Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 11:19 - Sinhala New Revised Version

19 මම, මරණයට ගෙනයන හීලෑ බැටළු පැටවෙකු මෙන් සිටියෙමි; ‘අපි පල සමඟ ගස සිඳදමන ලෙස ඔහුගේ නම තවත් ඉතිරි නොවන පිණිස ජීවත් ව සිටින්නන්ගේ දේශයෙන් ඔහු නැති කර දමමු’යි ඔවුන් මට විරුද්ධ ව උපා යෙදූ බව මම නොදැන සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 මම, මරණයට ගෙනයන හීලෑ බැටළු පැටවෙකු මෙන් සිටියෙමි; ‘අපි පල සමඟ ගස සිඳදමන ලෙස ඔහුගේ නම තවත් ඉතිරි නොවන පිණිස ජීවත් ව සිටින්නන්ගේ දේශයෙන් ඔහු නැති කර දමමු’යි ඔවුන් මට විරුද්ධ ව උපා යෙදූ බව මම නොදැන සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 නුමුත් මම මරණයට ගෙනයන හීලෑ බැටළුපැටවෙකු මෙන් සිටියෙමි. අපි ගහද එහි ඵලද නාස්තිකොට, ඔහුගේ නම තවත් සිහි නොවෙන පිණිස, ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් ඔහු සිඳදමමුයයි කියා ඔවුන් මට විරුද්ධව උපායෙදූ බව නොදැන සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 11:19
28 හුවමාරු යොමු  

කසුකුසුව මට ඇසේ, අවට ඇත්තේ භීතියකි; ‘අපි ඔහු ප්‍රතික්ෂේප කරමු. ප්‍රතික්ෂේප කරමු’ කියා මාගේ හිත මිතුරෝ පවා කියති. මාගේ වැටීම ද ඔව්හු බලා සිටිති. ‘සමහර විට ඔහු රැවටෙනු ඇත; එවිට ඔහු පරාජය කොට ඔහුගෙන් පළිගන්නට අපට පුළුවනැ’යි ඔව්හු කියති.


එකල සෙනඟ පිළිතුරු දෙමින්, “එන්න, අපි ජෙරමියාට විරුද්ධ ව උපා යොදමු; අපට අනුශාසනා කිරීමට පූජකයන් ද උපදෙස් දීමට ප්‍රඥාවන්තයන් ද පණිවුඩ ප්‍රකාශ කිරීමට දිවැසිවරුන් ද නිතර ම සිටිනු ඇත. ඒ නිසා ජෙරමියා කියන දේට සවන් නොදී ඔහුට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කරමු”යි කී හ.


ඔව්හු කතා කොට, “එන්න, ඉශ්රායෙල් නාමය මින් මතු සිහි නොවන පිණිස ඒ මුළු ජාතිය ම වනසාලමු”යි කියන්නෝ ය.


බොහෝ දෙනෙකුගේ කෙලෙසුම් බස් මට ඇසේ; මා අවට භීතිය ඇත. මිනිස්සු මට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට මාගේ දිවි නසාලීමට උපා යොදති.


ප්‍රඥාව මිනිසුන් අතර සම්බ වන්නේ නැත; කිසිවෙක් එහි අගය නොදනිති.


“ජීවතුන් අතර සමිඳුන්ගේ යහපත්කම මට දක්නට ලැබේ ය”යි මම විශ්වාස කරමි.


ගාද්ගේ ගෝත්‍රයෙන් දෙවුයෙල්ගේ පුත් එලියාසාප් ය.


ජීවතුන් සිටින මේ ලෝකයේ සමිඳුන් වත්, අන්කිසි දිවි ඇත්තෙකු වත් කිසි කලක දකින්න මට නොලැබේ ය කියා මම සිතුවෙමි.


ඔහු දුෂ්ට උපා යොදයි; බොරුවෙන් දුප්පත් අය විනාශ කරන්නත්, ඒ අයගේ අයිතිවාසිකම් ඔවුන්ගෙන් වළක්වන්නත් ඔහු උපා යොදයි.


