Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 78:9 - Sinhala Revised Old Version

9 යුද්ධයට සැරසී දුනු ගත් එප්‍රායිම් පුත්‍රයෝ සටන් දවසේදී පස්සට හැරුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එප්‍රායිම්ගේ පරපුර දුනුවායෝ වූ හ. ඔව්හු සටන් දිනේ දී පසුපස හැරී පලා ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එප්‍රායිම්ගේ පරපුර දුනුවායෝ වූ හ. ඔව්හු සටන් දිනේ දී පසුපස හැරී පලා ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 78:9
10 හුවමාරු යොමු  

තමුන්ගේ පියවරුන් මෙන් ඔව්හු ආපසු හැරී ද්‍රෝහි ලෙස ක්‍රියාකළෝය. හොර දුන්නක් මෙන් වැරදි අතට හැරුණෝය.


පිලිස්තිවරු වනාහි ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කළෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගොස්, ගිල්බෝවා කන්දේදී මැරුම්කා වැටුණෝය.


පිලිස්තිවරු සටන්කළෝය, එවිට ඉශ්‍රායෙල්වරු පැරදී එක එකා තම තමාගේ කූඩාරමට පලාගියෝය. ඉතා මහත් නාස්තියක් සිදුවිය; ඉශ්‍රායෙල්වරුන්ගෙන් පාබළ සෙනඟ තිස්දාහක් වැටුණෝය.


ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ සටනේදී හැරුණෝය, බෙන්යමින්වරු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට පහරදෙන්ට පටන්ගෙන, ඔවුන්ගෙන් තිස්දෙනෙක් පමණ මරා: පළමුවෙනි සටනේදී මෙන්ම ඔවුන් සත්තකින් අපට පරාජයවෙනවායයි කීවෝය.


එබෙද්ගේ පුත්‍රවූ ගයල් කථාකොට: අප විසින් සේවයකිරීමට අබිමෙලෙක් කවුද? ෂෙකෙම් කවුද? ඔහු යෙරුබ්බාල්ගේ පුතා නොවේද? ඔහුගේ අධිපතියා ශෙබූල් නොවේද? නුඹලා ෂෙකෙම්ගේ පියවූ හාමොර්ගේ මිනිසුන්ට මෙහෙකරන්න. නුමුත් අපි කුමක් පිණිස ඔහුට මෙහෙකරමුද?


ඔව්හු දකුණතින්ද වමතින්ද ගල් විසිකරන්ටත් දුන්නෙන් ඊගස් විදින්ටත් පුරුදු දුනුවායෝව, බෙන්යමින්හි සාවුල්ගේ සහෝදරයෝව සිටියෝය.


ඔහුද: ස්වාමීනි, ඔබ සමඟ හිරගෙටත් මරණයටත් යන්ට සූදානම්ව සිටිමියි උන්වහන්සේට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්