හැරී ගියෙමු. අපි අනුන්ට පීඩා කර ඔබට විරුද්ධ ව කැරලි ගැසීමු. අපේ සිතුවිලි වංක ය; අපේ වචන බොරු ය.
ඔබට මෙසේ සිදු වන්නේ මන්දැ යි, ඔබේ ඇඳුම් ගලවාදැමූ විට ඔබට නින්දාවක් නැත්තේ මන්දැ යි ඔබ මෙනෙහි කර බැලූ විට ඔබේ අපරාධ ඉමහත් නිසා යයි ඔබට පෙනී යනු ඇත.
මා මෙසේ කරන්නේ, සෙනඟ මා අත්හැර, මේ ස්ථානය දූෂණය කර, ඔවුන් වත්, ඔවුන්ගේ පියවරුන් වත්, ජුදාහි රජවරුන් වත් දැනහැඳින නොසිටි දෙවිවරුන්ට මෙහි සුවඳ දුම් ඔප්පු කරන නිසාත්, නිදොස් ලෙයින් මේ ස්ථානය පුරවා තිබෙන නිසාත් ය.
මාගේ සෙනඟ දෙවිධියක පව් කර ඇත. ඔව්හු ජීවන වතුර උල්පත වන මා අත්හැර දමා, තමන්ට ම කටාරම්, වතුර නාල්ලන බිඳුණු කටාරම් කපාගත්හ.”
නුඹේ නපුරුකම නුඹට පඩිසන් දෙයි; මට ද්‍රෝහි වීම නුඹට දොස් පවරයි. නුඹේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අත්හැරදමා යාමත්, මා කෙරෙහි තවත් ගරුබිය නොදැක්වීමත් කොතරම් නපුරු අප්‍රිය දෙයක් දැ යි හොඳින් සලකා බලන්න. මෙසේ වදාරන්නේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය.”
“නුඹේ කල්ක්‍රියාවෙන් හා නුඹ කළ කී දෙයින් නුඹ ම මේ විපත නුඹ පිට පමුණුවාගෙන ඇත. මෙය නුඹේ ඉරණම වේ. එය ඉතා දරුණු ය, එය නුඹේ හදවත සිදුරු කර ඇත.”
එසේ වූයේ, ඔවුන් වත්, නුඹලා වත්, නුඹලාගේ පියවරුන් වත් නොඇදහූ අන් දෙවිවරුන්ට සේවය කිරීමෙන් හා සුවඳ දුම් පිදීමට යාමෙන්, මා කෝප කරවන ලෙස නුඹලා කළ නුඹලාගේ අධර්මිෂ්ඨකම් නිසා ය.
නුඹලාගේ අපරාධ නිසා ඒවා පහ ව ගියේ ය; නුඹලාගේ පාපය නිසා ශුභසිද්ධිය නුඹලාට නොලැබී ගියේ ය.
ඔවුන්ගේ අපවිත්‍රකමේ සහ ඔවුන්ගේ වරදේ හැටියට මම ඔවුන්ට දඬුවම් කර, මාගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගතිමි.
“අනේ ඉශ්රායෙල් ජනයෙනි! මම නුඹලා විනාශ කරදමන්නෙමි. නුඹලාට පිහිට වන්නේ කවරෙක් ද?
මේ සියල්ල සිදු වන්නේ, ජාකොබ් සෙනඟගේ අපරාධ හා ඉශ්රායෙල් වංශයේ පාප නිසා ය. ජාකොබ්ගේ අපරාධය කුමක් ද? සමාරිය නොවේ ද? ජුදාහි සෙනඟගේ ගිරිකුළු දේවාල මොනවා ද? ජෙරුසලම නොවේ ද?
එහෙත්, ඔබ එලෙස නොකරන්නහු නම්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ හැම පව් කරන්නහු ය. ඔබේ පාපය ද ඔබ පිට පැවරෙන බව දැනගන්න.
කාන්තාර රටක දී, බියකරු පාළුකරයේ දී, ඔවුන් හමු වී, එතුමාණෝ, තම දෙනෙත මෙන් ඔවුන් රැකබලා ඔවුන්ට උපදෙස් දී, මඟපෙන්වූ සේක.
සමිඳාණෝ එය දැක, ඔවුන්ගේ දූ පුතුන් එතුමන් කුපිත කළ නිසා, ඔවුන් පිළිකුල් කළ සේක.