දැහැමි දනා සැමරීම වාසනාවකි; එහෙත් දුදනන්ගේ නාමය පිළිකුලකි.


එකෙණෙහි ම ඔහු, ඝාතනයට ගෙන යන ගොනෙකු මෙන් ද මලපුඩුවට දුවන මුවෙකු මෙන් ද


එසේ හෙයින්, මම ජීවතුන් අතර සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි.


ඔහුගෙන් පැවත එන්නෝ වැනසී යත් වා! මීළඟ පරම්පරාවේ දී ඔවුන්ගේ නම මැකී යේ වා!


සති හැටදෙකකට පසු අභිෂේක ලත් අධිපතියා සිඳදමනු ලබන්නේ ය. ඔහුගේ තැන ගන්නට කිසිවෙක් නොවන්නේ ය. ආක්‍රමණය කරන අධිපතියා සහ ඔහුගේ පිරිස නුවර සහ ශුද්ධස්ථානය විනාශ කරදමන්නෝ ය. එය ජල ගැල්මකින් මෙන් කෙළවර වන්නේ ය. අවසානය දක්වා ම යුද්ධ පවතින්නේ ය. දරුණු දුක නියම වී ඇත.


සමිඳුනි, මම ඔබට මොරගැසීමි: ඔබ මාගේ රක්ෂා ස්ථානය වන සේක. මේ ජීවිතේ දී මාගේ උරුමය ඔබ පමණක් ය.


මන්ද, දැහැමියා කිසි කලෙකත් නොපැකිළෙන්නේ ය. ඔහු සදහට ම සිහිකරනු ලබන්නේ ය.


දෙවිඳාණෝ ඔබ සදහට ම නසා, වනසාදමන සේක; එතුමාණෝ ඔබ කූඩාරම්වලින් ඇද දමා, ජීවතුන් අතරෙන් ඔබ උදුරාදමන සේක.


එහෙත්, මා විපතට වැටුණු දිනේ ඔව්හු මා අවටින් රැස් කකා ප්‍රීති වූ හ. මා නොදත් දුදනෝ නොනැවතී මට නිගා කළහ.


මුළු සෙනඟට කියන්නට සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල ජෙරමියා කියා නිම කළ විට, පූජකයෝ ද දිවැසිවරු ද මුළු සෙනඟ ද ඔහු අල්ලාගෙන, “ඔබ මරණයට පත් කළ යුතු ය.


ඔවුන්ගේ සියලු ම පළිගැනීම් සහ මට විරුද්ධ ව තිබෙන ඔවුන්ගේ සියලු උපා ඔබ දුටු සේක.


“එහි ඒලාම් සහ ඇගේ මිනී වළ වටකර ඇගේ මුළු හමුදාව සිටිති. ඔව්හු සියල්ලෝ ම කඩු පහරින් වැටී මැරුම් කෑහ. ජීවත්වූවන්ගේ දේශයෙහි භීතිය ඉපදවූ ඔව්හු අචර්මඡේදිත ව පොළොවේ පාතාල තැන්වලට බැස ගියෝ ය. ඔව්හු ද වළ පල්ලට යන අය සමඟ තමන්ගේ නින්දාව දරා සිටිති.


දැහැමියාගේ නිවස වටා නපුරෙකු මෙන් සැඟවී නොසිටින්න; ඔහුගේ වස්තුව කොල්ල නොකන්න.


නුඹට විරුද්ධ ව ඔව්හු සටන් කරන්නෝ ය. එහෙත්, නුඹ පරාජය කරන්නට ඔවුන්ට නොහැකි ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”


දිවැසිවරයෙකු වශයෙන් ඔහු මා එවා ඇත්තේ සමිඳාණන් වහන්සේගේ සෙනඟ වන එප්‍රායිම්ට තදින් අවවාද කිරීමට ය. එහෙත්, පක්ෂි වැද්දා යන යන තැන පක්ෂියෙකු මලපතකට අසු කරගන්න උත්සාහ කරන්නා සේ නුඹලා මා අසු කරන්නහු ය; දෙවියන් වහන්සේගේ මාලිගාවේ ම සතුරෝ වී සිටිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්