ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇතුළට ගෙනවුත්, දාවිත් ඊට පිහිටුවා තිබුණු කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි, එය තැබූ හ. දාවිත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කෙළේ ය.
ගීතාවලිය 78:67 - Sinhala New Revised Version එතුමාණෝ ජෝසෙප්ගේ පරපුර අත්හළ සේක; එප්‍රායිම්ගේ වංශය තෝරා නොගත් සේක. Sinhala New Revised Version 2018 එතුමාණෝ ජෝසෙප්ගේ පරපුර අත්හළ සේක; එප්‍රායිම්ගේ වංශය තෝරා නොගත් සේක. Sinhala Revised Old Version උන්වහන්සේ යෝසෙප්ගේ කූඩාරම එපාකළසේක, එප්‍රායිම් ගෝත්‍රය තෝරා නොගත්සේක; |
ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇතුළට ගෙනවුත්, දාවිත් ඊට පිහිටුවා තිබුණු කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි, එය තැබූ හ. දාවිත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කෙළේ ය.
දාවිත් නැඟිට තමා සමඟ සිටි මුළු සෙනඟ කැටුව යනුයේ, කෙරුබ්වරුන් පිට සිහසුන් අරා සිටින සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නාමය දරන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ජුදාහි බායාලේට ගියේ ය.
ඔව්හු කිරියත්-ජෙයාරීම්හි වැසියන් වෙත දූතයන් අත පණිවුඩයක් යවමින්, “පිලිස්තිවරුන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ආපසු එවා තිබේ; අවුත් එය ගෙන යන්නැ”යි කී හ.