ඔව්හු දකුණතින් ද වමතින් ද ගල්විසි කරන්නත්, දුන්නෙන් ඊ ගස් විදින්නත් පුරුදු දුනුවායන් ව, බෙන්ජමින්ගේ වංශයට අයිති වූ සාවුල්ගේ සහෝදරයන් ව සිටියෝ ය.
ගීතාවලිය 78:9 - Sinhala New Revised Version එප්‍රායිම්ගේ පරපුර දුනුවායෝ වූ හ. ඔව්හු සටන් දිනේ දී පසුපස හැරී පලා ගියෝ ය. Sinhala New Revised Version 2018 එප්‍රායිම්ගේ පරපුර දුනුවායෝ වූ හ. ඔව්හු සටන් දිනේ දී පසුපස හැරී පලා ගියෝ ය. Sinhala Revised Old Version යුද්ධයට සැරසී දුනු ගත් එප්‍රායිම් පුත්‍රයෝ සටන් දවසේදී පස්සට හැරුණෝය. |
ඔව්හු දකුණතින් ද වමතින් ද ගල්විසි කරන්නත්, දුන්නෙන් ඊ ගස් විදින්නත් පුරුදු දුනුවායන් ව, බෙන්ජමින්ගේ වංශයට අයිති වූ සාවුල්ගේ සහෝදරයන් ව සිටියෝ ය.
ඔව්හු ඔවුන්ගේ පියවරුන් මෙන් ආපසු හැරී යමින් විශ්වාසය කඩ කළෝ ය. ඇද වුණු දුන්නක් මෙන් ඔවුන්ගේ විශ්වාසය වක් විය.
ඔහු උත්තර දෙමින්, “ස්වාමීනි, ඔබ හා සමඟ හිරේ යාමට හා මරණයට වුව ද මම සූදානම් ව සිටිමි”යි උන් වහන්සේට කී ය.
එය දුටු විට ඉශ්රායෙල්වරු සටනේ දී ආපසු හැරුණෝ ය. බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට පහර දෙන්නට පටන්ගෙන, ඔවුන්ගෙන් තිස්දෙනෙකු පමණ මරා, “පළමු වන සටනේ දී මෙන් ම ඔවුන් සත්තකින් අපට පරාජය වනු ඇතැ”යි කීවෝ ය.
ඒබෙද්ගේ පුත් ගයල් කතා කොට, “අප විසින් අබිමෙලෙක්ට සේවය කරනු ලැබීමට ඔහු කවරෙක් ද? ෂෙකෙම් වැසියෝ කවුරු ද? අබිමෙලෙක් ජෙරුබ්බාල්ගේ පුත්‍රයා නොවේ ද? ඔහුගේ අධිපතියා ශෙබුල් නොවේ ද? අප ඔහුට සේවය කරන්නේ කුමට ද? ඔබේ ගෝත්‍රය පිහිටෙවු, ඔබේ පියා වූ හාමොර්ට පක්ෂපාත ව සිටින්න. එසේ නම්, අප ඔබට සේවය කළ යුත්තේ මන් ද?
පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කළහ. එවිට ඉශ්රායෙල් සෙනඟ පිලිස්තිවරුන් වෙතින් පලා ගොස් ගිල්බෝවා කන්දේ දී මැරුම් කා වැටුණෝ ය.
එවිට පිලිස්තිවරු සටන් කළහ. ඉශ්රායෙල්වරු පැරදී එක එකා තම තමාගේ කූඩාරම්වලට පලා ගියෝ ය. ඉමහත් ඝාතනයක් ඇති විය. ඉශ්රායෙල් හේවායෝ තිස්දාහක් මරනු ලැබූ හ.