අහිතොපෙල් කුමන්ත්‍රණ කාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත්, “අහෝ සමිඳුනි, අහිතොපෙල්ගේ මන්ත්‍රණය අනුවණකමක් බවට හැරෙවුව මැනවැ”යි කී ය.
යෙරෙමියා 18:18 - Sinhala New Revised Version එකල සෙනඟ පිළිතුරු දෙමින්, “එන්න, අපි ජෙරමියාට විරුද්ධ ව උපා යොදමු; අපට අනුශාසනා කිරීමට පූජකයන් ද උපදෙස් දීමට ප්‍රඥාවන්තයන් ද පණිවුඩ ප්‍රකාශ කිරීමට දිවැසිවරුන් ද නිතර ම සිටිනු ඇත. ඒ නිසා ජෙරමියා කියන දේට සවන් නොදී ඔහුට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කරමු”යි කී හ. Sinhala New Revised Version 2018 එකල සෙනඟ පිළිතුරු දෙමින්, “එන්න, අපි ජෙරමියාට විරුද්ධ ව උපා යොදමු; අපට අනුශාසනා කිරීමට පූජකයන් ද උපදෙස් දීමට ප්‍රඥාවන්තයන් ද පණිවුඩ ප්‍රකාශ කිරීමට දිවැසිවරුන් ද නිතර ම සිටිනු ඇත. ඒ නිසා ජෙරමියා කියන දේට සවන් නොදී ඔහුට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කරමු”යි කී හ. Sinhala Revised Old Version එකල ඔව්හු කථාකොට: එන්න, අපි යෙරෙමියාට විරුද්ධව උපා යොදමු; මක්නිසාද පූජකයාගෙන් ව්‍යවස්ථාවවත් ප්‍රඥාවන්තයාගෙන් මන්ත්‍රණයවත් අනාගතවක්තෘගෙන් වචනයක්වත් නැතිව නොයන්නේය. එන්න, අපි ඔහුට දිවෙන් පහරදී, ඔහුගේ කිසිම වචනයකට ඇහුම්කන් නොදී සිටිමුයයි කීවෝය. |
අහිතොපෙල් කුමන්ත්‍රණ කාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත්, “අහෝ සමිඳුනි, අහිතොපෙල්ගේ මන්ත්‍රණය අනුවණකමක් බවට හැරෙවුව මැනවැ”යි කී ය.
අබ්සලොම් ද සියලු ඉශ්රායෙල් සෙනඟ ද, “අහිතොපෙල්ගේ අවවාදයට වඩා අර්කීය ජාතික හූෂයිගේ අවවාදය හොඳ ය”යි කී හ. සමිඳාණන් වහන්සේ අබ්සලොම් පිට විනාශය පමුණුවන පිණිස, අහිතොපෙල්ගේ හොඳ අවවාදය නිෂ්ප්‍රභා කරන්නට නියම කර තිබුණේ ය.
එවිට කෙනානාගේ පුත් ශෙදෙකියා ළං වී මීකායාගේ කම්මුලට ගසා, “සමිඳාණන් වහන්සේගේ ආත්මය ඔබට කතා කරන්නට මා කෙරෙන් ගියේ කොයි මාර්ගයෙන් දැ”යි ඇසී ය.
ඔව්හු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ දී ඔහුට ගල් ගැසුවෝ ය.
දවස පුරා නිතර ම දුෂ්ට සිතුවිලි සිතන්නේ මන් ද? ඔබේ දිව මුවහත් දැළි පිහියක් බඳු ය; ඔබ කපටිකමට රුසියෙක් වන්නෙහි ය.
මිනිසුන් කන සිංහයන් වැනි රුපුන් මැද මම වැතිර සිටින්නෙමි. උන්ගේ දත් හෙල්ල හා ඊගස් වැන්න; උන්ගේ දිව් මුවහත් අසිපත් වැන්න.
ඔහු දුෂ්ට උපා යොදයි; බොරුවෙන් දුප්පත් අය විනාශ කරන්නත්, ඒ අයගේ අයිතිවාසිකම් ඔවුන්ගෙන් වළක්වන්නත් ඔහු උපා යොදයි.
නුඹට විරුද්ධ ව ඔව්හු සටන් කරන්නෝ ය. එහෙත්, නුඹ පරාජය කරන්නට ඔවුන්ට නොහැකි ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”
මම, මරණයට ගෙනයන හීලෑ බැටළු පැටවෙකු මෙන් සිටියෙමි; ‘අපි පල සමඟ ගස සිඳදමන ලෙස ඔහුගේ නම තවත් ඉතිරි නොවන පිණිස ජීවත් ව සිටින්නන්ගේ දේශයෙන් ඔහු නැති කර දමමු’යි ඔවුන් මට විරුද්ධ ව උපා යෙදූ බව මම නොදැන සිටියෙමි.
එබැවින් නුඹ ජුදා ජනයාටත්, ජෙරුසලම් වැසියන්ටත් කතා කොට, මා ඔවුන්ට විරුද්ධ ව යම් යම් යෝජනා කරන බවත්, ඔවුන්ට දඬුවම් කරන්නට යන බවත් කියන්න. ඔවුන්ගේ පාප මාර්ගයෙන් හැරී එන්න කියා ඔවුන්ට කියන්න. ඔවුන්ගේ හැසිරීම ද ක්‍රියා මාර්ගය ද ඔවුන්ට කියන්න.
