ගීතාවලිය 78:64 - Sinhala New Revised Version ඔවුන්ගේ පූජකවරු කඩුවෙන් නැසුණෝ ය. ඔවුන්ගේ වැන්දඹුවෝ ශෝක ගීත ගායනා නොකළෝ ය. Sinhala New Revised Version 2018 ඔවුන්ගේ පූජකවරු කඩුවෙන් නැසුණෝ ය. ඔවුන්ගේ වැන්දඹුවෝ ශෝක ගීත ගායනා නොකළෝ ය. Sinhala Revised Old Version ඔවුන්ගේ පූජකයෝ කඩුවෙන් වැටුණෝය; ඔවුන්ගේ වැන්දඹුවෝ නොවැලපුණෝය. |
නුඹලාගේ ජටාව නුඹලාගේ හිස්වල ද නුඹලාගේ පා වහන් නුඹලාගේ පාදවල ද වන්නේ ය. නුඹලා විලාප කියන්නේ වත්, අඬන්නේ වත් නැත; නුඹලාගේ අයුතුකම්වලින් නුඹලා ක්ෂය වී ගොස්, එකිනෙකා දෙස බලා සුසුම්ලනු ඇත.
දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවත් ඔවුන් අතට අසු විණි. ඒලීගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි සහ පිනෙහාස් ද මැරුම්කෑහ.
පණිවුඩකාරයා උත්තර දෙමින් “ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගියහ. සෙනඟ අතරේ ඉමහත් ඝාතනයක් ඇති විය; ඔබේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි ද පිනෙහාස් ද මළහ. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද පැහැර ගනු ලැබී ය”යි කීවේ ය.
දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සතුරන් අතට අසු වූ නිසා ද ඇගේ මාමාත්, ස්වාමි පුරුෂයාත් මළ නිසා ද ඈ, “ඉශ්රායෙල් කෙරෙන් තේජස පහ ව ගියේ ය” කියා දරුවාට ‘ඊකාබොද්’ යන නම තැබුවා ය.
දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සතුරන් අතට අසු වූ හෙයින්, “ඉශ්රායෙල් කෙරෙන් තේජස පහ ව ගියේ ය”යි ඈ කීවා ය.