එවිට ජෙරමියා සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය: “සමිඳුනි, මාගේ සතුරන්ට විරුද්ධ ව කියන දේට සවන් දෙන්න. මාගේ පැමිණිල්ල අසන්න;
පූජකයෝ, ‘සමිඳාණන් වහන්සේ කොහි දැ’යි කිසි විටක නොඇසූ හ. ව්‍යවස්ථාව සම්බන්ධ කටයුතුවල යෙදී සිටින්නෝ මා නොහැඳින සිටියෝ ය. පාලකයෝ ද මට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. දිවැසිවරු බාල්ගේ නමින් කතා කරමින් වැඩක් නැති දේව රූපවලට නමස්කාර කළහ.”
කසුකුසුව මට ඇසේ, අවට ඇත්තේ භීතියකි; ‘අපි ඔහු ප්‍රතික්ෂේප කරමු. ප්‍රතික්ෂේප කරමු’ කියා මාගේ හිත මිතුරෝ පවා කියති. මාගේ වැටීම ද ඔව්හු බලා සිටිති. ‘සමහර විට ඔහු රැවටෙනු ඇත; එවිට ඔහු පරාජය කොට ඔහුගෙන් පළිගන්නට අපට පුළුවනැ’යි ඔව්හු කියති.
එවිට පූජකයෝ ද දිවැසිවරු ද අධිපතීන්ටත්, මුළු සෙනඟටත් කතා කොට, “මේ මිනිසා මරණීය තීන්දුව ලැබිය යුතු ය. මන්ද, ඔබ හැමගේ කන්වලින් ඔබ ඇසූ පරිදි මොහු මේ නගරයට විරුද්ධ ව දිවැස් වැකි කීවේ ය”යි කී හ.
ඔහු බෙන්ජමින් දේශයේ දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත් ෂෙලෙමියාගේ පුත් වන ඉරියා නම් මුරපළේ මුලාදෑනියෙක් එහි සිටියේ ය. ඔහු දිවැසිවර ජෙරමියා අල්ලාගෙන, “ඔබ බබිලෝනිවරුන්ට එකතු වන්නට යන්නෙහි ය”යි කී ය.
එකල හෝෂායාගේ පුත් අසරියා ද කාරේයාගේ පුත් ජොහානාන් ද උඩඟු වූ අනෙක් සියලු මනුෂ්‍යයෝ ද ජෙරමියාට කතා කොට, “ඔබ බොරු කියන්නෙහි ය. මිසරයෙහි ජීවත් වන්නට එහි නොයන්නැ යි කියන පිණිස අපේ දෙවි ස්වාමීන් වහන්සේ අප වෙත ඔබ එව්වේ නැත.
අප ගත් තීරණය ලෙස ම, අප ද අපේ පියවරුන් ද අපේ රජවරුන් ද අපේ අධිපතීන් ද ජුදා නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් කළාක් මෙන්, අපි ‘අහස් රැජින’ නම් දේවතාවියට සුවඳ දුම් ඔප්පු කොට, ඈට පානීය පූජාවන් පුද කරන්නෙමු. මන්ද, ඒ කාලයේ අපි ආහාර බහුල ව ලබාගත්තෙමු. කිසි විපතක් නැති ව සැපසේ සිටියෙමු.
‘අපි ප්‍රඥාවන්තයෝ ය; සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අප වෙත ඇත්තේ ය’යි නුඹලා කියන්නේ කොහොම ද? බලන්න, වංක විනයධරයන් ව්‍යවස්ථාව බොරු කර ඇත.
විපත පිට විපත ද අසුබ ආරංචියක් පිට අසුබ ආරංචියක් ද පැමිණෙන්නේ ය; ඔවුන් දිවැසිවරුන්ගේ දර්ශනයක් සොයනු ඇත; එහෙත්, පූජකයන්ගෙන් ව්‍යවස්ථාව ද ප්‍රජා මූලිකයන්ගෙන් අවවාද ද පහවන්නේ ය.
තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් ඉශ්රායෙල් ජනයාට වදාළ සියලු ම නීති නියෝග නුඹ ඔවුන්ට ඉගැන්විය යුතු ය”යි වදාළ සේක.
නුඹලා සෙනඟ රැවටූ නිසා, නුඹලාට මින්පසු දර්ශන නැති රාත්‍රියක් එනු ඇත. අනාවැකි කීමක් නැති අන්ධකාරයක් වනු ඇත. නුඹලා කෙරෙහි ඉර බැස යනු ඇත. දාවල් කාලය කළුවර වනු ඇත.
බොරු දිවැසිවරයා ලජ්ජාවෙන් ද පේන කියන්නා වියවුලෙන් ද මුහුණ වසාගත්තේ ය; ඔවුන් බලාපොරොත්තු වන පිළිතුර දෙවියන් වහන්සේගෙන් නොලැබෙන නිසා ඔව්හු කටවල් වසාගන්නෝ ය.
දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍ය ඥානය දීම හා ඉගැන්වීම පූජකයන්ගේ යුතුකම් ය. ඔවුන් සියලු බලැති සමිඳාණන් වහන්සේගේ දූතයන් වන බැවින් මාගේ කැමැත්ත පිළිබඳ ව ඉගෙනගැනීම සඳහා සෙනඟ ඔවුන් වෙත යා යුතු ය.
විනයධරයන්ගෙන් එක් තැනැත්තෙක් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඔබ මෙසේ කීමෙන් අපටත් අපහාසයක්, කරන සේකැ”යි කී ය.
උන් වහන්සේ සමඟ සිටි පරිසිවරුන්ගෙන් ඇතැමෙක් එය අසා, “අපිත් අන්ධයෝ දැ?”යි උන් වහන්සේගෙන් ඇසූ හ.